CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3745 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Uru (2017) with Sinhala Subtitles | මනසේ ඇති වූ කල්පිතයකට සීමා නොවූ, අති බිහිසුණු ඝාතකයෙකුගේ උන්මාදය…! [සිංහල උපසිරැසි සමඟ]

Uru (2017) with Sinhala Subtitles | මනසේ ඇති වූ කල්පිතයකට සීමා නොවූ, අති බිහිසුණු ඝාතකයෙකුගේ උන්මාදය…! [සිංහල උපසිරැසි සමඟ]

Jun. 16, 2017India111 Min.
Your rating: 0
5.5 2 votes

(Uru (2017) with Sinhala Sub , Uru (2017) with Sinhala Subtitle , Uru (2017) with Sinhala Subtitles )

වසර කීපයකට පෙර…
නවකතා ප්‍රකාශක – එන්න, එන්න ජීවන්! එනකම් තමයි මං මේ බලාගෙන හිටියෙ. නවකතාව නියමෙටම ලියලා තියෙනවා. මේ විදියේ නවකතා වලට තමයි දැන් කාලේ ඉල්ලුම තියෙන්නෙ. ඔයාගේ පළවෙනි පොත ප්‍රකාශනය කිරීමේ වගකීම මං බාරගන්නවා. දිගටම මේ විදියේ පංකාදු පොත් ටිකක් ලියමු.
ජීවන් – බොහොම ස්තුතියි, සර්.

වසර දෙකකට පසුව…
නවකතා ප්‍රකාශක – සුභ පැතුම්, ජීවන්. මේ වතාවෙත් ඔයාට සමානයක් ලැබෙන්න තියෙනවා කියලා ආරංචියක් තියෙනවා ඔන්න. ඒක නෙමෙයි, ඔන්න ඊළඟ නවකතා පොතෙත් ප්‍රකාශකයා මම තමයි හොඳේ…
ජීවන් – අනිවාර්‍යයෙන්ම ඔබතුමා තමයි, සර්.

වර්තමානය…
නවකතා ප්‍රකාශක – මොකක්ද ජීවන් මේ ලියන පොත්? හැමදාම එකම විදියේ ජරාවල්… ඔන්න මේ පාරත් ඔහේගේ පොත් බන්ඩල් දහතුනක්ම ඉතුරු වෙලා තියෙනවා. දැන් වත් ලියනවකෝ අළුත් විදියක කතාවක්. දැන් කාලේ රැල්ල තියෙන්නෙ වීරයෝ වගේ ඉන්න ප්‍රති වීරයින්ට. එහෙමත් නැත්නම් රස වෑහෙන ආදර කතාවකට. ලියනවා නම් ඒ විදියේ කතාවක් ලියලා අරගෙන එනවා. නැත්නම් මාව හම්බවෙන්න නාවට කමක් නැහැ.
ජීවන් – සර්, පොඩ්ඩක් මං කියන දේ තේරුම් ගන්න බලන්න.
නවකතා ප්‍රකාශක – ඔහේ කියන දේවල් තේරුම් ගන්න නෙමෙයි, මං කියන දේ තේරුම් ගන්නවා. මගේ කාලයට වටිනාකමක් දෙන්න පුළුවන් කතාවක් අරගෙන එනවා. දැන් යන්න පුලුවන්!

කාලයක් රටේ ජනප්‍රියම ලේඛකයෙක් වෙලා හිටපු මට අද අත්වෙලා තියෙන්නෙ ඔන්න ඔය වගේ අවාසනාවන්ත ඉරණමක්. මගේ ඔලුවත් හරියට යකාගේ කම්මල වගේ. එක පැත්තකින් ලේඛන කලාවේ මගේ පරිහාණිය. අනිත් පැත්තෙන්, රස්සාවක් හොයාගන්න කිය කියා වධ දෙන බිරිඳගේ කන්දොස්කිරියාව. ජීවිතේ හරියට අපායක් වගේ වෙලා තියෙන්නෙ දැන් නම්.

මේ වගේ වෙලාවකදී තමයි අහම්බයෙන් වගේ මට හරිම අපූරු අදහසක් පහළ වෙන්නේ. වීරයෙකුගේ පෞරුෂත්වයක් හෙබි ප්‍රති වීරයෙක්ගේ කතාව ඇතුලත් නව කතාවක්… මානසික අසහනයෙන් පිරී ගිය, මින් පෙර කිසිඳු දිනයක, කිසිඳු නව කතාවක් තුලින්, කිසිවෙකු හෝ නොඇසූ විරූ අන්දමේ අතිශය දරුණු ශ්‍රේණිගත මිනීමරුවෙකුගේ කතාවක්… මිනීමැරුම් දෙස අපරාධයක් ලෙස නොබලා, එය දෙස කලාත්මක ඇසින් බැලිය හැකි අන්දමේ මනසක් සහිත අපරාධකරුවෙකු මගේ නවතම නව කතාවේ ප්‍රධාන චරිතය සඳහා මා විසින් නිර්මාණය කරනු ලැබුවා. නවකතාව සාර්ථකව අවසන් කර ගැනීමේ පරම අධිෂ්ටානයෙන්, මිනිස් වාසයෙන් තොර, සතා සිව්පාවා විසින් රජදහන කරගත් වනාන්තර භූමියක් වෙත ගොස්, නවකතාවේ ලේඛන වැඩ කටයුතු ආරම්භ කළා. නමුත්, හදිසියේම හැම දෙයක්ම වෙනස් වෙන්න ගත්තා. සිදුවෙන දේවල් පිළිබඳව මට කිසිම දෙයක් තේරුම් ගන්න බැරි වුණා. ඒත් මං කෙටියෙන්, එක වාක්‍යකින් කියන්නම්. මේක විහිළුවක් වත්, විකාරයක් කියලා වත් හිතන්න එපා. “මං ලියමින් ඉඳපු නවකතාවේ ඉන්න මිනීමරු ඝාතකයට පණ ඇවිල්ලා, මාව හොයාගෙන ආවා!!!”

කාලයක් තිස්සේ දෙමළ චිත්‍රපටයකට අතගහන්න බැරිව හිටියෙ. මොකක්වත් නිසා නෙමෙයි, ඒකාකාර රටාවෙන් මිදුණු, මගේ හිතට හරියට විදියේ දෙමළ චිත්‍රපටයක් දකින්න ලැබුනේ නැහැ. මෙච්චර කාලෙකට මං උපසිරැසි ගන්වපු දෙමළ චිත්‍රපට නරඹලා තියෙනවා නම් දන්නවා ඇති, ඒ හැම එකක්ම එකකට එකක් වෙනස්, සාම්ප්‍රදායික ඒකාකාර රැල්ලෙන් මිදිච්ච කතා සහිත චිත්‍රපටි. ඔන්න ඒ විදියේ කතාවක් තියෙන චිත්‍රපටියක් මේ මාසේ (ජූලි) 20 වෙනිදා රෑ නිකුත් වුණා. ඊට පහුවෙනිදා විභාගයක් පටන්ගන්න තිබ්බ නිසා, වෙන කවුරුහරි බාරගෙන ඉක්මණට දේවි නේද කියලා, හිතේ අකමැත්තෙන් වුනත් ඒ චිත්‍රපටය බාරගත්තේ නැහැ. ඒත් ඉතිං, විභාගේ ඉවර වෙලා 23 වෙනිදා රෑ ඇවිල්ලා බැලින්නම් කවුරුවත් තවම මේක වෙන්කරගෙන නැහැ. ඒ නිසා 24 වෙනිදා උදේම මේ චිත්‍රපටය වෙන්කරගෙන, 24 වෙනිදා රෑ වෙද්දී වැඩ කටයුතු ඔක්කොම ඉවරයක් කළා.

හදවතින්ම දමිල සිනමා ප්‍රේක්ෂකයෙක් නම් Kalaiyarasan නොදන්නවා වෙන්න බැහැ. Adhe Kangal (2017), Yeidhavan (2017) වගේ මෑත කාලීනව බිහිවෙච්ච අමුතුම කතාවක් සහිත චිත්‍රපට තුල ප්‍රධාන රංගනයෙන් දායකත්වය පෑ මොහුගේ නවතම චිත්‍රපටය තමයි මේ අරගෙන ආවේ. Kabali (2016) චිත්‍රපටය තුල රංගනයෙන් දායක වූ Dhansika විසින් මෙම චිත්‍රපටය තුල ප්‍රධාන නිළියගේ භූමිකාව හොබවනු ඇති. Psychological Thriller, Action, Survival යන කාණ්ඩ ඔස්සේ, 2017 වර්ෂයේ ජුනි මස 16 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද මෙම දමිල සිනමා සිත්තම, මෙම සටහන ලියවෙන මොහොත වන විට imdb දර්ශකයේ 7.3 ක අගයකින් සැදුම්ලත් වෙනවා.

එහෙනම්, කැමති අය අරගෙන බලන්න. ඒකාකාරී රටාවෙන් මිදිලා, වෙනසක් හොයන අය විතරක් අරගෙන බලන්න. විශේෂයෙන්ම සංකීර්ණ අවසානයක් තියෙන්නෙ. හොඳට බැලුවේ නැත්නම් සමහර විට තේරුම් යන එකක් නැහැ. වීරයා ඇවිල්ලා එක පාරක් ගැහුවාම සීයක් විතර උඩින් වීසි වෙලා ගියාම චූන් වෙලා අප්පුඩි ගහන ප්‍රේක්ෂකයින්ට නම් කතාව ගැලපෙන එකක් නැහැ. ඒ වගේ අය නම් නොබැලුවට කමක් නැහැ. ආසාවට වත් කමෙන්ට එකක් නොදැන උදවිය, කතාව තේරුම් ගන්න අමාරු වෙලා හිත රිදිලා, ජාතිය අමතලා කමෙන්ට් එකක් දාවි, “මොකක්ද යකෝ මේ දීපු ජරාව…” කියලා. ඒ නිසා කොයිකටත් කියලා පූර්ව ප්‍රචාරක පටය නරඹලාම ඉන්නකො. මීට කලින් මං දීපු දෙමළ චිත්‍රපට සෙට් එච්ච අයට නම් මේක ඉහළින්ම සෙට් වේවි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිසිල ප්‍රසාද් (Baiscopelk) (N/A)
IMDb 5.8 /10 340 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Vicky Anand
Director

Cast

Similar titles

Dead Whisper (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Truth or Dare (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boon (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
I Spit on Your Grave (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadhalikka Neramillai (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Do Patti (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maamannan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Words of War (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Some Like It Hot (1959) Sinhala Subtitles
Oomai Sennaai (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hera Pheri (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blood Money (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published