EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Union (2024) | සිංහල උපසිරැසි සමඟ

 

මයික් කියන්නේ ඉදිකිරීම් අංශයේ වැඩ කරන කෙනෙක්. දවසක්, එක පාරටම, එයා පාසල් යන කාලේ කැමැත්තෙන් හිටපු ගැහැණු ළමයා, අවුරුදු විස්සකට විතර පස්සේ එයාව හමුවෙන්න එනවා. මේ එන්නේ මයික් ජීවිතේට හිතුවේවත් නැති විදියේ යෝජනාවක් අරගෙන. මේ යෝජනාවෙන් පස්සේ, මයික් එකතු වෙනවා තාවකාලිකව, රහස් සංවිධානයත මෙහෙයුමක ඉතා සුළු කොටසක් කරලා දෙන්න. මෙතැනින් පස්සේ තමයි මයික්ගේ ජීවිතේ වෙනස් වෙන්නේ. වැඩි කතා නොකියා, චිත්‍රපටිය බලලාම මෙයාලාට මොකද වෙන්නේ කියලා බලමු.

එක පැත්තකින් මේ චිත්‍රපටිය හාස්‍යජනක සහ ක්‍රියාදාම කියන ගොඩට දාන්න පුළුවන්. ඒ වගේම, මේක අපරාධ පරීක්ෂණ පැත්තට තමයි වැඩියෙන් නැඹුරු වෙන්නේ. ඒ නිසා, වෙනස් විදියේ අත්දැකීමක් අරගන්න පුළුවන් චිත්‍රපටියක් මේක. සමහර අය විරුද්ධ මත දරලා තිබ්බාත්, එක දිගට බලාගෙන යන්න පුළුවන් කම්මැලි නැති නිර්මාණයක් විදියටයි මම මේක දකින්නේ.

Julian Farino කියන ජනප්‍රිය අධ්‍යක්ෂකවරයා තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කරන්නේ. David Guggenheim ගේ කතාවක් ලස්සනට චිත්‍රපටියකට ගොඩ නගලා තියෙනවා. රඟපෑමෙන් දායක වෙනවා, Mark Wahlberg (මයික්), Halle Berry (රොක්සෑන්), Mike Colter (නික්), Jessica De Gouw (ජුලියට්) ඇතුළු පිරිසක්. ලොවපුරා බෙදාහැරීමේ කටයුතු බාරගෙන තියෙන්නේ Netflix ආයතනය.

එහෙනම් හැමෝම මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා.

Comments

October 16, 2025

❤️