EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Prosecutor (2024) | අහිංසකයෙකු වෙනුවෙන් ලේ සොලවා සටන් වදින නීතිඥයා

“ද ප්‍රොසිකියුටර්” 2024 වසරේ නිකුත් කරපු ඇක්ෂන් ත්‍රිලර් චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඩොනී යෙන්. එයාම තමයි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නෙත්. ඒ වගේම ජුලියන් චෙයුන්, මයිකල් හුයි, ෆ්‍රැන්සිස් එන්ග් වගේ නළු නිළියොත් මේකේ රඟපානවා. 2016 වසරේ ඇත්තටම වුණු මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියක් පදනම් කරගෙන තමයි මේ කතාව ගොඩනඟලා තියෙන්නේ. 
 
 
ඩොනී යෙන් ගැන මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ… චීන මාර්ශල් ආට් ලෝකයේ අති දක්ෂ සටන් කලා ශිල්පියෙක් හැටියට ලොව පුරා ප්‍රසිද්ධ වූ මේ සුපිරි තරුව 1963 ජූලි මාසයේ චීනයේ උපත ලැබුවා. කුඩා කල සිටම ඔහු තම මව යටතේ තායි චි හා වූෂූ වැනි සටන් කලා ඉගෙන ගත්තා. ඒ වගේම පසුව විං චුන් කුං ෆු ඇතුළු තවත් සටන් කලා රාශියක් හැදෑරුවා.
 
ඩොනී යෙන්ගේ චිත්‍රපට ගමන 80 දශකයේ ආරම්භ වුණත්, ජාත්‍යන්තර වශයෙන් ඔහුව හොඳින් හඳුනාගත්තේ  “ඉප් මෑන්” චිත්‍රපට මාලාව නිසා. ඔහුගේ ජනප්‍රියම විදේශ චිත්‍රපට අතර:
 
1. “Ip Man” චිත්‍රපට මාලාව (2008-2019) – විං චුන් මාස්ටර් ඉප් මෑන්ගේ චරිතය රඟපාමින් චීන සටන් කලා හා ජාතික අභිමානය ගැන ලෝකයා හමුවේ තැබූ කතාවක්2. “Rogue One: A Star Wars Story” (2016) – ඔහු චිරුට් ඉම්වේ (Chirrut Îmwe) නමින් අන්ධ සටන් කලා ශිල්පියෙකුගේ චරිතයක් රඟපෑවා3. “XXX: Return of Xander Cage” (2017) – විලන් චරිතයක් රඟපෑවා

4. “Mulan” (2020) – ඩිස්නිගේ ලයිව් ඇක්ෂන් චිත්‍රපටයේ කමාන්ඩර් තුන්ග්ගේ චරිතය රඟදැක්වූවා

5. “John Wick: Chapter 4″ (2023) – කයෙන් වගේ සුපිරි අපරාධකරුවෙකුගේ චරිතයක් ලෙස කීනු රීව්ස් සමඟ රඟපෑවා

මේ හැරුණුකොට ඩොනී යෙන් චීන හා හොංකොං සිනමාවේ චිත්‍රපට රාශියක රඟපෑවා. තමන්ගේම ප්‍රොඩක්ෂන් සමාගමක් හරහා චිත්‍රපට නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන ඔහු වයස 61 වෙද්දිත් සටන් දර්ශන වල හැකියාව පෙන්වමින් තවමත් සිනමාවේ ක්‍රියාශීලීව සිටිනවා.
 
 

කතාව තියෙන්නේ පොලිස් පරීක්ෂකයෙක් විදිහට ඉඳලා පසුව රජයේ නීතිඥයෙක් වුණු පුද්ගලයෙක් ගැන (ඩොනී යෙන් රඟපාන චරිතය). මේ නීතිඥයා උත්සාහ කරනවා වැරදි විදිහට වරදකරුවෙක් කරපු තරුණයෙක් (මේසන් ෆන්ග්) නිදහස් කරගන්න. මේ තරුණයා පැටලිලා ඉන්නේ උගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් (ජුලියන් චෙයුන්) විසින් මෙහෙයවන අපරාධ කල්ලියක.

මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ චීනයේ සුප්‍රීම් පීපල්ස් ප්‍රොකියුරේටරේට් එකයි, හොංකොං වල මැන්ඩරින් මෝෂන් පික්චර්ස් සහ චීනයේ ෂැන්හයි හුවේස් ෆිල්ම් සමාගම් එකතු වෙලා. මුලින්ම මේක නීතිමය නාට්‍යයක් විදිහට තමයි හිතාගෙන හිටියේ. එඩ්මන්ඩ් වොන්ග් කොවිඩ් වසංගතය කාලේ තමයි තිර රචනය ලියන්න පටන් ගත්තේ. 2023 දී සහ නිෂ්පාදක රේමන්ඩ් වොන්ග් ප්‍රධාන චරිතය සඳහා ඩොනී යෙන්ව සම්බන්ධ කර ගත්තා. එතැනදී මේක ඇක්ෂන් සහ නීතිමය ත්‍රිලර් දෙකම මිශ්‍ර කළ චිත්‍රපටයක් බවට පරිවර්තනය වුණා. 2023 මැයි මාසයේ නිෂ්පාදන කටයුතු පටන් අරගෙන 2023 ඔක්තෝබර් සිට 2024 පෙබරවාරි දක්වා හොංකොං වල චිත්‍රපටය රූගත කළා. ජපන් ඇක්ෂන් නිර්මාණ ශිල්පී තකහිතෝ ඔවුචි තමයි මේකේ සටන් දර්ශන අධ්‍යක්ෂණය කළේ.

චිත්‍රපටය හොංකොං වල තියටර් වලට ආවේ 2024 දෙසැම්බර් 21 වැනිදා. චීනයේ නම් දෙසැම්බර් 27 වැනිදා. 43 වෙනි හොංකොං ෆිල්ම් සම්මාන උළෙලේදී මේ චිත්‍රපටය නාමයෝජනා තුනක් දිනා ගත්තා. විචාරකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා – විශේෂයෙන්ම ඇක්ෂන් දර්ශන, අලුත් විදිහට චිත්‍රපට ශෛලීන් මිශ්‍ර කිරීම, සහ ඩොනී යෙන් හා මයිකල් හුයි වගේ අයගේ රංගනය ගැන ප්‍රශංසා ලැබුණා. හැබැයි තිර රචනය ගැන සහ හොංකොං වල යුක්තිය පිළිබඳ ප්‍රශ්න ගැඹුරින් නොගෙන යාම ගැන විවේචන එල්ල වුණා. කොහොම වුණත් මේ චිත්‍රපටය 2024 වසරේ හොංකොං වල වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට අතර පස්වෙනි තැනට ආවා.

Comments

April 23, 2025

❤️👍