CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1734 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Veer-Zaara (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Veer-Zaara (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 12, 2004India192 Min.
Your rating: 10
7.6 5 votes
Veer-Zaara (2004) | “දේශ සීමා ඉක්මවා ගිය ප්‍රේම කාව්‍යය”

සුබ දවසක් මිත්‍රවරුනි. අද මේ ලිපිය වෙන් වෙන්නේ දිවංගත ප්‍රවීණ සිනමාකරු යශ් චොප්රා විසින් නිර්මාණය කළ අපි හැමෝම ඒ කාලේ ආසාවෙන් බලපු, අමරණීය ප්‍රේම වෘතාන්තයක් වන වීර්-සාරා සිනමා පටය ගැන කතා කරන්නයි. ඉන්දියන් ගුවන් හමුදාවේ වීර් ප්‍රතාප් සිං සහ පාකිස්ථාන දේශපාලනඥයෙකුගේ දියණියක වන සාරා හයාත් ඛාන් අතර ඇතිවෙන අතිශය හැඟුම්බර ආදර අන්දරයක් පදනම් කර ගනිමින් නිර්මාණය කර ඇති වීර්-සාරා සිනමාපටය ඉන්දියානු සිනමාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම සිනමාපට වලින් එකක්. බ්‍රිතාන්‍ය යටත් විජිතයේ බලපෑම නිසා ඉන්දියාව සහ පාකිස්ථානය දේශ සීමාවන්ගෙන් බෙදී වෙන්වී සටන් කළ ද, ඒ දෙරට අතර සංස්කෘතික ඥාතිත්වයන් හා බැඳීම් ඉස්මතු කරමින් සාමය සහ සහජීවනය ගැන ලබා දෙන නිර්මාණශීලී පණිවුඩය වීර්-සාරා සිනමා පටය තුලින් විචිත්‍රවත් ලෙස ඉදිරිපත් කෙරෙනවා.

වීර්-සාරා සිනමාපටයේ පිටපත රචනා කළේ අධ්‍යක්ෂක යශ් චොප්රාගේ පුත්‍රයා වන ආදිත්‍ය චොප්රා විසින්. Veer-Zaara (2004) සිනමාපටය මුල්වරට නිකුත් වුණේ 2004 නොවැම්බර් 12 වැනිදා දවසකයි. එහි නිෂ්පාදන පිරිවැය වුණු ඉන්දියානු රුපියල් කෝටි 23ට එදිරිව, ලොව පුරා ප්‍රදර්ශනයෙන් පසු ඉන්දියන් රුපියල් කෝටි 97.64ක් උපයන්නට මේ අද්විතීය සිනමා නිර්මාණය සමත් වූයේ 2004 වසරේ ඉහළම ආදායම් ලද ඉන්දීය සිනමා නිර්මාණය බවට පත්වෙමින්. විශේෂයෙන්ම එහි කතාව, දෙබස්, හඬපටය, රංගනය සහ ඉන්දියා – පාකිස්තාන සබඳතා පිළිබඳ සංවේදී නිරූපණය සඳහා එය පොදුවේ පිළිගැනීමට ලක් වුණා. විශ්ලේෂකයින් විසින් මෙය විස්තර කරන ලද්දේ පොදු පන්ජාබි සංස්කෘතියකට, ලෞකිකවාදයට සහ ස්ත්‍රීවාදයට අදාළ තේමා මෙහි අන්තර්ගත බවක්. ඒ කොහොම වුණත් Veer-Zaara ඉන්දියානු සිනමාවේ විශිෂ්ටතම ප්‍රේමණීය චිත්‍රපට අතරට ශ්‍රේණිගත කර තිබෙනවා.

මේ වසරේ, 2024 නොවැම්බර් 12 වැනිදාට වීර්-සාරා නිකුත් වී වසර විස්සක් සම්පූර්ණ වුණා. ඉතින් විසිවැනි සංවත්සරය වෙනුවෙන් වීර්-සාරා සිනමා පටය නැවතත් රිදී තිරයට නිකුත් කෙරුණු අතර එම නැවත නිකුත් කිරීම මේ වන විට ඉන්දියන් රුපියල් කෝටි 4 ඉක්මවන ආදායමක් උපයා ඇති බවයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. ඒ අනුව සමස්ත ආදායම ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවන්නට මේ දේශ සීමා ඉක්මවාගිය ප්‍රේම කාව්‍යයට හැකියාව ලැබී තිබෙනවා. 52 වැනි ජාතික චිත්‍රපට සම්මාන උලෙළේදී, හොඳ විනෝදාස්වාදය සපයන හොඳම ජනප්‍රිය චිත්‍රපටය ලෙස Veer-Zaara සම්මානයට පාත්‍ර විය. 50 වැනි ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී මෙම චිත්‍රපටය සම්මානයන් සඳහා නාමයෝජනා 15ක් ලබා ගත් අතර හොඳම චිත්‍රපටය සහ හොඳම කතාව (ආදිත්‍ය චොප්රා) ඇතුළුව සම්මාන 4ක් දිනා ගන්න සමත් වුණා. 6 වැනි IIFA සම්මාන උළෙලේදී සම්මාන නාමයෝජනා 11 කින් හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය (යශ් චොප්රා), හොඳම නළුවා (ෂාරුක් ඛාන්), හොඳම සහය නිළිය (රාණි මුඛර්ජි) සහ හොඳම සංගීත අධ්‍යක්ෂවරයා (මදන් මෝහන්) ඇතුළුව ප්‍රමුඛතම සම්මාන 7ක් දිනා ගත්තා.

අපි දැන් චිත්‍රපටයේ කතාව වෙත යොමුවෙමු. පකිස්තාන රජය තමන් යටතේ සිටින ඉන්දීය සිරකරුවන් සම්බන්ධයෙන් නොවිසඳුණු නඩු සමාලෝචනය කිරීමට තීරණය කරන්නේ අන්තර් සහයෝගිතාවයේ ඉඟියක් හැටියටයි. සාමියා සිද්ධිඛී, නවක පාකිස්තානු නීතිඥවරියක් වන අතර, ඇයගේ පළමු නඩුව ලෙස සිරකරු අංක 786 වෙනුවෙන් විත්තියේ නීතිඥ කාර්යය ඉටු කරන්න ඇයට භාර වෙනවා. ‘රාජේෂ් රාතෝර්’ නමින් ලේඛනගත කර ඇති සිරකරු වසර විසි දෙකක් තිස්සේ කිසිවෙක් සමඟ කතා කර තිබුණේ නැහැ. කෙසේ වෙතත්, සාමියා ඔහුගේ සිර කුටිය තුළට ගිහින්, ඔහුගේ සැබෑ නම වන වීර් ප්‍රතාප් සිං නමින් ඔහුව ආමන්ත්‍රණය කළ නිසා, ඔහු සිය නිශ්ශබ්දතාවය බිඳ දමා ඔහුගේ කතාව ඇයට කියන්න තීරණය කරනවා. විසි දෙවසරකට කළින්, සාරා හයාත් ඛාන් පාකිස්ථානයේ ලාහෝර් වල දේශපාලන පසුබිමක් ඇති පවුලක කෙළිලොල් පාකිස්ථානු තරුණියක් වුණා. ඇයගේ විවාහ ගිවිස ගැනීම ධනවත් සහ බලගතු නීතිඥයෙකු වන රාසා ශිරාසි සමඟ සංවිධානය කර තිබුණා. සාරා ඉන්දියාවට යන්නේ ඇගේ සීක් ජාතික මහලු ආයම්මාගේ මරණයෙන් පසුව, ඇයගේ අවසාන කැමැත්ත ඉටු කරන්න හිතාගෙන. ඒ ඇයගේ අළු සත්ලෙජ් ගඟේ විසුරුවා හැරීමට. ඒ අතරමඟදී ඇයගේ බස් රථය පල්ලමකට පෙරළිලා අනතුරකට ලක් වෙනවා. පසුව ඉන්දියානු ගුවන් හමුදාවේ නියමුවෙකු සහ පන්ජාබි සික් ජාතිකයෙකු වන වීර් ප්‍රතාප් සිං, සාරාව බේරාගෙන ඇගේ ආයම්මාගේ අවසන් කැමැත්ත සම්පූර්ණ කිරීමට ඇයට උපකාර කරනවා. ඉන්පසුව, ලෝරි උත්සවය සැමරීම වෙනුවෙන් ඇය ඔහු එක්ක ඔහුගේ ගමට යනවා. එහිදී ඔවුන්ට ඔහුව ඇති දැඩි කළ ඔහුගේ නැන්දා සහ මාමා හමුවෙනවා. වීර්ගේ හිතේ සාරා ගැන සියුම් ආදරයක් ඇතිවෙන්නේ මේ සිදුවීම් අතරතුරයි.

ඊළඟ දවසේ, සාරාව නැවත පකිස්තානයට පැමිණීම සඳහා වීර් ඇයව දුම්රිය ස්ථානයට රැගෙන යනවා. ඇය එක්කගෙන යන්න එන තරුණයා තමන්ගේ විවාහ ගිවිස ගත් තැනැත්තා බව සාරා හඳුන්වා දෙනවා. මෙය දැනගන්නා වීර් දැඩි කම්පනයට පත් වෙනවා. තමන් ඇයට ආදරය කළ බව වීර් පාපොච්චාරණය කරන්නේ ඔවුන්ට එකට සිටිය නොහැකි බවත් වටහා ගනිමිනුයි. ඒ දෙන්නාම වේදනාවෙන් යුතුව විසිර යන්නේ, ආයෙත් හමු නොවන බව දැනගෙනයි. ආපසු නිවසට පැමිණි සාරාට ඇගේ විවාහ මංගල උත්සවය සංවිධානය වන අතර වැටහෙනවා, තමනුත් වීර්ට ආදරය කරන බවක්. කොහොම වුණත් ඇගේ මව මෙයට විරුද්ධ වෙනවා, ඒ රාසා එක්ක විවාහ වීම ඇගේ පියාගේ දේශපාලන ජීවිතයේ පැවැත්මට අත්‍යවශ්‍ය වන නිසා. මේ අතර සාරාගේ යෙහෙළිය වන ෂබ්බෝ වීර්ට රහසින් කතා කරමින් සාරාව රැගෙන යන ලෙස ඉල්ලනවා. ඔහු වහාම ඉන්දීය ගුවන් හමුදාවෙන් ඉවත් වී පකිස්ථානයට එන්නේ රාසා-සාරා විවාහ මංගල දිනයේදී. සිය මංගල දිනයේදී සියලු අමුත්තන් ඉදිරියේ සාරා කඳුළු සලමින් වීර්ගේ දෑතට දිව යනවා. එය දැක ඇගේ පියා කම්පනයෙන් හා කෝපයෙන් දැඩිව රෝගාතුර වෙනවා. ඔහු දැඩි කළකිරීමට පත් වෙන්නේ, තමන්ගේ එකම දේශපාලන පිළිසරණ පිළිබඳ තීන්දුව දියණියගේ ආදරය කඩාකප්පල් කිරීමට දායක වුණු නිසා.

මේ අතර වීර්ව හමුවන සාරාගේ මව වීර්ගෙන් අයැද සිටින්නේ සාරාගේ පියාගේ කීර්ති නාමය සහ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් සාරාගේ විවාහයට ඉඩදෙන ලෙසයි. වීර් ඊට ගරු කරමින්, සාරාගෙන් වෙන්වන බව පවසා ආපසු නිවසට යාමට බස් රථයකට ගොඩ වන නමුත් කෝපයට හා ඊර්ෂ්‍යාවට පත්වූ රාසා ඔහුව පාකිස්තාන පොලිසිය යොදාගනිමින් අත්අඩංගුවට ගන්නවා. පොලිසියේදී රාසා වීර් හමුවී ඔහුට තෝරාගැනීම් දෙකක් දෙනවා: පළමුවැන්න තමන් ඉන්දියානු ඔත්තුකරුවෙක් ලෙසට අසත්‍ය චෝදනාව පිළිගෙන ජීවිතාන්තය දක්වා සිරගත වීමයි; එසේ කළහොත් රාසා සාරාට සතුටින් පිරුණු ජීවිතයක් ලබා දීමට එකඟ වෙනවා. දෙවැන්න, රාසා සාරාගේ ජීවිතය ජීවමාන අපායක් කරන බව දැනගෙන නිදහස් වී දිවි ගෙවීමයි. වීර් සාරා කෙරෙහි ඇති දැඩි ආදරය නිසා ඔහුගේ නිදහස කැප කර පකිස්ථානයේ සිරගත වෙන්න තීරණය කරනවා. සාරා රාසාව විවාහ කරගන්නවා. මේ අතර, වීර් ආපසු යාමට නියමිත බසය ප්‍රපාතයකින් වැටී මගීන් සියල්ලන්ම මිය යනවා. ඒ මගී ලැයිස්තුවේ වීර්ගේ නම තියෙන නිසා වීර් මිය ගිහින් කියල හැමෝම හිතනවා. ඒ තමයි වීර් ප්‍රතාප් සිං සාමියාට කියන ඛේදජනක අතීත කතාව.

සියලු සාක්ෂි වීර්ට එරෙහිව ඉදිරිපත් වන අසීරු නඩුවක විත්තිය වෙනුවෙන් සටන් කරන සාමියාගෙන්, වීර් ඉල්ලා සිටින්නේ කොතෙක් අවාසිදායක වුණත් සාරා ගැන නඩුවේදී සඳහන් නොකරන ලෙසයි. සාරා මේ වන විට විවාහ වී සතුටින් දිවි ගෙවනු ඇතැයි විශ්වාස කරන වීර්ට ඇයගේ කීර්ති නාමය විනාශ කිරීමට හෝ විවාහ ජීවිතය දුෂ්කර කිරීමට අවශ්‍ය නැහැ. මේ නිසා සාරා නොවන වෙනත් පුද්ගලයෙක් යොදාගෙන වීර්ගේ අනන්‍යතාවය ඔප්පු කළ යුතු බව සාමියා වටහා ගන්නවා. වීර්ගේ අනන්‍යතාවය හෙළි කරගත හැකි කිසිදු පුද්ගලයෙක් ඇයට හොයා ගත හැකිවනු ඇතිද? මැදිවියේ පසුවන වීර්ගේ මහලු දෙමව්පියන් ජීවතුන් අතර සිටිනු ඇතිද? මේ සියලු අභියෝග හමුවේ, පරාජය වෙමින් යන නඩුව දිනාගන්නට සාමියාට කළ හැක්කේ කුමක්ද? ඇයට වීර්ව නිදහස් කරගත හැකිවනු ඇතිද? සාරා මේ වනවිට කොතැනක කුමක් කරමින් ඇතිද? මුල සිට අගටම කුතුහලයෙන් යුතුව නැරඹිය හැකි මේ චමත්කාරජනක සිනමා පටය සිංහල උපසිරැසි සහිතව බලලම ඉතුරු ටික දැනගන්න එහෙනම්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හේවා ලුණුවිලගේ (Baicopelk)
IMDb 7.8 /10 58,842 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Yash Chopra
Director

Cast

Shah Rukh Khan isVeer Pratap Singh
Veer Pratap Singh
Preity Zinta isZaara Hayaat Khan
Zaara Hayaat Khan
Rani Mukerji isSaamiya Siddiqui
Saamiya Siddiqui
Amitabh Bachchan isChaudhary Sumer Singh
Chaudhary Sumer Singh
Anupam Kher isZakir Ahmed
Zakir Ahmed
Kirron Kher isMariam Hayaat Khan
Mariam Hayaat Khan
Boman Irani isJahangir Hayaat Khan
Jahangir Hayaat Khan
Manoj Bajpayee isRazaa Shirazi
Razaa Shirazi

Similar titles

Twilight Saga (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flipped (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Happiest Season (2020) With Sinhala Subtitles
Silence… Can You Hear It? (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maaya Ka Moh (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
BlackBerry (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flavors of Youth (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rocketry: The Nambi Effect (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Man from Earth: Holocene (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aarkkariyam (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Eagle (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tere Naal Love Ho Gaya (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • kaushi madhushika November 23, 2024 Reply

    thanks film eka dammata.
    taal movie eka denna
    thawa korean tv serious tikak dannako.
    boys over flowers
    heirs
    legend of the blue sea
    lassanat ewa danna aluth ewath ekka

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published