EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

බිංකුන්ඩෝ දඩයමේ අවසානය?

මේ චිත්‍රපටය Direct-to-Digital එකක් විදිහට නිකුත් වුණත්, ඒ ගැන නම් කිසිම බයක් වෙන්න එපා. මොකද මේක නිර්මාණය කරලා තියෙන්නේ සෑහෙන High Budget එකකින්. විශේෂයෙන්ම මෙහි තියෙන Graphics සහ visual effects ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. දූපතේ දර්ශන වගේම ග්‍රැබොයිඩ් (මගෙ වචනය බිංකුන්ඩෝ ) සත්තුන්ගේ පෙනුම පවා හරිම තාත්විකයි. ඒ නිසා මේක කිසිම ගැටළුවක් නැතුව රසවිඳින්න හැකි ෆිල්ම් එකක් කියල කියන්න හැකි.
මේ චිත්‍රපට මාලාව ගැන කතා කරනකොට මයිකල් ග්‍රොස් (Michael Gross) රඟපාන බර්ට් ගමර් (Burt Gummer) ගැන කතා නොකරම බැහැ. වසර 30 ක් තිස්සේ, ඒ කියන්නේ 1990 ඉඳන් 2020 වෙනකම්, මේ චිත්‍රපට 7 පුරාවටම එකම නළුවෙක් එකම චරිතයක් රඟපෑම ලෝක සිනමාවේ මාරම දුර්ලභ දෙයක්. චිත්‍රපටියේ අවසානයේත් බර්ට් ගමර්ට කරන ගෞරවයක් දකින්නට හැකි.

මේ පාර කතාව ගලාගෙන යන්නේ එක්තරා පෞද්ගලික දූපතකයි. ලෝකයේ ඉන්න දරුණුම සතුන්ව දඩයම් කරන්න ආස කරන සල්ලිකාරයෙක්, ජානමය වශයෙන් වෙනස් කරපු ප්‍රබල “බිංකුන්ඩෝ” සත්තුන්ව මේ දූපතට මුදා හරිනවා. හැබැයි මේ සත්තු පාලනයෙන් තොර වෙලා මුළු දූපතම ලේ විලක් කරන්න පටන් ගන්නවා. මේ විනාශය නවත්වන්න පුළුවන් එකම කෙනා ඉන්නේ වනගත වෙලා හුදකලාව ජීවත් වෙන බර්ට් ගමර්ට විතරයි. තමන්ගේ පරණ දඩයම් ආම්පන්නත් අරගෙන, අලුත් පරම්පරාවේ දරුණු “ශ්‍රීකර්ස්” (Shriekers) එක්ක බර්ට් කරන මේ අවසන් සටන බලන්න ඔයාලට ආරාධනා කරනවා.

Comments

January 16, 2026

❤️