EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Vaazha – Biopic of a Billion Boys (2024) | තාත්තලා පුතාලා

 

අද ඔබට ගෙන එන්නේ තරුණ මලයාලම් අධ්‍යක්ෂක වරයෙක් වන ආන්නද් මෙනන් විසින් අධ්‍යක්ෂණය කරන ලද රුපියල් කෝටි 40 පැනපු බොක්ස් ඔෆිස් ආදායමක් ගත්ත නවතම චිත්‍ර පටයක්. Vaazha – Biopic of a Billion Boys මේ කතාන්තරය කියවෙන්නෙ එක පෙදෙසක එකම පාසලකට ගිය තරුණ පිරිසක් සහ ඔවුන් ගේ පියවරුන් අතර තිබෙන පිය පුතු සම්බන්ධතාවන් පිළිබඳ කතා පුවතක්. හැම පියෙකුටම මෙන්ම හැම පුතෙකුටම ජීවිතයේ ඒ ඒ කාල වක වාණු වලට අදාළව අරමුණු ඉලක්ක තියෙනවා. (සමහර විට අරමුණු ඉලක්ක නැති වෙන්නත් පුළුවන්) ඒවා අතර සිදු වන ගැටීම් කෙළවරක් නෑ. තාත්තලට තම පුතුන් ඔවුන් පැතූ මග නොයෑම මෙන්ම ඒවා තුලින් දරුවන්ට ඇති වන පීඩනය මෙහි දක්නට ලබෙනවා. ඉතින් සමහර තාත්තල කියන්නෙ මෙහෙම දරුවන් හැදුවට වඩා හොඳයි කෙහෙල් පැලයක් හදා ගත්ත නම් කියල. ඉතිං මේ කතාවෙ ප්‍රධාන චරිත ඒ වගේ වැඩකට නැති වඳ පීදුන කෙසෙල් පැල ගොඩක්ද?

මෙහි රඟපාන්නෙ නවක නළු නිළි කැලක්. සිය පාසල් ජීවිතයෙ සිට තරුණ විය දක්වා සිදු වන සිදු වීම් රැසක් හාස්‍ය ජනක ලෙස මෙහි ඉදිරි පත් වෙනවා.ඉතිං විවිධ තාත්තල මෙන්ම විවිධ පුතාල අතර සම්බන්ධ කම් මිතුරු හා සතුරු කම්, ජීවිතයේ මග හැරීම්, අසමත් වීම් නව අරමුණු ඔස්සේ ගලා යන මේ කතාව නරඹන්න ආරාධනා කරනවා

Comments