EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

This Is 40 (2012) | 40 ලැබුවම පවුලක වෙන ජරමර!

 

ඔයාලට මතකද Knocked Up (2007) ෆිල්ම් එක? මේක එකේ sequel එක. හැබැයි මේකේ ඉන්නේ ඩෙබියි පිටුයි එයාලගේ ළමයි ටිකයි විතරයි. අනිත් චරිත ටිකයි කතාවයි මේකට අදාල කරලා නෑ. මේකේ කතාව වයස 40ක බැඳපු ජෝඩුවකගේ පවුල් ජීවිතේ ළමයින් එක්ක මොන වගේද කියලා පෙන්වන එක. අපිට මේකේ කලින් කතාවේ දකින්න ලැබුණා ඩෙබි සහ පීට් කියන්නේ තමන්ගේ පවුල් ජීවිතේ සහ ළමයින් ගැන බොහොම තැකීමක් කරන දෙන්නෙක් විදියට. ඉතින් මෙයාලටම වෙන් වුණ මේ කතාවෙත් ඒක එහෙම්ම වෙලා ඇතිද ?

මේකේ අධ්‍යක්ෂකයා Judd Apatow කියන කෙනා. ඩොලර් මිලියන 35ක වගේ වියදමක් කරලා හදපු මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 88ක් විතර උපයගන්න සමත් වුණා. BOX office ගැහුවා!

අධ්‍යක්ෂ Judd Apatow කියලා තියනවා මේකේ තව sequel හදන්න කැමතියි කියලා. ඒත් ඒ පිට් සහ ඩෙබිගේ කතාව නෙවෙයි, එයාලගේ දියණිය සෙඩිගේ කතාව (අර ලොකු කෙල්ල) මත අවධානය යොමු කරන්න ඕනේ කියලා. 2013 මර්තු 30 වනදා සම්මුඛ සාකච්ඡාවකදී This Is 40 එකේ sequel එකක් ගැන අහද්දි තමා එහෙම අදහසක් ගැන තමන්ට කුතුහලයක් තියෙනවා කියලා එතුමා කියලා තියෙන්නේ.

2022 මර්තු මාසයේදී වාර්තා වුණා Apatow පිටපත ලිවීමේ මුල් අදියරේ ඉන්නවා කියලා. මේ චිත්‍රපටය කලින් එකෙන් අවුරුදු 10කට පස්සේ සිදුවෙන කතාවක් වෙන්න ඕනේ, නම This is 50 කියලා. මේක ඉතින් එයි කියලා නම් විශ්වාසයක් තියන්න අමාරුයි. දැන් මේ අපි ඉන්නේ 2025 නේ. අද වනතුරු තාමත් මේ ගැන කිසිම සඳහනක් නෑ 🙁

තව දෙයක් විශේෂයෙන් කියන්න ඕනේ, ඒ තමා, මේක බලන්න Knocked Up (2007) බළලා ඉන්නම ඕනේ නෑ. හැබැයි ඉස්සරවෙලාම ගිහින් Knocked Up බළලා මේක බලන්න එනවා නම් හොඳයි. මොකද එතකොට රසවින්ඳනය සහ චරිත ගැන දැනුවත් බව ඔයාලගේ තවත් වැඩි වෙනවා.

    Knocked Up Complete Collection
  1. Knocked Up (2007)
  2. This Is 40 (2012)

Comments

September 18, 2025

❤️