EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Woman in Black (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Caroline Bowker, James Watkins
Cast
Go Full Cast PageThe Woman in Black (2012) | ඔබ හොල්මන් විශ්වාස කරනවද?
හලෝ යාලුවනේ,මම අද කියන්න යන්නේ මම මේ අවුරුද්දේ බලපු සුපිරි “හොල්මන්”ගණයට වැටෙන චිත්‍රපටයක් ගැනයි. මම හිතන්නේ ඔයගොල්ලන්ට Harry Potter චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය රග පෑ Daniel Radcliffeව අමතක නැතිව ඇති. Harry Potter කථා මාලාවෙන් අනතුරුව Daniel Radcliff වෙනත් වැඩකට අත ගැසුවා.ඒ ගැන තමයි අද මම කියන්න යන්නේ.
කවුරුත් හිතුවේ ඔහු Harry Potter කථා මාලාවෙන් අනතුරුව අනිත් අය කරනව වගේ තමාගේ ප්‍රසිද්ධිය රැක ගැනීම සදහා තමාගේ වයසට සරිලන,තරුණ අය හුගක් වෙලාවට නරඹන්න කැමති කොමඩි චිත්‍රපටියක් හෝ ක්‍රියාදාම චිත්‍රපටයක රගපාවී කියලයි.නමුත් ඒ සියල්ල උඩු යටිකුරු කරමින් මොහු රග පෑ මෙහි මොහු කුඩා දරුවෙක් සිටිනා පියෙකුගේ චරිතයට පණ පොවනවා..මොහුගේ මෙම නිර්භීත පියවර අපතේ නොගොස් ඇති බව පෙනී යන්නේ මෙය බ්‍රිතාන්‍යයේ බොක්ස් ඔෆීස් වාර්තා බිද හෙලමින් වාර්තා ගත ආදායමක් සෙවීමට මෙම චිත්‍රපටය සමත් වී ඇති නිසායි.එමෙන්ම බොහොමයක් වෙබ් අඩවිවල මේ චිත්‍රපටය ගැන බොහෝම හොද විදියට අදහස් දක්වා තිබෙනවා.ඇ.ඩො.මිලියන 13ක් වැනි පිරිවැයක් දරා නිපදවා තිබෙන මෙය මා මේ ලිපිය ලියන මොහොත වනවිට එම පිරිවැය මෙන් කිහිප ගුණයක ආදායමක් දැනටමත් සොයා අවසන්.එය දළ වශයෙන් ඇ.ඩො.මිලියන 90 කිට්ටු ආදායමකි.ඒ වගේම IMDb දර්ශකයේ 6.7/10 වගේ ඉහළ මට්ටමේ අගයක් හිමි කර ගන්නත් මේ චිත්‍රපටය සමත්ව තිබෙනවා.
ඔන්න එහෙනම් දැන් වෙන කතා පැත්තක තියල චිත්‍රපටයේ එන කතාව මොකක්ද කියලත් කෙටියෙන් හරි දැන ගම්මුකෝ………
ආතර් (Daniel Radcliffe) කියන්නෙ වෘත්තියෙන් නීතීඥයෙක්. ඔහුට රාජකාරීමය වශයෙන් ඉටු කරන්න සිද්ධවෙන යම් කටයුත්තක් හේතුවෙන් තම පදිංචිය වෙනස් කරමින් හුදෙකලා ගමකට යන්න සිද්ධ වෙනවා.කොහොම වුණත් ගම්වාසීන් නම් ආතර්ගේ පැමිණීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. එයාලට ඕන වෙන්නෙ ආතර් ආපහු තම ප්‍රදේශයෙන් ඉවත්ව යනු දැකීමයි. ඒත් ආතර් ඊට එකඟ නොවෙමින් දිගින් දිගටම ගමේ රැඳෙන්න තීරණය කරනවා. ඇත්තටම ඇයි ඒ ? ඒ මොකද කිව්වොත් එයාට ඉව වැටෙනවා මේ පිටිපස්සෙ මොකක් හරි අභිරහසක් තියෙනව කියල. විශේෂයෙන්ම ඔහුගේ සේවාදායකයාගේ නිවසේ……. ඇත්තටම මේ අභිරහස මොකක්ද? ඔයාලම එහෙනම් චිත්‍රපටය බලල දැන ගන්නකො……







