EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Thupparivalan (2017) | නුඹ බලන්නෙකි..මා සොයන්නෙකි

ධ්‍යක්ෂක මිස්කින්ගේ සහ විශාල්ගේ නවතම එළිදැක්ම තුප්පරිවාලන් (රහස් පරීක්ෂකයා). මේ චිත්‍රපටයේ හොඳ කොපියක් එන්න ටික කාලයක් ගියා මොකද නාට්‍ය සංගමයේ සභාපති විශාල් නිසා. කෙසේ නමුත් ඔන්න දීපාවලී වලට තෑග්ගක් විදියට අද හොඳ කොපි ගණනාවක් නිකුත් කර තිබුණා. ඉතින් ඒ හැම පිටපතකටම ගැළපෙන්න උපසිරසි අරන් ආවා.

විශාල් රංගනයෙන් දායක වෙන මේ චිත්‍ර‍පටයට සුපිරියි කියලා මම කිවුවේ පුරුද්දකට එහෙම නෙවෙයි. ඇත්තටම දමිළ සිනමාවේ වෙනස්ම මානයක් හොයාගෙන ගියපු චිත්‍ර‍පටයක්. විශාල්ගේ දැනට එළිදැක්වුණු හොඳම ෆිලුම කියලත් කියන්න පුළුවන්. අර මම කලින් දුන්නු කත්ති සන්ඩෙයි වගේ ගොන් පාට් එකක් එහෙම නෙවෙයි ඈ. විශාල්ටත් වඩා මිස්කින් චිත්‍ර‍පටයක් විදියට කට්ටිය පුරසාරම් දොඩපු නිසා මමත් යාපනය රාජා සිනමාශාලාවට ගියා තුප්පරිවාලන් බලන්න. පටන් ගැන්මෙන්ම තේරුණා මේක නම් සුපිරියක්ම තමයි කියලා. ඒකට හේතුව වුණේ පසුබිම් සංගීතය. හරියට හොල්මන් චිත්‍ර‍පටයක් බලන්න වාඩිවුණා වගේ දැණුනේ. මම එවෙලේම මේල් එකක් දාලා ෆිලුම ඉල්ලා සිටියා. අකුරු දාලා ඉවර වුණා. පසුබිම් සංගීතයෙන් මුළු සිනමා ශාලාවම නිහඬ කරලා. චිත්‍රපටය පටන් ගැන්මේදී අභිරහස් විදියට සිදුවෙන මරණ දෙකක් පෙන්වනවා..ඊට පස්සේ තමයි කතාව පටන් ගන්නේ.

විශාල් පුද්ගලික රහස් පරීක්ෂකයෙක්. නම කනියන් පූංගුන්රන් (කනී). ඔහුගේ සහායට ඉන්නවා ප්‍ර‍සන්න. (මනෝහර් නොහොත් මනෝ). හරියට ෂර්ලොක් හෝම්සුයි වොට්සනුයි වගේ. ඇත්තටම මේ ෆිලුමට ෂර්ලොක් හෝම්ස් කතා මාලාවෙන් බොහෝ ආභාෂයන් ලැබී තිබෙනවා.  උදේ පාන්දර අබිරහසක් හොය හොයා පිස්සුවෙන් වගේ ඉන්න කනියන් පූංගුන්රන්ට හම්බුණේ පොමනේරියන් බලු කේස් එකක්. පොඩි දරුවෙක් තමයි මේ කේස් එක කනියන් වෙත ඇරගෙන එන්නේ. ඒ බල්ලාගේ මරණය ස්වභාවික මරණයක් නොවන බවත්, කවුරුන් හෝ කෙනෙක් ඒ බල්ලාව මැරූ බවත් දරුවා පවසනවා. ඒ දරුවා එයට සාක්ෂි පවා ඉදිරිපත් කරනවා. බල්ලා මැරුවේ කවුද? කනියන් මේ බලු කේස් එක බාරගන්නවා. මේ බලු කේස් එක බාරගත්තු කනියන් අන්තිමට ගිහින් නතර වෙන්නේ මහ විශාල අබිරසක් ඇතුළත. මිනී මැරුම් දාමයක අත්වැරැද්දකින් ලීක් වුණ පොඩි හෝඩුවාවක් තමයි මේ මැරිච්ච බල්ලා. ඉන් එහාට සිදුවෙන්න යන ඒ ත්‍රාසජනක අත්දැකීම් සමුදාය විඳින්න ඔබට ආරාධනා කරනවා. ආසාවට සිංදුවක් නැති.. විකටයෙක් නැති..ආදරය කරන පෙම්වතුන් නැති පට්ටම සීරියස්.. කතාවක්. හැබැයි දෙයක් කියන්නම්..පළවෙනි විනාඩි දහයේ ඔබ විශාල්ගේ රඟපෑම, ඔහුගේ ඉරියවු හා ඇඳුම් විලාසිතා දැකලා මට දොස් කියනවා සත්තයි. මොන ගොං පාට් එකක්ද මේ කියලා ඔබට සිතෙයි. සිනමා ශාලාවේ පිටිපස්සේ කෙනෙක් කෑ ගැහුවා මතකයි..මේකාගේ විගඩම් බලන්නද අපි සල්ලි දීලා ආවේ කියලා. හැබැයි ටික වෙලාවක් ගියාම හැමෝම කට ඇරන් සද්ද නැතුව බලන් හිටියා ඔන්න.

අධ්‍යක්ෂක මිස්කින් හුඟක් ප්‍ර‍සිද්ධ ත්‍රාසජනක ෆිලුම් අධ්‍යක්ෂණයට. මේ ෆිලුමත් ලෙසටම කරලා තියනවා. ඇඟ කිළිපොලා යන තාත්වික මිනීමැරුම්, ලේ වැගිරීම්, විශිෂ්ට සටන් ජවනිකා, කුතුහලය වගේම ඇසට කඳුළක් නංවන දර්ශන පවා ඉතාමත් අපූරුවට පටිගත කරලා තියෙනවා. මා හුඟක්ම සංවේදී වුණ දර්ශණයක් තිබුණා. දරුණු මිනීමරුවෙක්ගේ අවසානය ! ඔහු මිනීමරුවෙකු වුවත් අවසාන මොහොතේ තම බිරිඳ වෙත දැක්වූ සෙනෙහස, ඔබේ ඇසට කඳුලක් නංවනවා ඇති. ඒ වගේම සාහසික දර්ශන වලට මා ටිකක් තැති ගැන්වුණ නිසා මා අසළ සිටි සහෝදරයෙක් පැවසුවා..මල්ලි මිස්කින්ගේ චිත්‍ර‍පටි නම් ඉතින් මෙහෙම තමයි කියලා. මෙම චිත්‍රපටයේ වීශාල් සහ ප්‍ර‍සන්නට අමතරව, ඇන්ඩ්‍රියා ජෙරමියා, සිම්රන්, භාග්‍යරාජ්, විනායි (දුෂ්ටයා), ජෝන් විජය්, ජයප්‍ර‍කාශ් වගේ ජනප්‍රිය නළු නළියන් රැසක් රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ වගේම මල්ලිකාගේ චරිතය රඟ පෑ අනූ එමානුවෙල්..මේ සියළුම දෙනා හොඳ රංගනයන් ඉදිරිපත් කරනවා. ඒ වගේමයි අරෝල් කොරේලි ගේ පසුබිම් සංගීතයත්. ඉතින්..මේ ෆිලුම නරඹන්න කියලා ඔබ සැමට ආරාධනා කරනවා ! ජයවේවා !

Comments