EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pagehe Villagers AKA Dongnesaramdeul (2018) | හන්-සූ යොන් ගේ අභිරහස
අද මං අරගෙන ආවේ ගොඩාක් පිරිමි ලමයි කැමති කොරියන් නළුව ගේ ලස්සන චිත්‍රපටයක උපසිරැසියක් අරගෙන. ගෑණු ලමයි නම් ඉතිං ගොඩාක් කැමති කොරියන් රොමෑන්ටික් ෆිල්ම් වලටනේ. ඒත් පිරිමි අය කැමති හොද කොරියන් ඇක්ෂන් ෆිල්ම් වලට. ඒ අතරිනුත් Don Lee, එහෙමත් නැත්නම් Ma Dong-seok ගේ ෆිල්ම් වලට ගොඩාක් කැමති. ඒ හිංදා තමා මෙයාගෙ ෆිල්ම් එකක් වෙනසකට වගේ ගේන්න හිතුනේ.
මේ ෆිල්ම් එක රිලිස් උනේ 2018 නොවැම්බර් 7 වෙනි දා. අධ්‍යක්ෂණය හා තිර රචනය කලේ Im Jin-sun. මේ ෆිල්ම් එක Ma Dong-seok ට අමතරව Kim Sae-ron හා Lee Sang-yeob ද රංගනයෙන් දායක වෙනවා.
මං කතාව ටිකක් කෙටියෙන් කියන්නම්. ගම්බද උසස් පාසලක දැරියක් අතුරුදහන් වෙනවා ඒත් කවුරුවත් ඒ ගැණ ලොකුවට අවධානයක් දක්වන්නේ නෑ. ඒ අතර වාරයේ මේ පාසලට අලුතෙන් ක්‍රීඩා ගුරුවරයෙක් එනවා කී-චූල් කියලා. එයාට මේ ගැණ අමුත්තක් දැනෙන්න ගන්නවා. මේ ගැණ අවධානේ දෙන්න යන මෙයාට ඒ අතුරුදහන් වෙච්ච දැරියගෙ යහළුවො උදව් කලත් අනිත් හැමෝම මේකට බාධ කරනවා. එහෙම බාධා කරන්නේ ඇයි?, මේ ගුරුවරයටයි එයාගේ යාළු සිසුන්ටයි මේ අතුරුදහන් වෙච්ච දැරිය හොයාගන්න පුළුවන් වෙයිද කියලා දැණගන්න නම් අනිවාර්‍යෙන් මෙ කතාව නරඹන්න කියලා මං ආරාධනා කරනවා.





