EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Vanishing Time: A Boy Who Returned (2016) | මැකී යන කාලය

anishing Time: A Boy Who Returned කියන 2016 අවුරුද්දේ නිකුත් වුනු කොරියන් චිත්‍රපටියට තමයි අද මන් මේ උපසිරැසි අරගෙන ආවේ. Romance, Drama, Fantasy, Supernatural කියන කැටගරිවලට අයිති වෙන මේ චිත්‍රපටියේ තිර රචනය හා අධ්‍යක්ෂණය සිදු කරලා තියෙන්නේ Uhm Tae Hwa විසින්. මේ චිත්‍රපටිය නිර්මාණයට මූලික අදහස වෙලා තියෙන්නේ 2014දී සිදුවුනු MV Sewol නෞකාවේ ඛේදවාචකය. එයින් ජීවිතක්ෂයට පත්වුනු පුද්ගලයින් ගණන 299ක් වුනා. ඒත් කොරියානු රජය විසින් මේකේ ඇත්ත වසන් කරන්න උත්සහ කලා. ඉතින් Uhm Tae Hwa විසින් එම සිදුවීමේ ප්‍රධාන සිරස්තලය වුනු සත්‍යය සොයාගැනීම තේමා කරගෙන චිත්‍රපටියක් නිර්මාණය කරනවා. ඉතින් මේ චිත්‍රපටිය 2014 වෙච්ච MV Sewol නෞකාවේ ඛේදවාචකය ගැන නම් නෙවේ, ඒක පදනම් කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටියක්. පැය දෙකයි මිනිත්තු දහයක් පුරාවට දිවයන මේ චිත්‍රපටිය කුතුහලයෙන් නරඹන්න පුළුවන්.

CAST – රංගන දායකත්වය

• Shin Eun Soo – සූ රින්

• Kang Dong Won – සන්ග් මින් [වැඩිහිටි]

Plot Synopsis – කතා සාරාංශය
සූ රින් කියන්නේ හය වසරේ ඉගෙන ගන්න ගැහැනු ළමයෙක්. එයාට ඉන්නේ එයාගේ බාප්පා විතරයි. බාප්පගේ රස්සාවේ වැඩ හින්දා හ්වානෝ දූපතේ පදිංචියට යන්න වෙනවා. එහෙම ඉස්කෝලෙකට මාරු වෙන සූ රින්ට එහෙ ඉන්න කැමැත්තක් ඇත්තෙම නෑ. ඒත් දවසක් එයාට සන්ග් මින් කියලා පිරිමි ළමයෙක් හම්බවෙනවා. සන්ග් මින් ඉන්නේ ළමා නිවාසෙක. එයත් ඉගෙන ගන්නේ සූ රින්ගේ ඉස්කෝලෙම තමා. ඔහොම ටික කාලයක් යද්දි ඒ දෙන්නා හොද යාළුවෝ වෙනවා.

ඒ අතරේ සන්ග් මින්ට සූ රින් ගැන ආදරයකුත් හිතෙනවා. එක දවසක් සන්ග් මින් එක්ක එයාගේ යාළුවෝ වෙන ටේ ෂික්, ජේ වුක් එක්ක කන්දට යන්න ඉන්නකොට සූ රින් දැකලා එයත් එයාලා එක්ක යන්න එනවා. කන්දට ගියාම එයාලට ලොකු ගහක් හම්බෙනවා. ඒ ගහේ ලොකු කුහරයක් තියේ. ඒ කුහරේ ගිහින් බැලුවම තිබ්බේ ගුහාවක්. ඒකේ තිබිලා එයාලට බිත්තරයක් වගේ දෙයක් හම්බෙනවා. ඒ බිත්තරේ කුඩු කරලා බලන සන්ග් මින් යි එයාගේ යාළුවෝ දෙන්නයි එකපාරම අතුරුදහන් වෙනවා. දින කීපයක් ගියාට පස්සේ සන්ග් මින් ආයේ එනවා වුනත් ඒ එන්නේ පුංචි සන්ග් මින් නම් නෙවේ, වැඩිහිටි සන්ග් මින්.

එහෙම වෙන්නේ කොහොමද? ඇත්තටම එයා සන්ග් මින් මද? නැත්තම් සන්ග් මින් කියලා රවට්ටනවත්ද? කොහෙද එහෙනම් එයාගේ යාළුවෝ දෙන්නා? ඒවට උත්තර දැනගන්න නම් මේ චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා.

Comments

February 6, 2026

Beautiful movie