EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Protector 2 (2013) | Tom Yum Goong 2 | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Prachya Pinkaew
Cast
Go Full Cast PageThe Protector 2 | Tom Yum Goong 2 (2013) | ඇතෙක් වෙනුවෙන් දිවි පරදුවට..
පළමු වතාවට මම හින්දි සහ ඉංග්‍රීසි බාශා දෙකෙන් පිට චිත්‍රපටයකට උපසිරැසි ගැන්වීමක් කළා. හැබැයි ඒක එසේ මෙසේ ලෙහෙසි පහසු එකක් නම් නෙමෙයි. මේක තායිලන්ත චිත්‍රපටයක්. හැමෝම දන්නවා ඇතිනේ ටෝනි ජා ගැන. දක්ෂ තායි සටන් ශිල්පියෙක් තවත් දන්නේ නැතිනම් මතකද මෙන්න මේ චිත්‍රපටි කියලා බලන්න.
Ong-Bak (2003)
Ong-Bak 2(2008)
Ong-Bak 3(2010)
The Protector(Tom yum goong) (2005)
The Bodyguard (2004)
The Bodyguard 2 (2007)
මේ කියපු චිත්‍රපට වල ප්‍රධාන සටන් ශිල්පියා තමයි ටෝනි ජා කියන්නේ. ඒ වගේම ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වන Fast & Furious හී මීළඟ කොටස හෙවත් හත්වැන්නේදීත් මොහුව දැක ගන්න හැකි වේවි. මේ පුද්ගලයා තායිලන්තයේ බැංකොක් වලට 400Km ක් දුර සූරීන් නමැති ඉතාමත් ගැමි ප්‍රදේශයක ගොවි පවුලකින් පැවත එන්නෙක්. බෘස් ලී සහ ජැකී චෑන් වැනි සටන් ශිල්පීන් අනුගමනය කරමින් සටන් කලාව ප්‍රගුණ කල මොහු අද ලෝකයේ සිටින ජනප්‍රිය සහ දක්ෂ සටන් චිත්‍රපට නළුවෙක් වී හමාරයි. ඉතින් දැන් නළුවා ගැන කිව්වා ඇති මොකද මෙයා ගැන නොදන්න කෙනෙක් ඉන්නවා නම් එයා අද ඉපදුන කෙනෙක් වෙන්න ඕනේ. 😉
මේ චිත්‍රපටයේ පළමු වැන්න 2005දි තිරගත උනේ. ඒ කතාව සම්බන්ධ කරගෙන මේ චිත්‍රපටයත් නිර්මාණය වී තිබෙන්නේ. කලින් කතාවේ මෙහි ප්‍රධාන නළුවා වන ටෝනි රඟ දැක්වුයේ “කාම්” නමැති ඇත්ගොව්වෙක්ගේ චරිතය. ඇත්තටම ඔහු ඒ ඇතුන් තමන්ගේ සහෝදරයෝ වගේ රැක බලා ගත්තා. තායිලන්තය කියන්නේ ඇත්දළ දඩයම සරුවට කෙරීගෙන යන රටක්. ඉතින් එහි ගොදුරක් උනා කලින් කොටසේ මේ කාම් රැකබලා ගත් ඇතා සහ ඇයගේ පැටියා. ඔහුගෙන් පැහැරගත් ඇතුන් බේරගන්න ඔහු ඔස්ට්‍රේලියාව බලා පිටත් උනා. එහිදී සියලුම බාධක ජය අරන් නැවත ඒ ඇත්පැටියා තායිලන්තයට රැගෙන ආවා. අද කතාව ඒ ඇත්පැටියා සම්බන්ධවයි. වැඩේ කියන්නේ මේ සැරෙත් කාම්ගේ ඇතා පැහැරගැන්නවා. ඒ වෙනත් පරමාර්ථයකට. එකක් මේ ඇත්පැටියා සහ අනෙක කාම් කලින් ඕස්ට්‍රේලියාවේ කරපු පෙරළිය. ඉතින් මෙන්න ඔයාලට බාරයි කාම්ට මෙවර කවුරු සමඟ හැප්පෙන්න වෙයිද කියලා බලන්න. අමතක වෙනවා තව පොඩ්ඩෙන්. මේ චිත්‍රපටය තුල එක සටනක් තියෙනවා විනාඩි 12 කට වැඩිය දිගයි.




