EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Time Cut (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageTime Cut (2024) | සිංහල උපසිරැසි සමඟ
ලුසී තමයි අපේ කතානායක පවුලේ එකම දරුවා. ඒ නිසාමදෝ දෙමාපියෝ දෙන්නා මෙයාට සළකන්නේ නීති රීති ගොඩාක් මැද. හැබැයි, කතාව ගලාගෙන යනකොට අපිට දැනගන්න ලැබෙනවා, ලුසීට කලින් තව සහෝදරියක් හිටියා කියලා. එයාගේ නම සමර්. හැබැයි, සමර් ඇතුළු තව කිහිපදෙනෙක්වම හඳුනානොගත් මිනීමරුවෙක් විසින් ඝාතනය කරලා. එයාලා ඉන්න ගමේ හැමෝටම ඒක දරාගන්න අමාරු දෙයක්. ඒ නිසා, හැම අවුරුද්දේම, ඒ මිනීමැරුම් සිදුවුනු දවසේ, එයාලා සුළු අනුස්මරණ උත්සවයක් සැලසුම් කරනවා.
අපේ කතාව පටන්ගන්නේ ඔය කාලයේදී. ඒ කියන්නේ 2023 අවුරුද්දේ. ලුසීට හදිස්සියේ හමුවෙන උපකරණයක් නිසා, ඇයට කාලය හරහා යන්න වෙනවා. මේ යන්නේ මොන අවුරුද්දටද? ඇයි මෙහෙම කාල තරණ යන්ත්‍රයක් මෙතන තියෙන්නේ? ඇයි ලුසී එයා ගියපු කාලයටම ගියේ? මේවා තමයි මේ කතාවේ රස තැන්. ඔයාලාත් මේවා ගැන දැනගන්න නම්, මේ චිත්‍රපටිය රස විඳින්නම වෙනවා.
වෙබ් රේටිං, අනිත් රිවීව් වල මොනවා කිව්වාත්, මගේ අදහසේ හැටියට මේක වෙනස් විදියේ බැලිය යුතු කතාවක්. තිර රචනයෙන් මේ කතා බීජය ලස්සනට නිර්මාණය කරනවා. ඕනෑවට වැඩියෙන් විද්‍යා ප්‍රබන්ධයක් නොකර, ළමා කතාවකුත් නොකර චිත්‍රපටිය ලස්සනට නිර්මාණය කරනවා. කම්මැලි කමක් නැතිව එක දිගට බලාගෙන යන්න පුළුවන් විදියට චිත්‍රපටියක් නිර්මාණය කරන එකම ලොකු අභියෝගයක් කියලායි මගේ අදහස. මේ චිත්‍රපටිය ඒ අභියෝගය ජයගෙන තියෙනවා. ඒ නිසා, චිත්‍රපටිය බලන්න. මේ උපසිරැසිය ඒකට උපකාරයක් වේවි.
මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Hannah MacPherson විසින්. ඇයගේ සහායට එකතු කරගෙන තියෙනවා ජනප්‍රිය තිර පිටපත් රචකයෙක් වෙන Michael Kennedy වත්. චිත්‍රපටියේ රඟපෑමට එකතුවෙච්ච නළු නිළියන් නිසා මේක තවත් රසවත් වෙලා තියෙනවා. ප්‍රධාන චරිතය විදියට Madison Bailey (ලුසී), Antonia Gentry (සමර්), Griffin Gluck (කුයින්), Megan Best (ඒමී) ඇතුළු පිරිසක් රඟපෑමෙන් දායක වුනා.
අන්තිමට වුනත් කියන්න ඕන දෙයක් තියෙනවා. මේ චිත්‍රපටි කතාව ඇතුලේ සමලිංගිකත්වය ගැන පොඩියට කතා වෙනවා. ඒකට ගැලපෙන විදියට සිප ගැනීමක් දකින්න පුළුවන්. අපේ සංස්කෘතිය කියලා ඔය වගේ දේවල් වලට අකමැති පිරිසකුත් ඉන්නවානේ. එයාලා මේ ගැන දැනගෙන බලන්න. විවෘත මනසකින් බැලුවොත්, ඒ දේවල් කොච්චර සරලද සාමාන්‍යද කියලා හිතේවි. මේ මගේ අදහස. ඔයාලා ඒක තේරුම් බේරුම් කරගන්න.









