CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1017 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
The Shadow Strays (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Shadow Strays (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 10, 2024Indonesia145 Min.
Your rating: 0
8.5 11 votes
The Shadow Strays (2024) | දඩබ්බර ෂැඩෝ ඝාතකයා - නොම්මර 13

 

ඔන්න ගායිස්, මාෂල් ආට් ඇක්ෂන් ෆිල්ම් බලන්න කැමති අයට මේ පාර අරගෙන ආවා “ටෝනි ජා ටයිප්” එකේ සුපිරි භාණ්ඩයක්. අනික මේකෙ 17 හැවිරිදි, නොම්මර 13 ලෙස ප්‍රධාන නිලි චරිතයට පණ පොවන Aurora Ribero පෙනුමෙනුත් ටෝනි ජා වගේමයි. ටෝනිගෙ නංගි කිව්වත් කවුරුවත් සැක කරන්නෙ නෑ. මුල සිට අග වෙනකල්ම නොනවතින සටන් රැල්ලකින් සමන්විත මේ ෆිලුම මඟහැර ගත්තොත් විශාල පාඩුවක්, බ්‍රෝ. Gun Fu, Martial Arts, Action, Crime, Thriller ෆිලුමක් වන මේ ඉන්දුනීසියන් නිර්මාණය Rotten Tomato මීටරයත් 91% දක්වා කරකවන්නට සමත්වෙලා තියෙනවා. ඒ තමයි Shadow Strays. මූලිකවම 2024 ටොරොන්ටෝ අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේදී, 2024 සැප්තැම්බර් 24 දින රිදී තිරය මත දිගහැරුනු අතර 2024 ඔක්තෝබර් 17 දින නෙට්ෆ්ලික්ස් හරහා ඩිජිටල් ලෝකයට එකතු වුනා. ඔයාලට මතක නම් 2018 ආපු The Night Comes for Us චිත්‍රපටය අධ්‍යක්ෂනය කල Timo Tjahjanto ගෙ වැඩක්. Aurora Ribero (නොම්මර 13 / නෝමි) සමග රංගනයෙන් එකතුවෙනවා Hana Malasan (උම්බ්‍රා), Taskya Namya (සොරියා), Andri Mashadi (ඒරියල්), Ali Fikri (මොන්ජි) සහ Kristo Immanuel (ජෙකී). ධාවන කාලය පැය 2 විනාඩි 24 යි.
                 රහසිගත ඝාතන සංවිධානයක සාමාජිකාවක් තමයි 17 හැවිරිදි, නොම්මර 13. එයාලට නම් නෑ. අංක තියෙන්නෙ. මොකද එයාලට අතීතය අමතක කරවල තියෙන්නෙ. අනුකම්පාවක් නැති ඝාතන මැෂින්. ජපානයේ කල මෙහෙයුමකදී සංවේදී වීම නිසා නොම්මර 13 අසාර්ථක වෙනවා. ඒ නිසා ඇයව නැවත මානසික පුහුණුවක් සඳහා ටික කාලයකට මෙහෙයුම් වලින් ඈත් කරල තියන්න, ඇගේ උපදේශිකාව වන ඒජන්ට් උම්බ්‍රා තීරණය කරනවා. ඉතින් ජාකර්තාවල ඇය ඒ විවේක කාලය ගත කරමින් සිටියදී, අසල නිවසක 11 හැවිරිදි පිරිමි ළමයෙක් වන මොන්ජි සමග මිතුරු වෙනවා. මොන්ජිගෙ තාත්තා නෑ. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුනු කෙනෙක් වන අම්මා, ජාකර්තාවල දරුණුම පාතාල සංවිධානයට සම්බන්ධයි. ඒ සංවිධානයේ ඉහලින්ම ඉන්නෙ හාගා (මිනිස් ජාවාරම්කාරයෙක්), ප්‍රස්ටියෝ (දූෂිත පොලිස් ලොක්කෙක් ) සහ ඒරියල් (ආණ්ඩුකාර අපේක්ෂකයෙකුගේ ධනවත් පුතෙක්). යම් හේතුවකට මෙයාලා මොන්ජිගෙ අම්මව මරනවා. අම්මට ගොඩක් ආදරේ කරන කුඩා මොන්ජි, අම්මගෙ පලිය ගන්න යනවා. ඊට පස්සෙ මොන්ජි අතුරුදහන්. අහම්බෙන් හඳුනගත්තත්, මොන්ජිට ලොකු සෙනෙහසක් දක්වන නොම්මර 13, අසරණ මොන්ජි සොයා බිහිසුනු ජාකර්තා පාතාලයට අඩිය තියනවා. ඊට පස්සෙ ඉතින් ඩාම්, ඩූම් තමයි.
      මේක ළමයින්ට නම් සුදුසු නෑ. චූටිම චූටි 18+ සීන් කෑල්ලක් දෙකක් තියෙනවා. අඩු තරමේ කිස් කරන එකක්වත් නෑ. අනික අමානුෂික දර්ශන තියෙනවා. 
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rasika Samanjith (Subzlk)
IMDb 6.5 /10 8,095 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

20 Days in Mariupol (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
2 Fast 2 Furious (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Appan (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Valentine (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eagle (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rani: The Real Story (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murattu Kaalai (1980) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rebel Moon – Part Two: The Scargiver (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Doctor (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bullet Proof (2022) Sinhala Subtitles
Alappuzha Gymkhana (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan January 19, 2025 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published