EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Sin (2024) | පාපය

 

කතාව ගැන කියනව නම් මේක පව් ගැන කියවෙන කතාවක්. පව කියන දේ කොච්චර භයානකද, ඒක නැති කරන්න කොයි තරම් අමාරුද කියල මේ කතාවෙන් අපිට බලාගන්න පුලුවන් වෙනවා. Dong Seok Han අධ්‍යක්ෂණය කරපු Dong Seok Han රචනය කරපු මේ චිත්‍රපටියට Kim Eun-Hye, Je Sangprak  වගේම Ji-Hoon රංගනයෙන් දායක වෙනවා. පැය 1යි විනාඩි 43ක් දිවෙන මේ කතාව 2024 අප්‍රේල් 3 වෙනිදා තමයි තිරගත වුනේ.

(කොරියානු සිනමාවේ නවතම සහ වඩාත් සිත්ගන්නා සුළු ප්‍රවණතාවක් වන්නේ “Seire” සහ “Fallen” වැනි මාතෘකා වඩාත් කැපී පෙනෙන නියැදි අතරට ඇතුළත් වන විද්‍යා ප්‍රබන්ධ සහ ත්‍රාසජනක චිත්‍රපටවල කලා ගෘහ සෞන්දර්යය සමඟ ප්‍රභේද පදනම ඒකාබද්ධ කිරීමයි. Han Dong-seok ද “The Sin” හි ඒ සමාන ප්‍රවේශයක් ක්‍රියාත්මක කරන අතර, එය පර්යේෂණාත්මක චිත්‍රපටයක් පිළිබඳ කතාවක් ලෙස ආරම්භ වී මුලුමනින්ම කලාත්මක සිනමා සෞන්දර්යය රඳවා තබා ගන්නා පූර්ණ-ත්‍රාසජනක නිර්මාණයක් බවට පත් වේ. – The Sin ගැන වෙබ් පිටුවක පලවූ සමාලෝචනයක් )

ඔයාලා මීට කලින් Seire බැලුවනෙ… එහෙනම් අද බලමු මේ කියනව වගේම The Sin කියන්නෙත් ඒ වගේ කතාවක්ද කියලා….

නැටුම් පාදක කරගත් Avant-garde කලාත්මක චිත්‍රපටයක් රූගත කරන්න ග්‍රාමීය අතහැර දැමූ පාසලකට එන නිෂ්පාදන කාර්ය මණ්ඩලයක් වගේම නළු නිළියෝ පලවෙනි දවසෙ ඉඳන්ම අද්භූත දේවල් වලට මුහුණ දෙනවා. මේක තවත් වැඩි වෙන්නෙ සහය නිලියක් ආවේශයකින් වගේ උඩු මහලෙන් බිමට පැන්නට පස්සෙයි. එහෙම පනින ඇය අත පය කැඩිල මරණයට පත් වුනත් මොහොතකින් ආයෙත් නැගිටිනවා.. ඊට පස්සෙ ඇති වෙන්නෙ කවුරුත් හිතපු නැති  තත්ත්වයක්.. ඒ මොකක්ද කියල දැන ගන්න නම් කතාව ඉවර වෙනකල්ම බලන්න…

Comments

November 8, 2024

❤️👍