EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

මැරයා

කන්නඩ භාෂාවෙන් නිකුත් වෙලා තියෙන උඩාල- Udaala (2025) කියන මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Romance – Comedy – Drama කියන genre එකට. උතුරු කර්ණාටක ප්‍රදේශයේ පසුබිම මත පදනම් වූ මේ ෆිල්ම් එකේ හාස්‍යය, ආදරය, සහ ත්‍රාසය එකටම මිශ්‍රවලා තියෙනවා.

අධ්‍යක්ෂණය – අමොල් පටිල්
නිෂ්පාදනය – යෝගරාජ් සිනමා ශාලාව සහ රවි ශාමනුර් ෆිල්ම්ස්
රංගනය – ප්‍රිත්වි ශාමනූර්, හ්‍රිතිකා ශ්‍රිනිවාස්, බාලා රාජ්වඩි, මලු නිප්නල්
සංගීතය – චේතන්–ඩේවි
නිකුත් වූ දිනය – 2025 නොවැම්බර් 14

කතාව බැලුවොත්

බිජාපූර් වල මෝටර් රථ රියදුරෙකු සහ සංචාරක මාර්ගෝපදේශකයෙකු වන පක්යා, පිංකි කියන කෙල්ලට ආදරවෙලා එයා ඉන්න කොලෙජ් එකට ඇතුළත් වෙනවා. හැබැයි කුඩා දඟකාර සැලැස්මක් වැරදීමෙන් එයා සහ එයාගේ යාළුවන් අනපේක්ෂිතව මාර්තාන්ඩ් සාතේ කියන ප්‍රසිද්ධ මැරයා එක්ක කරදරයක පැටලෙනවා. ඊට පස්සේ එයාලගේ ජීවිතය පුරාම විනෝදජනක, ත්‍රාසජනක, හා අවුල් සහගත සිදුවීම්වලට පත් වෙනවා.

සමහර වෙලාවට කතාව ටිකක් කෝලහලයෙන් පිරී තිබ්බත්, උඩාල එකේ ජීවය, ආදරය, හාස්‍යය සහ උණුසුම කිසි විටෙකත් අඩු වෙන්නේ නෑ.
අවසානයේ කියන්න තියෙන්නෙ උඩාල කියන මේ ෆිල්ම් එක පවුලේ අය එක්කම බලන්න සුපිරි විනෝදජනක චිත්‍රපටයක්. ආදරේ, හාස්‍යය, සහ තරුණත්වය එකට ගත්, උතුරු කර්ණාටකයේ රසය පිරුණු විනෝදජනක ගමනක්! 🚖🎬

Comments