CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1204 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Wonder (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Wonder (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 02, 2022Ireland108 Min.
Your rating: 0
7 1 vote
The Wonder (2022) | “පුදුමය”

 

“The Wonder” කියන්නේ 2022 අවුරුද්දේ Netflix හරහා නිකුත් වුණ Thriller, Mystery, Adventure සහ Drama කියන ශානරයන්ට අයත් පැය 1 යි විනාඩි 43 ක ධාවන කාලයක් හිමි සිනමාපටයක්. IMDb 6.6 ක අගයකුත්, කුණු තක්කාලි 85% ක අගයකුත් හිමිකරගන්න මේ සිනමාපටයට හැකියාව ලැබිලා තියෙනවා.. Emma Donoghue නම් කතුවරියගේ “The Wonder” කියන අපූරු නවකතාව පාදක කොටගෙන සිනමාවට නැගුණ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Sebastian Lelio විසින්. ඇකඩමි සම්මානයක් සහ BAFTA සම්මාන දෙකක නාමයෝජනා වලට ඇතුළත් වුණ සුප්‍රසිද්ධ හොලිවුඩ් නිළි “Florence Pugh” තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය උසුලන්නේ.

කතාව දිවයනවා 1862 අවුරුද්ද දක්වා අතීතයට. පසුබිම වෙන්නේ අයර්ලන්තයේ ගම්මානයක්. ප්ලොට් එක කැරකෙන්නේ ආශ්චර්යමත් විදිහට මාස හතරක් තිස්සේ කිසිඳු ආහාරයක් අරගෙන නැතුව තාමත් ජීවතුන් අතර ඉන්න අවුරුදු 9 ක ගැහැණු ළමයෙක් වටේ. මෙයාගේ නම තමයි ‘ඇනා ඕ’ඩොනල්” මේ ළමයා පූජනීයත්වයෙන් අදහන මිනිස්සු වගේම වන්දනාකරුවොන්ගෙන් මේ ගෙදර පිරෙන්න ගන්නවා.. ඉතින් මේ ළමයගේ මේ පුදුම හිතෙන සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන්න ඒ ගමේම කමිටුවක් පත් කරගෙන තියෙනවා ඩොක්ටර් කෙනෙක් වගේම පූජකයෝ ඇතුළත් වෙලා. මේ කමිටුව තීරණය කරනවා එංගලන්තයෙන් ඉංග්‍රීසි නර්ස් කෙනෙක්ව සහ කන්‍යා සොහොයුරියක්ව ගමට ගෙන්නලා ඒ ළමයා ගැන විමර්ශනය කරන්න.. මේකට මේ දෙන්නට ගෙවීමක් කරන්නත් එකඟ වෙනවා. ඉතින් මේ නර්ස් ටයි කන්‍යා සොහොයුරියටයි මොකක්ද මෙතන වෙන්නේ කියලා ඇත්ත හොයාගන්න පුළුවන් වෙයිද? මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද? ඒ වගේම මෙයාලගේ’ විශේෂයෙන්ම මේ නර්ස් ගේ පෞද්ගලික ජීවිතේ කොහොම එකක්ද? වගේ කුතුහලය දනවන ප්‍රශ්න කීපයකටම උත්තර හෙමිහිට ලිහාගෙන යන්න පුළුවන් ඔයාට මේ චිත්‍රපටය බලන ගමන්ම.

විශේෂයෙන්ම කියන්න ඕන Florence Pugh ගේ ඇක්ටින් ඉතාම හොඳ මට්ටමක තියෙනවා චිත්‍රපටය පුරාවටම.. ඒ වගේම තවත් සුප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෝ දෙන්නෙක් වෙන Toby Jones වගේම Ciaran Hinds කියන අයත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.

අඳුරු නිස්කලංක වයිබ් එකක් හරහා ආශ්චර්යමත් ගැටළුවක සුළ මුළ හොයාගෙන යන්න ඔබටයි මේ ආරාධනා!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මලීෂ බණ්ඩාර (Cinerulk )
IMDb 6.6 /10 46,868 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Florence Pugh isLib Wright
Lib Wright
Kíla Lord Cassidy isAnna O'Donnell
Anna O'Donnell
Tom Burke isWill Byrne
Will Byrne
Niamh Algar isKitty O’Donnell
Kitty O’Donnell
Elaine Cassidy isRosaleen O'Donnell
Rosaleen O'Donnell
Ruth Bradley isMaggie Ryan
Maggie Ryan
Toby Jones isDr. McBrearty
Dr. McBrearty
Ciarán Hinds isFather Thaddeus
Father Thaddeus
Caolan Byrne isMalachy O'Donnell
Malachy O'Donnell

Similar titles

Barbie (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  | Original WEB Quality Updated
The Collector (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wrong Turn 3: Left for Dead (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
The Odd Family: Zombie on Sale (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jab Tak Hai Jaan (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kannum Kannum Kollaiyadithaal (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Son of God (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fateh (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tantiram (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boss (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Some Like It Hot (1959) Sinhala Subtitles
Paws of Fury: The Legend of Hank (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published