EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Wolf of Wall Street (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Adam Somner, Holly Unterberger, Martin Scorsese, Robert Legato
Cast
Go Full Cast PageThe Wolf of Wall Street (2013) | සාර්ථකත්වයේ අසාර්ථකත්වය! (18+)
මේ සඳහා පාදක කරගෙන තියෙන්නෙ ජෝර්ඩ්න් බෙල්ෆෝට් රචනා කළ The Wolf Of The Wall Street නම් කෘතියයි. මෙහි ජෝර්ඩ්න් බෙල්ෆෝට් ලෙස රංගනයේ යෙදෙන්නෙ අති දක්ෂ රංගන ශිල්පියෙක් වන Leonardo Di Caprio. ඒවගේම Jonah Hill සහ Margot Robbie යන අයද රංගනයෙන් දායක වෙනවා. මෙම චිත්‍රපටය සම්මාන 61ක් සඳහා නිර්දේශ වී තිබෙනවා. ඒවායින් හොඳම නළුවා, හොඳම තිර රචනය ඇතුළු සම්මාන විස්සක් ජයග්‍රහණය කර තිබෙනවා. ඒකෙන්ම පේනවනෙ චිත්‍රපටිය කොහොමද කියලා. ඒ විතරක් නෙවෙයි. ප්‍රේක්ෂක මනාපයෙන් 8.4ක් වැනි ඉහළ IMDb අගයක් ලබා ගෙන තිබෙනවා. ඉතින් තව මොන කතාද ?
ජෝර්ඩ්න් බෙල්ෆෝට් වෘත්තියෙන් තැරැව්කරුවෙක්. දක්ෂ කථිකයෙක්. ඔහු ආරම්භයේදී මධ්‍යම පාන්තික මිනිහෙක්. ඒත් ඔහු ස්වෝත්සාහයෙන් Wall Street එකේ (ඇමරිකාවේ මූල්‍යමය ගනුදෙනු වැඩිපුරම සිදු වෙන වීදියේ ) ඉහළම ආයතනයේ හිමිකරු බවට පත් වෙනවා. ඔහු අති සාර්ථක විදියට විශාල ධනයක් උපයනවා. ඔහු මිනිසුන්ට රැකියා ලබා දෙමින් ඔවුන්ටත් ධනවත් වීමේ මාර්ගය පෙන්වා දෙනවා. අතිසාර්ථකව ධනය ඉපයුවත්, ඔහුට මේ ධනය ඉපයූ ක්‍රම නිසා ඇමරිකාවේ රාජ්‍ය ආයතන වලින් විශේෂයෙන් FBI එකෙන් ඔහුට නීතිමය ගැටලු ඇති වෙනවා. ඔහු ඒවයින් ගැලවෙන්න විවිධ උපායන්ද යොදනවා. ඒත් අවසානයේ ඔහුගේ නීතිමය ගැටලු හේතුවෙන් ඔහුගේ සියලු දේපල අහිමි වෙනවා. ඔහුගේ පවුල් ජීවිතය දෙදරා යනවා. ඔහුට සිරබත් කෑමට සිදු වෙනවා. ඕක තමයි සාරාංශය. කතාව නිකන් කම්මැලියි වගේ නේද ? මුලින්ම මටත් ඔහොමයි හිතුණේ. ඒත් මේක සුපිරිම චිත්‍රපටයක්. කම්මැලි නැතුව බලන්න පුළුවන්. නියම කොමඩියක්.











