EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Ek Villain (2014) Sinhala Subtitle |දුෂ්ඨයෙක් පිලිබඳ වූ කතාන්දරය… | සිංහල උපසිරැසි සමඟ
Director:Mohit Suri, Neha Dwivedi, Nehal Padbidri, Pranjal Srivastava
Cast
Go Full Cast PageThere's one in every love story
The Villain (2014) Sinhala Sub
The Villain (2014) Sinhala Subtitle
The Villain (2014) Sinhala Subtitles
ඔන්න එහෙනම් සති දෙකක් ඇතුලත බොක්ස් ඔෆිස් අදායම් අතර කෝටි 100 සමාජයට ඇතුලත් උන කවුරුත් වගේ හොඳ කොපියක් එනකම් බලන් උන්නු ෆිල්ම් එකක් අරගෙන මම ආවා. කෝටි 35 ක වියදමින් තැනුණු මෙහි මුළු ආදායම වශයෙන් සටහන් වෙන්නේ කෝටි 125 ක්. imdb හි 6.7 ක අගයක් ගන්නටත් සමත් වෙලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය සිදු කරලා තියෙන්නේ අපි කා අතරත් ජනප්‍රිය උන Aashiqui 2 චිත්‍රපටය කරපු මෝහිත් සූරී විසින්. සංගීතයත් Aashiqui 2 කරපු කෙනාමයි (අන්කිත් තිවාරි) කරලා තියෙන්නේ. ඒ වගේම මෙහි ඇති සින්දුත් ඉතාමත් ජනප්‍රියයි සහ ගොඩාක් ලස්සනයි. රංගනයෙන් සිද්දාර්ත් මල්හෝත්‍රා, රිතේෂ් දේශ්මුක් සහ කවුරුවත් වගේ අදුනන ආරෝහි (ශ්‍රද්දා කපූර්) නිරත වෙනවා.
ගුරු කියන්නේ සුපිරිම මැරයෙක්. එත් ඔහුට අයිෂා මුණගැසුණු පසු ඔහු එම ක්‍රියාවලින් ඉවත් වෙනවා. ඒත් එක දිනකදී නන්නාදුනන ගැහැණුන්ව මරණ මිනීමරුවෙක් විසින් අයිශාව ඝාතනය කරනවා. ඉන්පසු ආයෙත් මැරයෙක් බවට පත්වෙන ගුරු අයිශාගේ මිනීමරුවව සොයායන ආකාරය තමයි මෙහි තියෙන්නේ. තවත් එක ප්‍රධාන චරිතයක් තියෙනවා. ඒක ඔයාල ෆිල්ම් එක බලලම දැනගන්න.
ඉතිං ඇයි අයිෂා මේ විදියට මැරුම් කන්නේ?
ගුරු අයිශාගේ මරණයෙන් පසු කුමක් කරයිද?
මේ ගැහැණුන් ඝාතනය කරන කෙනා කවුද?
ඇයි ඔහු ගැහැණුන්ව ඝාතනය කරන්නේ?
එව්වට උත්තර බලලම දැනගන්න.
තව පොඩි විශේෂ දෙයක් තියෙනවා කියන්න.
මට කෙනෙක් පොඩි හින්ට් එකක් ගහලා තිබ්බා මම අර ගුන්ඩේ ෆිල්ම් එකේදී කට්ටියට කමෙන්ට් දාපියව් කියලා බැන්නට පස්සේ. ඒ හින්ට් එකේ කියලා තිබුනා, අපිටනම් කමෙන්ට් ඕනේ නැහැ අපි අපි කරපු සබ් එක බලලා සතුටු වෙනවා කියලා. මම අහන්නේ ඇයි එහෙම බොරු කයිය ගහන්නේ. ඇයි ඒ අය හැමදේකටම කියවන එක විතරක් කරන්නේ. අනේ ඔන්න මමනම් කමෙන්ට් බලාගෙන සබ් කරන්නේ. ඊට පස්සේ කියලා තිබ්බා ස්ක්‍රීන් කොපි වලට සබ දෙන්නේ නැහැ කියලා. යකෝ මුන්ගේ කයිය විතරමනේ තියෙන්නේ. ක්‍රියාවෙන් කිසි දෙයක් නැහැ නේ. අපෙත් වැරැද්ද අපි එයාලගෙන් කයියට වඩා දෙයක් බලාපොරොත්තු වෙන එක. දැන් ස්ක්‍රීන් කොපියට අහලා සබ් එක කරා කියමුකෝ. ඊට පස්සේ හොඳ කොපිය ආවම කියනවා ඔන්න ආයෙත් සබ් එක අලුතින්ම හැදුවා කියලා. ඒ කියන්නේ ස්ක්‍රීන් කොපියට අහලා සබ් කරේ බොරුද? ඔව්, ඒකනම් ඇත්ත. මාත් බැලුවා නේ. සමහරක් දෙබස් වලට උපසිරසි තිබ්බේ නැහැ, සමහරක් එව්වට තමන්ට හිතෙන හිතෙන තේරුම් දාලා තිබ්බා. සමහරක් සිංදු වල උපසිරසි නැහැ. ඕකද අප්පා, මේ ගුණාත්මක සබ් කියලා දෙන්නේ. මම මේ මගේ සබ් හොඳයි කියනවා නෙවි, මම මේ කියන්නේ කයිය ගැහුවට කමක් නැහැ, වැඩෙත් ඒ විදියට කරලා. තමන්ට හින්දි විශාරද කියලා කියාගත්ත පලියට එහෙම කෙනෙක් වෙන්නේ නැහැ. කියන්න දේවල් ගොඩයි, දැන් පොඩ්ඩක් රෑ වෙලා. කියන්න උන්නු ඒවගෙන් 5% ක් වත් කියන්න උනේ නැහැ. ගලපගන්න අමාරුයි. එහෙනම් අදාළ කට්ටිය විතරක් මේ කියපු දේවල් බාරගන්න. එහෙනම්, අපි ගිහන් එන්නම්. ජය වේවා




