CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
5407 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
The Reef: Stalked (2022) Sinhala Subtitles | බිහිසුණු මාරයාගේ ලුහුබැඳීම [සිංහල උපසිරසි]

The Reef: Stalked (2022) Sinhala Subtitles | බිහිසුණු මාරයාගේ ලුහුබැඳීම [සිංහල උපසිරසි]

Jul. 14, 2022Australia93 Min.
Your rating: 0
votes
It will find you.

(The Reef: Stalked (2022) Sinhala Sub , The Reef: Stalked (2022) Sinhala Subtitle ,The Reef: Stalked (2022) Sinhala Subtitles)

 

ඔන්න ඉතින් අදත් ආවා තවත් ෆිලුමක් අරගෙන. මේක මීට කලින් නිකුත් උන The Reef චිත්‍රපටයේ දෙවෙනි කොටස විදියට තමයි නිකුත් වෙන්නේ. නමුත් කතා දෙක අතර කිසිම සම්බන්ධයක් නෑ. කලින් ෆිල්ම් එක නොබලපු කෙනෙක්ට උනත් මේක බාධාවක් නැතුව නරඹන්න පුළුවන්. කලින් චිත්‍රපටයට පාදක උනේ 1983 වසරේ ඕස්ට්‍රේලියාවේදී රේ බවුන්ඩි, ඩෙනිස් මර්ෆි සහා ලින්ඩා මර්ෆි යන තිදෙනා මුහුන දුන සත්‍ය සිදුවීමක්. නමුත් නිර්මාණාත්මක අවශ්‍යතාවයන් නිසා සත්‍ය කතාවට වඩා චිත්‍රපටයේ කතාව ටිකක් වෙනස් කරලා තිබුනා. නමුත් මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන කතාවනම් සත්‍ය සිදුවීමක් නොවන බව තමයි දැනගන්න ලැබුනේ. චිත්‍රපටයේ කතාව ගැන මම මුකුත්ම කියන්නේ නෑ. විනෝදයට ඕස්ට්‍රේලියානු සාගරයේ කිමිදිමට යන යෙහෙළියන් කිහිපදෙනෙක්ට මෝරෙක් නිසා මුහුන දෙන්න වෙන ඇබැද්දි ඔයාලට නරඹන්න පුළුවන්.

සාගරයෙ වෙසෙන භයානකම විලෝපිකයෙක් විදියට මෝරා හඳුන්වන්න පුළුවන්. මම උපසිරසි ලබාදුන්න The Reef (2010) චිත්‍රපටයේ මෝරුන් ගැන මම ලියපු විස්තරාත්මක ලිපියක් තියෙනවා කැමති අය ඉන්නවනම් කියවලා බලන්න. මේ සත්වයාගේ බිහිසුණු බවට ලැබුන ප්‍රසිද්දිය නිසා මෝරුන් පාදක කරගෙන චිත්‍රපට විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතර ස්ටීවන් ස්පිල්බර්ග් මහත්මයගේ Jaws (1975) චිත්‍රපටය ඉහලින්ම තියෙන බව ඔයාලා දන්නවනේ. මේ වසරෙත් මෝරුන් සම්බන්ධ චිත්‍රපට කිහිපයක්ම නිකුත් උනත් ඒවා එතරම්ම සාර්ථක නිර්මාණ නෙමෙයි. මට අනුව ඒ අතරින් මේ අවුරුද්දේ නිකුත් උන තරමක් හෝ ගුණාත්මක චිත්‍රපටයක් වශයෙන් The Reef: Stalked හදුන්වන්න පුළුවන්. IMDb 4.1 අගයක්, ගූගල් මනාප 58%ක් ලබාගත්ත මේ චිත්‍රපටය ඕස්ට්‍රේලියාවේ තමයි රූගත කරලා තියෙන්නේ. ප්‍රධාන චරිත විදියට ඕස්ට්‍රේලියානු රංගන ශිල්පිනියන් හතර දෙනෙක් මේ නිර්මාණයට එකතු වෙලා තියෙනවා. Teressa Liane නික් ලෙසත්, Ann Truong ජෝඩි ලෙසත්, Kate Lister ලීසා ලෙසත්, Saskia Archer ඇනී ලෙසත් රංගනයෙන් දායක වෙනවා. එහෙනම් තවත් මුකුත් නොකිය ඔයාලට චිත්‍රපටිය රසවිඳින්න ඉඩ දෙන්නම්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුරාන් ධනුක (Baiscopelk) (N/A)
IMDb 4.1 /10 1,780 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Back to the Future Part 3 (1990) Sinhala Subtitles
Samadhana Pusthakam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Convert (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rock Dog (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Snowden (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Last Airbender (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bodies Bodies Bodies (2022) Sinhala Subtitles
Unit 262 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wages of Fear (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fast and the Furious (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stuart Little (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • sameera September 8, 2022 Reply

    fatta bro

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published