CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
971 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
The Sabarmati Report (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Sabarmati Report (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 14, 2024India123 Min.
Your rating: 0
9.2 9 votes
The Sabarmati Report (2024) | භීෂණයක සත්‍ය කතාවක්…

 

 

මිනිත්තු 123ක් පුරාවට දිවෙන මෙහි ප්‍රධාන කතාව ගොඩනඟා ඇත්තේ ජනමාධ්‍යයේ සහ දේශපාලනයේ හැසිරීම් වල තිත්ත යථාර්තයක් හෙළිදරව් කරමින්. ප්‍රවෘත්ති කියන්නේ මොකක්ද? සත්‍යය කියන්නේ මොකක්ද? ප්‍රවෘත්ති කියන්නේ සත්‍යයද? සත්‍යය යනු ප්‍රවෘත්තියකින් හුවාදක්වන සියල්ලම පමණක්මද? නැතිනම් ප්‍රවෘත්ති යනු ජනමාධ්‍යය විසින් කිසියම් දේශපාලනික හෝ ව්‍යාපාරිකමය අරමුණක් වෙනුවෙන් හෙළිදරව් කිරීමට තීරණය කරගත්, සත්‍යයෙන් තෝරා ගැනුණු කොටස් පමණක් යොදාගනිමින් නිර්මාණය කරන අසත්‍ය හෝ අර්ධ සත්‍ය ප්‍රබන්ධ කතා පමණක්ද? එම සත්‍යයෙන් ජනමාධ්‍යය විසින් හෙළි නොකරන්නට තීරණය කරන කොටස් ජනතාවගෙන් සදහටම වසන් වෙනවාද? The Sabarmati Report (2024) සිනමා පටය හරහා මේ ගැන ඔබට උද්වෙගකරව ගලා යන අපූරු කතාවක් තුලින් පෙන්වාවි. සමාජ මාධ්‍යය ඇතිවීමට පෙර යුගයේ ලෝකයේ බහුතරයක් දෙනා රට තොට වෙන දේ දැනගන්නේ ජනමාධ්‍යයෙන් සහ එමගින්ම පමණයි. මේ නිසා සත්‍යය යනු කුමක්ද යන්න නිර්වචනය කිරීමේ පරමාධිකාරය ජනමාධ්‍ය සතු වුණා. අදටත් බොහෝ දුරට එය එසේමයි.

මේ සිනමා නිර්මාණයට පාදක වෙන්නේ 2002 පෙබරවාරි 27 වැනිදා පෙරවරු 7:43ට පමණ අයෝධ්‍යාවේ සිට ආපසු එමින් තිබුණු සබර්මතී අධිවේගී දුම්රියේ මැදිරි දෙකක් (S6 හා S7) ගුජරාටයේ ගෝද්‍රා දුම්රිය ස්ථානය අසලදී ගිනි ගැනීමේ සිදුවීමයි.

 මේ දුම්රියේ හිටිය බහුතරය අයෝධ්‍යාවේ තිබුණු හින්දු ආගමික පූජාවකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි 1700කට අධික හින්දු බැතිමතුන් සහ කාර්සේවක්වරුන් (ස්වේච්ඡාවෙන් නොමිලයේ ආගමික සේවයේ නියැලෙන පිරිසක්) වුණා. මැදිරි දෙක තුළ සිරවුණු පුරුෂයන් 22 දෙනෙක්, කාන්තාවන් 27 දෙනෙක් සහ ළමුන් 10 දෙනෙක් ඇතුළුව සමස්තය 59 දෙනෙක් ගින්නෙන් පිළිස්සීම නිසා දුම්රිය තුළදීම මරණයට පත් වුණා. ඊට අමතරව තවත් 48 දෙනෙක් පිළිස්සුම් තුවාල ලැබුවා. කෙසේ වෙතත් මේ ගිණිගැනීමට හේතුව කුමක්ද යන්න දැඩි මතභේදයට තුඩුදෙන්නක් වුණා. මේ ගිණි ගැනීම අන්තවාදී මුස්ලිම් කල්ලියක් විසින් සිදුකළ ගිණි තැබීමක් බවට ප්‍රචාරය වීමත් සමඟ හින්දු ප්‍රජාව අතර නොසන්සුන්තාවයක් ඇතිවී මුස්ලිම්වරුන්ට එරෙහිව ගුජරාටයේ දැවැන්ත භීෂණයක් ඇති වුණා. එහිදී ඉන්දියානු ඉතිහාසයේ අඳුරු කාල පරිච්ඡේදයක් ලියවමින් විශාල දේපළ සහ ජීවිත හානියක් සිදු වුණා. නිල වාර්තා අනුව දින තුනක් තිස්සේ ගුජරාටයේ බටහිර ප්‍රදේශයේද, මාස තුනක් තිස්සේ අහමදාබාද් වලද පැතිර තිබුණු භීෂණ සමය නිමාවට පත් වුණේ ජීවිත 1044ක් අහිමි වී, 223 දෙනෙක් අතුරුදන් වී, 2500 දෙනෙක් තුවාල ලැබීමෙන් පසුවයි. මියගිය පිරිසෙන් 790ක් මුස්ලිම් ජනයා වූ අතර 254 දෙනෙක් හින්දු ජනතාව වුණා.

මේ ගිණි ගැනීමේ සිදුවීමෙන් පසුව වහාම ප්‍රාන්ත රජය විසින් පත් කරන ලද නානාවතී – මෙහෙතා කොමිසම, 2008 දී නිගමනය කළේ ගිනි තැබීම මුස්ලිම් මැර පිරිසක් විසින් කළින් සැලසුම් කර සිදු කරන ලද ගිනි තැබීමක් බවයි. එහෙත් ඊට වෙනස්ව, දුම්රිය අමාත්‍යාංශයේ එවකට දුම්රිය අමාත්‍ය ලාලු ප්‍රසාද් යාදව් විසින් 2004 දී පිහිටුවා තිබුණු ඒක සාමාජික මණ්ඩලයක් වන බැනර්ජි කොමිසම, 2006 වාර්තාවේ ගින්න අනතුරක් ලෙස තීරණය කරලා තිබුණා. ඉන්දියාවේ ක්‍රීයාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් විසින් කරන ලද ස්වාධීන පරීක්ෂණයක් ද ගින්න අනතුරක් බවට වූ න්‍යායට සහය පළ කරමින් නිගමන පළ කර තිබුණා. කෙසේවෙතත් ඉන්පසුව ගුජරාට් මහාධිකරණය විසින් බැනර්ජි කොමිසම පත් කිරීමද ව්‍යවස්ථා විරෝධී බව තීන්දු කරමින් එහි සියලු සොයාගැනීම් අවලංගු කරනු ලැබුවා. 2011 පෙබරවාරි මාසයේදී, නඩු විභාගයෙන් පසු අධිකරණය විසින් දුම්රිය ගිනි තැබීම සම්බන්ධයෙන් මුස්ලිම්වරුන් 31 දෙනෙකු වරදකරුවන් කළේ, නානාවතී-මෙහෙතා කොමිෂන් සභා වාර්තාව සාක්ෂි ලෙස පදනම් කරගනිමිනුයි. ඒ වගේම 2017 ඔක්තෝම්බර් මාසයේදී, ගුජරාට් මහාධිකරණය වරදකරුවන් තහවුරු කළා. පුරා වසර 15ක් මේ මහා අපරාධයේ සැබෑ අපරාධකරුවන් නීතියෙන් ගැලවෙමින් සිටි අතර සියලු සත්‍ය කරුණු දේශපාලන මැදිහත්වීම් මත ජනතාවගෙන් වසන් කර තැබුණේ, මෙකී මුස්ලිම්වරුන්ගේ ඡන්ද පදනම අහිමි කරගැනීමට එක්තරා දේශපාලකයන් පිරිසක් අකමැති වුණු නිසයි. මෙය විචාරකයන්ගේ මිශ්‍ර ප්‍රතිචාර වලට ලක් වුණා. කෙසේ වෙතත් The Sabarmati Report (2024) සිනමාපටය ඒක පාර්ශවිකව නිර්මාණය කර ඇති බවට චෝදනා කරන පිරිසක්ද සිටිනවා. එක් පිරිසකගේ ආකර්ෂණයටත් තවත් පිරිසකගේ වෛරයටත් පාත්‍ර වුණු මේ සිනමා නිර්මාණය දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නා.

මේ සිනමාපටයේ පසුබිම් දේශපාලන සත්‍ය කතාන්දරය ඔබ හමුවට ගෙන එන්නේ, කල්පිත චරිත කිහිපයක් හා බැඳුණු සිද්ධි දාමයක් ඇසුරින්. එහෙම නම් අපි සිනමාපටයේ කතාවට අවධානය යොමු කරමු. කතාව පටන් ගන්නේ 2002 අවුරුද්දෙන්. ඒ කාලේ සමර් කුමාර් (වික්‍රාන්ට් මැසේ) කියන්නේ දිල්ලියේ කැමරා ශිල්පියෙක්. ඔහු සිනමා ක්ෂේත්‍රය සම්බන්ධව EBT ප්‍රවෘත්ති නාළිකාව වෙනුවෙන් සේවය කරන හින්දි මාධ්‍යවේදියෙක් වුණා. මේ ප්‍රවෘත්ති නාලිකාවේ ප්‍රබල තරුවක් ලෙස කීර්තිය දිනාසිටි ජනමාධ්‍යවේදිනිය වුණේ මණිකා රාජ්පුරෝහිත්. (රිධි ඩෝග්‍රා) රට පුරාම මිලියන ගණනක් ප්‍රේක්ෂකයන් අතර ඇය නමක් දිනා සිටියා. 2002 පෙබරවාරි 27 වැනිදා ඇගේ ආයතනයේ ප්‍රධානියා වන රමන් තල්වාර් ඇයට දන්වන්නේ සබර්මතී අධිවේගී දුම්රියේ මැදිරි දෙකක් අලුයම ගෝද්‍රාහිදී ගිනි ගෙන ඇති බවයි. මණිකා සමර් සමඟ ගුජරාට් නගරයට හදිසියේ ගමන් කරන්නේ මේ පුවත වාර්තා කරන්නයි.

ඒ දෙන්නම විමර්ෂණය අතර ගෝද්‍රා ප්‍රදේශවාසීන් එක්ක කතා කරන අතර පෙබරවාරි 27 වැනිදා සිදු වුණු දෙය අනතුරක් නොවන බව ඔවුන්ට ඒත්තු යනවා. එහෙත්, මණිකාට ලැබුණු දුරකථන අමතුමකින් පසුව සිද්ධිය අනතුරක් බව මණිකා කැමරාව හමුවේ අවධාරණය කරනවා. ඒ එක්කම මේ සිදුවීම කළමනාකරණය කරගැනීමේ නොහැකියාව ගැන කියමින් ඇය ප්‍රාන්ත රජයට දොස් පවරනවා. සත්‍යය යටපත් කිරීම සම්බන්ධයෙන් සමර් විමතියටත් සැකයටත් පත්වෙනවා. ඔහු ස්වාධීනව ගෝද්‍රා හි සිවිල් රෝහලට ගොස් දිවි ගලවා ගත් අය සමඟ කතා කරනවා. ඔවුන් තහවුරු කරන්නේ කිසියම් පිරිසක් රැස්වී හිතාමතාම දුම්රිය මැදිරි ගිනි තැබූ බව. සමර් මෙම වීඩියෝ පට EBT ප්‍රවෘත්ති වෙත ඉදිරිපත් කළත්, මණිකාගේ වීඩියෝ පටය පමණක් ජනමාධ්‍යයේ විකාශනය වෙනවා. මේ ගැන කෝප වුණු සමර් කාර්යාලය ඉදිරිපිට රමන් සහ මණිකාට ප්‍රසිද්ධියේම දෝෂාරෝපණය කරනවා. ඒ එක්කම සමර් සේවයෙන් පහ කරනවා. ඒ විතරක් නෙවෙයි එහි කළමනාකාරිත්වය ඔහුට වෙනත් රැකියාවක් නොලැබෙන ලෙසට වගබලා ගන්නවා. මේ විධියට අවුරුදු පහක් ගෙවෙන්නේ සමර්ගේ ජීවිතය අඳුරෙන් අඳුරට ඇද දමන අතර මේ අපරාධයේ බිහිසුණු සත්‍යය වසන් කළ ප්‍රෝඩාකාරී මාධ්‍ය නාළිකාව තව තවත් දියුණුවේ ඉහළට නංවමින්. දිගටම ඒක එහෙමම වෙයිද?

2007 දී, අම්රිතා ගිල් (රාෂි ඛන්නා) ආධුනිකාවක ලෙස EBT නාලිකාවට සම්බන්ධ වෙනවා. ඇය මණිකා රාජ්පුරෝහිත් නම් දැවැන්ත ජනමාධ්‍ය තරුවගේ රසිකයෙක්. ගුජරාටයේ 2002 සිටි මහ ඇමතිවරයා නැවත තේරී පත් වන බව මණිකා සහ රාමන් තේරුම් ගන්නවත් එක්කම, ඒ රජය එක්ක තමන්ගේ එකඟත්වය පෙන්වීමේ සැලසුම්වල කොටසක් ලෙස, ගෝද්‍රා කථාංගය පිළිබඳ පසු විපරමක් අම්රිතා ලවා කරවන්න ඔවුන් තීරණය කරනවා. ලේඛනාගාරයේ පැරණි වීඩියෝපට සහ පුවත්පත් ලිපි ගවේෂණය කරන අතරතුර, අම්රිතාට සමර් විසින් පටිගත කළ රෝහලේ වීඩියෝ දර්ශන හමුවෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මණිකා විසින් පවත්වන ලද විමර්ශනයට එය පටහැනි බව ඇය තේරුම් ගන්නවා. දැන් කවුද ඇත්ත කියන්නේ? ඇය විමතියට පත්වෙනවා. ඇය සමර් හමුවීමට තීරණය කරනවා. ඒ එක්කම මේ දෙන්නා එකතු වෙලා සබර්මතී වාර්තාවේ වැඩ කරන්න පටන් ගන්නවා. මේ දෙන්නාගේ ගවේෂණයෙන් පස්සේ නිකුත් කරන මාධ්‍ය වාර්තාව කොහොම එකක් වෙයිද? ඒ අනාවරණය ගැන මණිකා සහ රමන් කුමක් සිදු කරනු ඇතිද? මේ ගවේෂණය අතරතුර අම්රිතා සහ සමර් මුහුණදෙන තර්ජන සහ අභියෝග හමුවේ ඔවුන් ක්‍රියාකරන අන්දම උද්වේගකර ලෙසින් කුතුහලයෙන් යුතුව බලන්න පුළුවන්. එහෙනම් චිත්‍රපටය බලලාම ඉතුරු ටික දැනගනිමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රබුද්ධ කේසර විතානගේ (Baiscopelk)
IMDb 6.5 /10 23,047 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Vikrant Massey isSamar Kumar
Samar Kumar
Raashii Khanna isAmrita Gill
Amrita Gill
Ridhi Dogra isManika Rajpurohit
Manika Rajpurohit
Nazneen Patni isMehrunisa
Mehrunisa

Similar titles

Khel Khel Mein (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
2037 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jagame Thandhiram (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Vault (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhadak (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Million Miles Away (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Great Indian Family (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kannai Nambathe (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Beekeeper (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
රුද්‍රන් (2023) සිංහල උපසිරැසි සමඟ
Border (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Logan (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published