EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Snow Queen (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Maksim Sveshnikov, Vladlen Barbe
Cast
Go Full Cast PageSnow Queen (2012) |හිම රැජින.
මේ චිත්‍රපටයේ නම තමයි snow Queen. මේක Animation, Adventure,Family යටතට අයිති වෙන චිත්‍රපටයක්. 2012 නිර්මාණය කරලා තියෙන මේ ෆිලුම Vladlen Barbe සහ Maksim Sveshnikov විසින් අධ්‍යක්‍ෂණය කර තිබෙනවා.මිනිත්තු 80ක් පුරා දිවෙන මේ චිත්‍රපටයට IDMB දර්ශකයේ 5.2 රේටින් එකක් හම්බුවෙලා තියෙනවා
දැන් එහෙනම් ෆිලුමේ කතාව දිහාට හැරෙමුකෝ චිත්‍රපටය පටන් ගනිද්දිම හිම රැජින තමන්ගේ අණසකට ලෝකය යටත් කරගෙන මුළු ලෝකයටම සදාකාලික හිම යුගයක් ගේන්න හදනවා. මේකට විරුද්ධව වන අයව හිම රැජින විනාශ කරනවා. මේ හිම රැජිනව විනාශ කරන්න පුළුවන් මාස්ටර් වේගාර්ඩ් කියන මායාකාරය හදන මායා කණ්නාඩි වලට විතරයි ඒ නිසා හිම රැජින මේ මාස්ටර් වේගාර්ඩ්ව විනාශ කරනවා. ඒත් එයාගේ ළමයි දෙන්නව විනාශ කරන්න බැරි වෙනවා. ඒ දෙන්නගේ නම් තමයි කායි සහ ගර්ඩා. මේ දෙන්න සහෝදරයෝ කියලා නොදැන එකම අනාථ නිවාසෙක හැදෙනවා. සදාතනික හිම යුගය ගේන්න මේ ළමයි බාධාවක් කියල හිම රැජින දැන ගන්නවා. ඉතින් මේ දෙන්නව විනාශ කරන්න හිම රජීන අගුටුමිට්ටෙක්ව යවනවා. කොහොම හරි මේ අගුටුමිට්ට නිසා කායි සහ ගර්ඩා තමන් සහෝදරයො කියල දැන ගන්නවා. කොහොම හරි හිම රැජිනට අල්ලගන්න පුළුවන් වෙන්නේ කායිව විතරයි. කායි තමන්ගේ සහෝදරය නිසා ගර්ඩා කායිව හොයන් යනවා. මේකට අර අගුටුමිට්ටත් උදව් කරනවා හැබැයි ගමන ලේසි වෙන්නේ නම් නැහැ.ගර්ඩට කායිව හම්බුවෙයිද? හිම රැජිනව පරාද කරන්න පුළුවන් වෙයිද? ඇත්තටම මේ හිම රැජින කියන්නේ කවුද? මේවා දැන ගන්න චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා.




