EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Trainspotting (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Anne Coulter, Ben Johnson, Claire Hughes, Danny Boyle, David Gilchrist
Cast
Go Full Cast Pageඅරමුණු නැති ජීවිත
මේක 18+ Film එකක්. ඒක කිව්වෙ දැනුවත් වීමක් ඇතුව බලන්න.Trainspotting කියන්නෙ 90 දශකෙ ආපු ආන්දෝලනාත්මකම චිත්‍රපටයක්. ස්කොට්ලන්තෙ ඉන්න මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු තරුණයො පිරිසක් වටා තමයි මේ කතාව නිර්මාණය වෙන්නෙ.
මේකෙ ප්‍රධාන චරිතය තමයි Renton. මිනිහා හොඳටම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්නෙ. එයාට ඕන මේ ජරා ජීවිතෙන් ගැලවිලා හොඳ මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න. හැබැයි වැඩේ කියන්නේ මිනිහගෙ යාළුවො ටික ඊට හපන්. Sick Boy, Spud වගේම කාටත් කරදරයක් වුණු Begbie වගේ යාළුවො එක්ක ඉන්නකම් Renton ට මේකෙන් ගැලවෙන්න ලේසි වෙන්නෙ නෑ. මේ අඳුරු ජීවිතේ තියෙන විහිළු, දුක සහ වේදනාව මේ ෆිල්ම් එකෙන් මාරම විදිහට පෙන්නනවා…
අපි කවුරුත් දන්න, ලංකාවේ අපිටත් හිතට වැදුණු Slumdog Millionaire ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු Danny Boyle තමා මේකත් අධ්‍යක්ෂණය කරලස් තියෙන්නෙ. ඒ වගේම 28 Days Later වගේ ෆිල්ම් වලිනුත් එයා දක්ෂතා පෙන්නුවා. හැබැයි Danny Boyle ව මුළු ලෝකෙම අඳුරගත්තේ මේ Trainspottin ෆිල්ම් එකෙන්. එයාගෙ අමුතු කැමරා කෝණ සහ වේගවත් එඩිටින් ස්ටයිල් එක පටන් ගත්තෙ මෙතැනින්.
Star Wars වල Obi-Wan Kenobi ව දන්නවනෙ? අන්න ඒයාට රංගනයෙන් දායක වෙන Ewan McGregor ම තමයි මේකෙ Renton විදිහට ඉන්ne. Ewan McGregor සුපිරි තරුවක් වුණේ මේ ෆිල්ම් එකෙන් පස්සෙ…
මං පටන් ගද්දිම කිව්වා වගේ මේක පවුලෙ හැමෝම එක්ක බලන්න පුළුවන් ෆිල්ම් එකක් නෙවෙයි. මත්ද්‍රව්‍ය පාවිච්චිය, වැඩිහිටි දර්ශන තියෙනවා. “Choose Life” කියලා පටන් ගන්න මේ ෆිල්ම් එක බලලා ඉවර වෙද්දී ඔයාලට ජීවිතේ ගැන අමුතුම හැඟීමක් එයි…











