CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
6666 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
The Sleeping Dictionary (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Sleeping Dictionary (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 31, 2003United Kingdom109 Min.
Your rating: 0
8.6 8 votes
The Sleeping Dictionary (2003) | ආදරයේ මහිමය!!!

ආදරයට කොහෙදෝ බාධා නැත්තේ…
ඔබ ළගදිම එනවාදෝ මේ පැත්තේ…
කලකින් නැහැ ඔබෙ සිනහව දැකගත්තේ…

මේ පද පෙළ ප්‍රේමකීර්ති ද අල්විස් ලියා ශ්‍රීමතී තිලකරත්න ගායනා කරන ගීයකින් උපුටා ගත්තක්. මම මේක මුල් කරගෙන මේ ලිපිය අරඹන්න හිතුවේ, පෙම්වතුන්ගේ හිතේ ‍රැ‍ඳෙන කතාවක් ගැන කියන්ඩ; නිර්මල ප්‍රේමය ගැන කියැවෙන කතාවක් ගැන කියන්ඩ; පෙම්වතුන්ගේ හිතේ තිබෙන නොඉවසිලි බලාපොරොත්තුව මේ තුළ සියුම්ව කැටිව තිබෙන නිසායි.

ඉතිං කවුරුහරි දෙදෙනෙක් කොහොමින් හරි එකිනෙකා වෙත ආකර්ශණය වෙලා, කෙමෙන් කෙමෙන් හිත් අස්සෙන් බැඳීමක් මෝදු වෙලා, අන්තිමේ ඒ ආදරේ අර පුන්සිරි සොයිසා කියන්නා වගේ බි‍ඳෙන බඳුනක්, බි‍ඳෙන බව දැන දැනත් බි‍ඳෙන්ඩ නොදී පරිස්සම් කරනවාටත් වඩා පරිස්සමකින් ‍රැක බලාගෙන වර්ධනය කරද්දී, කොතරම්නම් බාධා එනවා ඇත්ද? මේ එන බාධාවන් එකිනෙක අයවලුන්ට අනන්‍යයි, විශේෂයි. එහෙම වුණාට බොහෝ දෙනෙක් තමන්ගෙ ආදරේ ‍රැකගන්ඩ හටන් කරනවා ඒ බාධකවලට එරෙහිව. ඉතිං හැබෑ ආදරවන්තයෝ අන්තිමේ එක්කාසු වෙන සුබවාදී අවසානයක් ලැබෙන්නෙ එහෙමත් දෙනෙකුට. ඒකටනම් ලොකු අධිෂ්ඨානයක් වගේම වාසනාවකුත් තියෙන්ඩ ඕනි.

මෙහෙම ලියාගෙන ආවට, මේක ටිකක් වෙනස් කතාවක්. මොකද මේක යටත් විජිත සමයේ ගෙතෙන ආදරයක් හා සම්බන්ධ කතාවක්. නමුත් ආදරය කීවම එකවර හිතට නැගෙන පෙම්වතුන්ගේ ආදරයකට වඩා එපිටහට ගිය ගැඹුරු ආදරයක් ගැන ලොකු කතාවක් මෙහි ගැප් වෙලා තියෙනවා. ඒ ආදරේ විඳගන්ඩ අපි හුඟ දෙනෙක් වාසනාවන්ත වුණාට, අදටත් ඒ ආදරය අහිමි ඒ වෙනුවෙන් හඬන පිරිස් අනන්තයි අප්‍රමාණයි. ඒ ආදරේ නොලැබීම නිසාම ජීවිත වරදවාගත්, ‍රැකවල් අහිමි වුණ අය අදටත් හිඟ නෑ. ඉදිරියටත් එහෙම වේවි! 🙁

“ඒ තමා පියෙකුගේ ආදරය”

පියෙකුගේ ආදරය කොච්චර කලක් වුණත් පිටට නොපෙන්වා සඟවගෙන තිබෙනවා වෙන්ඩ පුළුවන්. ඒත් ඒ ආදරේ නැතිකමටනම් නෙමෙයි. ඒක ඒ අයගේ ස්වභාවය. ඇතැම් විට දරුවන් පියෙකුගේ හිතේ පුරවාගෙන ඉන්නා ආදරය ගැන නොදැනුවත්ව එය අවතක්සේරු කිරීමටද හැකියි. නමුත් ඒ ඔවුනගේ හිත තුළ ඇති කියාගන්ඩ බැරි ආදරයේ අඩුවක් හෝ වැ‍රැද්දක් නිසා නොවෙයි. ඒ හරි වැටහීමක් නැති නිසා වෙන්ඩ පුළුවනි. මේ කතාවත් ඒ වගේ. අවුරුදු ගණනාවක් ගත වෙලත් එක බිඳකින්වත් පළ නූණත් එක බිඳකින්වත් අඩු නූණු වැඩිහිටි පියකුගේ ආදරය සහ තම දරුවා කෙරෙහි හදවත අවුළුවන දරාගත නොහැකි ආදරයෙන් තම රට දැය පවා පසෙකලා යන පියෙකුගේ ආදරයත් මෙහි දැකිය හැකියි.

අපි අධිරාජ්‍යවාදයට නතු වූ රටක් ලෙස අපි හිතන්නේ අප ඉන් දැඩි අසාධාරණයකට ලක්වූ බවයි. ඒ රටවල මිනිසුන් දැඩි ලෙස පීඩාවන්ට යොමු කළ බවයි. නමුත් යටත් විජිත නිලධාරියෙකුව පැමිණි පසුව තමන්ට පාලනය කළ නොහැකි ක්‍රමවේදයකට බලෙන්ම නතුව එය ප්‍රතික්ෂේප කිරීමට හෝ ඉවතලීමට නොහැකිව ක්‍රමයට අනුගතවන්නට සිදු වූ අයද මේ නිලධාරීන් අතර සිටින්නට ඇතැයි මේ සලරුවෙන් අපට කියා දෙනවා. ඒ උදවිය තමන් නිසා උපන් දරුවන්ට ආදරේ නොකළා යැයි අපිට කියන්නට බැහැ. එවන් කතාවක් තමා මෙහි දිවෙන්නේ. ඒ නිලධාරීන්ට විධායක බලයට නතුව ගෙවන්නට සිදු වූ දිවිය නිසා ඇති වූ අසරණභාවය කෙතෙක්දැයි ලක් වූ අසාධාරණය කෙතෙක්දැයි මොනවට කියාපාන්නක් මෙය.

ඊටත් වඩා මම කිව යුතුමයි මෙම Hollywood චිත්‍රපටය මැලේසියාවේ රූපගත කරන ලද්දක් වුවත් මෙහි ඇතැම් දසුන් අප රටේත් රූගත කර ඇති බවක් ඇතැම් තන්හි සඳහන්. ඒ වගේම මේ චිත්‍රපටය වෙනුවෙන් අප රටේ සිනමා ශිල්පීන් බොහෝවකගේ දායකත්වයත් ලැබී තිබෙනවා. ඔවුන් එතරම් දන්නා හදුනන අයවලුන් නොවුණත් මෙහි සාර්ථකත්වය කෙරේ ඔවුනගේ කැපවීමද ලැබී ඇති බව නිසැකයි. එහෙමනම් වතාවකුත් මවිසින් සිංහල ගෙනෙන බව පවසා තිබියදී කල් දැමීමට සිදු වුණත්, අත ගැහූ වැඩක් අත හරින්නට හිත ඉඩ නොදෙන නිසාම ප්‍රමාද වී හෝ මෙලෙස ඔබ වෙනුවෙන් මෙය ගෙන එන්නට මගේ හිත මට බල කළා.

The Sleeping Dictionary (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උදා (Baiscopelk)
IMDb 6.5 /10 8,819 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Guy Jenkin
Director

Cast

Similar titles

The Wolfman (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Azadi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
X-Men Origins: Wolverine (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hunger Games (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
John Wick: Chapter 3 – Parabellum (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Devil Wears Prada (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Eddington (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Apartment 7A (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Priest (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Old Guard 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boyka: Undisputed 4 (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Commitment (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published