EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ගොම්මන් වෙලාව

Waktu Maghrib කියන්නේ නිකන්ම නිකන් හොරර් ෆිල්ම් එකක් නෙවෙයි, අපේ හිතටම දැනිලා ඇඟ හිරිවැටෙන ජාතියේ අමුතුම අත්දැකීමක්.
කතාව සිද්ධ වෙන්නේ ජතිජජාර් කියන පිටිසර ගම්මානයේ. සාමාන්‍යයෙන් ඉර බැහැගෙන යන වෙලාවට, ඒ කියන්නේ “මග්රිබ්” (සවස වන්දනා) වෙලාවට නපුරු බලවේග එළියට එනවා කියන ඉස්ලාම් විශ්වාසයක් තියෙනව. ආදී, සමන් සහ ආයු කියන යාළුවො තුන්දෙනා වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ.
වැඩිහිටියන්ගේ අනතුරු ඇඟවීම් ගණන් ගන්නේ නැතුව, හවස් යාමේ එළියට බහින මේ ළමයින්ට මුහුණ දෙන්න වෙන භයානක සිදුවීම් දාමයක් මේ ෆිල්ම් එකේ බලාගන්න පුළුවන්.
මේ ෆිල්ම් එකේ විශේෂත්වේ තමයි, නිකන්ම Jump scare වලින් බය කරනවට වඩා, කැමරා කෝණ සහ සවුන්ඩ්ස් පාවිච්චි කරලා මුළු ෆිල්ම් එක පුරාවටම අමුතුම අද්භූත හැඟීමක් අපේ හිතට ඇතුල් කරන එක.
ඔයාලා වෙනස්ම විදිහේ, කතාවක් තියෙන කොලිටි Horror ෆිල්ම් එකක් හොය හොය හිටියනම්, Waktu Maghrib කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්.
ඉර බැහැලා කළුවර වැටෙනකොට ඇත්තටම මොනවද වෙන්නේ කියලා දැනගන්න ආසනම්, මේක අරගෙන බලන්න🔥📽️

Comments