CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2582 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Udal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  |  18+

Udal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

May. 20, 2022India122 Min.
Your rating: 0
8.9 9 votes
Udal (2022) | “අවදි වූ මාරයා” (18+)

මේක ටිකක් පරණ මලයාලමක්.. රිලීස් වෙලා තියෙන්නෙ 2022 අවුරුද්දේ.. අප්පේ පරණ එකක් වැඩක් නෑ කියල අතෑරල දාන්නත් එපා ඉතින්, ෆිලුම හොදයි.. කොහොම හරි OTT රිලීස් වෙලා තිබ්බෙ මේ ඊයෙ පෙරේදා..
ඔයාල දන්නවනෙ මං ටිකක් ගේන්නෙ අමුතු ටයිප් එකේ ෆිල්ම් කියල.. මේකත් ටිකක් අමුතු ටයිප් එකක්.. මේක අයත් වෙන්නෙ නම් drama & thriller කියන පැත්තට.. මට මේක 18+ කියල නම් වෙන් කරන්න බෑ.. මොකද ඒ හැටි දෙයක් මේකෙ නෑ..
ඒත් පවුලේ හැමෝම එක්ක ගෙදර ටීවී එකේ බලන්න යන්නත් එපා.. එහෙම බලන්නම ඕනෙම නම් රිමෝට් එකේ Fast Forward බටන් එකට ඇගිල්ල තියාගෙන බලන්න.. චූටි චූටි ලැජ්ජ හිතෙන තැනක් දෙකක් තියේ ඒකයි 🤭

මේකෙ ප්‍රධාන චරිතය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ Indrans කියන මලයාලම් නළුවා.. නමින් මීටර් නැති උනත් ෆේස් කප් එකෙන් නම් මීටර් ඇති මෙයාව.. ඇත්තටම කියනව නම් 1980 ඉදන් මේ වෙනකම් මලයාලම් චිත්‍රපටි සෑහෙන්න ගානක ඉදල තියෙනව..
හැබැයි ගොඩක් ඒවගෙ ලොකු ලොකු චරිත නම් කරේ නෑ.. විනාඩි 5කට 10කට හරි කමක් නෑ කොටු වුන පොඩි පොඩි දර්ශන වල තමයි මෙතුමා හිටියෙ.. අනිත් දේ තමයි මේක 2023 අවුරුද්දෙ මෙයා රංගනයෙන් දායක උන 11 වෙනි චිත්‍රපටිය..
පොඩි පොඩි චරිත වලට ගත්තට මොකෝ මේ චිත්‍රපටියට නම් මෙතුමා ලොකු සාධාරණයක් කරල තියෙනවා..
එතකොට අනික් ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ Durga Krishna කියන මලයාලම් නිළිය.. ඇයගේ රංගනයත් සාමාන්‍යයෙන් හොද මට්ටමක තිබුනා.. අනික් දේ තමයි මේක ලොකූ පිරිසක් යොදාගෙන ලොකූ බජට් එකක් යොදාගෙන කරපු ෆිලුමකුත් නෙවෙයි,
මුළු ෆිලුමෙම ඕන්නම් විසි දෙනෙක් ඉන්න ඇති.. අනික් දේ තමයි සින්දු එහෙම මොකුත් නෑ..අනික දෙබස් ගොඩක් තිබ්බෙත් නෑ..මුල් ටිකේ පොඩි බෝරින් ගතියක් දැනුනත් ටිකක් වෙලා යද්දි ඒක හරි ගියා.. ඔයාලම බලන්නකො එහෙනම් වැඩේ කොහොමද කියලා..

Cast
Indrans as Kuttichayan
Durga Krishna as Shyni
Dhyan Sreenivasan as Kiran[2]
Jude Anthany Joseph as Reji (Shyni’s Husband)
Master Kannan as Jerin (Shyni’s Son)
Anjana Appukkuttan as Reena

විස්තරේ නම් කිව්වොත් ෆිලුම බලන එකෙනුත් වැඩක් නැති වෙයි.. ඒත් පොඩ්ඩක් කියන්නම්..

ශයිනි කියන්නෙ කසාද බැදපු ගැහැණියක්. මෙයාගෙ මහත්තයා වැඩ කරන්නෙ ගමෙන් පිට නතර වෙලා. මෙයා ඉන්න මහත්තයගේ අම්මයි තාත්තයි එක්ක.. එතකොට ශයිනිට පොඩි පුතෙකුත් ඉන්නව.. වැඩේ කියන්නෙ ශයිනිගෙ නැන්දම්මට ගොඩක් වයසයි,එයා ලෙඩ ඇදේ ඉන්නෙ, එයාගෙ සේරම වැඩ කරන්නෙ අනික් අය, මේ මහලු කාන්තාවට එයාගෙ ස්වාමි පුර්ෂයා හරිම ආදරෙයි..

මේක කොරෝනා කාලෙ වෙච්ච සිද්දියක් විදිහට තමයි පෙන්නන්නෙ..ගෙදර වැඩ කාරයො ශයිනිගෙ ගෙදරින් යෑමත් එක්කලා,අර වයසක ගෑණු කෙනාගෙ වැඩ සේරම පැවරෙන්නෙ ශයිනිට.. ශයිනිට මේක ලොකු කරදරයක්.. මේ සේරම අතරෙ ශයිනි අනියම් ප්‍රේම සම්බන්ධයක් පවත්වගෙන යනව මේ ගමේම කොල්ලෙක් එක්ක.. දවසක් රෑ ශයිනි මේ කොල්ලව ගෙදරට ගෙන්න ගන්නව,

ශයිනිට අර වයසක කාන්තාවගේ වැඩ කරන්න වෙලා නිසා එයා ගොඩක් අකමැත්තෙන්නෙ ඉන්නෙ.. අර කොල්ල එක්ක එකතු වෙලා ශයිනි මේ වයසක ගෑණු කෙනාව මරනවා.. හැබැයි මේ විස්තරේ ඒ ගෑණු කෙනාට පණ වගේ ආදරේ කරපු එයාගෙ මහත්තයා එවලෙම දැනගන්නව..ඔන්න ඔය වෙලාවෙ තමයි පොරට මාරය ආවේස වෙන්නෙ.. මෙතනින් එහාට ලොකු සිද්දියක් වෙනව.. ඒ සිද්දිය දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනව..! 🤪

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk)
IMDb 6.6 /10 762 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Jigarthanda DoubleX (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vash (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Writer Padmabhushan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Step Up (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hovering Blade (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zodiac (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
BLAME! (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bagheera (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dosen Ghaib: It’s Nighttime or You Already Know (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Major (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hacker’s Game (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Exorcism (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Sadi January 9, 2024 Reply

    Tulsa King tv serise eka oni machoooo

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published