EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Twilight of the Warriors: Walled In (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Kenji Tanigaki, Soi Cheang
Cast
Go Full Cast PageTwilight of the Warriors: Walled In (2024) | වෝල්ඩ් නගරයේ කතාව
බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා තබන්න සමත්වුනා වගේම 7.2/10 ක IMDb අගයකුත් ලබාගැනීමට සමත්වුනු නවතම හොංකොං සලරුවකට තමයි මෙවර උපසිරැසියක් අරගෙන ආවෙ. පසුගිය 2024 මැයි 01 දින සිනමා ලොවට නිකුත්වුනු Twilight of the Warriors: Walled In පැය 2 විනාඩි 6 ක ධාවන කාලයකින් යුතු, Martial Art, Action, Crime, Thriller වර්ගයේ චිත්‍රපටයක්. භාෂාව චීන. ඔරිජිනල් නම Jiu Long cheng zhai · Wei cheng. හො.කො.ඩොලර් 300 ක් වැයකර හො.කො.ඩොලර් 564 ක සමස්ථ වාර්තාගත ආදායමක් උපයා ගනිමින්, එදා මෙදා තුර හොංකොං සිනමා ඉතිහාසයේ ඉහලම ආදායම් වාර්තා ලැබූ හොංකොං චිත්‍රපට ලැයිස්තුවේ දෙවන ස්ථානය පමණක් නොව, හොංකොංහීදී වැඩිම ආදායමක් වාර්තා කල (දේශීය හෝ විදේශීය) චිත්‍රපට ලැයිස්තුවේ 12 වන ස්ථානයත් දිනා ගැනීමට සමත්වී තිබෙනවා. Yuyi විසින් රචිත City of Darkness නවකතාව ඇසුරින් නිපදවන ලද Twilight of the Warriors: Walled In අධ්‍යක්ෂනය කලේ Soi Cheang විසින්. රංගනයෙන් එකතුවෙන්නේ Louis Koo (සයික්ලෝන්), Sammo Hung (මිස්ට බිග්), Richie Jen (චෞ බොස්), Raymond Lam (ලොක්), Chun-Him Lau (ෂින්), Philip Ng (කිං), Tony Tsz-Tung Wu( 12වෙනි මාස්ටර්) සහ German Cheung (ඒව්). කතාවට පසුබිම් වෙන්නේ 1980 වසර. ලොක් නමැති තරුණයා හොංකොංවලට එන්නේ නීතී විරෝධී සංක්‍රමණිකයෙක් විදිහට. හොංකොං හැදුනුම්පතක් ලබාගැනීමට ලොකු මුදලක් අවශ්‍ය වන බැවින් ඒ මුදල සොයාගැනිමට ඔහු නීතී විරෝධී සටන් වල යෙදෙනවා. නමුත් ඔහුගේ මුදල්, මිස්ට බිග් නමැති කල්ලි නායකයා විසින් වංචා කරන නිසා, ලොක් ඔහුගේ මත්ද්‍රව්‍ය අඩංගු බෑගයක් හොරකම් කරනවා. බිග් කල්ලියෙන් බේරීමට දිව යද්දි ඔහු නොදැනුවත්ම ඇතුලුවෙන්නේ වෝල්ඩ් නගරයට. ඒක ඇවිල්ලා සයික්ලෝන් නමැති කල්ලි නායකයාගේ රාජධානියයි. එහි ඇති හැම දෙයක්ම සයික්ලෝන්ගෙ වැඩ. ඔහුගේ නීතිය තමයි ක්‍රියාත්මක වෙන්නෙ. වෝල්ඩ් නගරයට ඇතුලු වූ ලොක්ගේ ඉරණම කෙසේ වෙයිද? ඔහු නිසා වෝල්ඩ් නගරයේ ඉරණම කෙසේ වෙයිද? මුල සිට අග දක්වාම සුපිරිම සුපිරි සටන් වලින් පිරුණු මේ සුපිරි නිර්මාණය නරඹන්න ආරාධනා කරමින් නවතින්නම්. මේකෙ අසභ්‍ය දර්ශන නොමැති බව විශේෂයෙන්ම කියන්න ඕනෙ.
Share
Links
Comments
October 31, 2024












