EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Tron: Ares (2025) | මනුෂ්‍ය ලොවට ආ ඩිජිටල් අමුත්තා එරිස්

Sci-Fi movies පිස්සෝ කාලයක් තිස්සේ බලන් හිටපු ෆිල්ම් එකක් තමයි මේක. 1982 ආපු Tron සහ 2010 ආපු Tron: Legacy ෆිල්ම් සෙට් එකේ තුන්වැනි කොටස විදියට තමයි Tron: Ares එළියට එන්නේ. Tron: Legacy එකේ තිබ්බ ඒ පට්ට Visuals සහ Music මතක අය නම් මේක එනකම් ඇඟිලි ගැන ගැන ඉන්නේ කියල ෂුවර්…

‎‎මේ පාර කාස්ට් එකත් නිකන් පොඩි පහේ කාස්ට් එකක් නෙවෙයි. මේකේ ප්‍රධාන චරිතෙට ඉන්නේ Jared Leto. මිනිහව දන්නවනේ, වැඩක් කරොත් ආයේ උපරිමයි. ඒ වගේම පරණ ෆෑන්ස්ලාට ඉතින් පිස්සු හැදෙන සීන් එකක් තියෙනවා. අපේ පරණ වැඩකරු Jeff Bridges මේ පාරත් ඉන්නවා! Music කරන්නේ Nine Inch Nails සෙට් එක නිසා සවුන්ඩ්ස් ගැන නම් ආයේ කතා කරන්න දෙයක් නෑ.. ගැම්මටම තියේවි.

‎කතාව වෙන්නේ මෙහෙමයි…

‎කලින් ෆිල්ම් වල අපි දැක්කේ මිනිස්සු අර ඩිජිටල් ලෝකෙට (Grid එකට) යනවනේ. හැබැයි මේකේ වෙන්නේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත මචන්. Ares කියලා AI පොරක් (Program එකක්) ඩිජිටල් ලෝකේ ඉඳන් ලොකු මිෂන් එකකට අපේ මේ ඇත්ත ලෝකෙට එනවා. හිතාගන්න පුළුවන්නේ ඉතින් හිතන්න පතන්න පුළුවන් AI එකක් අපේ ලෝකෙට කඩා පාත් වුනාම වෙන කලබල? AI එක්ක මිනිස්සු හැප්පෙන හැටි තමයි ෆිල්ම් එකේ යන්නේ. ඇක්ෂන්, Sci-Fi වලට ආස අයට වගේම Visuals පිස්සොන්ට නම් මේක සුපිරිම භාණ්ඩයක් වේවි.

Comments