EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Viduthalai: Part I (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageViduthalai Part 1 (2023) | උදුරාගත් නිදහස යළි ලබා ගන්නට.
Original WEB Quality
කුමරේසන් සෙල්ලියම්මන් දුර්ගම් ගමේ පොලිස් රැකියාව සඳහා යනවා. මේ ගම ඉතාමත් දුෂ්කර ගමක්. ඒ වගේම මේ ගම අයත් අරුමපුරි දිස්ත්‍රික්කයේ ජන සේනා නම් ත්‍රස්තවාදී සංවිධානයේ ක්‍රියාකාරකම් බහුලව සිදු වුණා. කටුක බව දැනුනත් කුමරේසන් සතුටින් සේවය ඇරඹුවා. පලමු දිනයේදිම ඉහළ නිළධාරීන්ගේ නියෝග නොසලකා වළහෙක් ගහපු වයසක ගැහැනු කෙනෙකුගේ ජීවිතය බේරගන්නත් පුළුවන් වුණා. ගම්මුන්ට උදවු කරන්න යද්දි අනෙක් නිළධාරීන් ද අවවාද කලා. ඒත් කුමරේසන්ට ප්‍රතිඵල ලැබුණට පස්සෙදි නිලධාරීන් එයාට අවවාද කලේ මොකද කියලා තේරුම් ගියා. ඉහළ නිළධාරියාගේ අණට පිටුපෑමනිසා කුමරේසන්ට දිගින් දිගටම දඬුවම් රාජකාරි පැවරුවා. නින්දක්, කෑමක් වත් හරියට ලැබුණෙ නැහැ. ඔය අතරෙදි වළහා ගහපු මැහැල්ලගේ මිනිබිරී තමිල්අරසි නම් කෙල්ල කුමරේසන්ව හොයාගෙන ඇවිත් වෙලාවට ආච්චිව රෝහලට එක්කගෙන ගිහින් ජීවිතය බේරගන්න උදවු කලාට ස්තූති කරනවා. ඉන් පස්සෙ මේ දෙන්නා විටින් විට මුණ ගැහුණා. කාලය ගෙවී යද්දි තමිල්අරසි සහ කුමරේසන් අදරය කරන්න පටන් ගන්නවා. තමිල්අරසිගේ බාප්පා ජන සේනා ත්‍රස්තවාදී කල්ලියේ සාමාජිකයෙක්. ඔහොම යද්දි දවසක දෙන්නම කසාද බඳින්න තීරණය කරනවා. කුමරේසන්ට එයාගේ අම්මව එක්කගෙන ඇවිත් තමිල්අරසිගේ ආච්චි එක්ක කතා කරන්න කියනවා. ඒත් තමිල්අරසිගේ ආච්චි මේ සම්බන්ධයට අකැමැති වෙනවා. මොකද කුමරේසන් ගම්මුන්ට උදවු කරන යහපත් මනුස්සයෙක් වුණත් පොලිස් කාරයෙක් නිසා. මේ අතරේ කුමරේසන් වැඩ කරන පොලිස් E සමාගමේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ම ජන සේනා කල්ලිය විසින් වෙඩි තබා මරා දැමුවා. මේ සංවිධානයේ මහ මොළකරු පෙරුමාල්ව අල්ලා ගන්න “ගෝස්ට් හන්ට්” නමින් මෙහෙයුමක් පටන් අරගෙන තිබුණත් කිසිම ප්‍රගතියක් අත්කරගෙන තිබුණේ නැහැ. මේ නිසා මේ මෙහෙයුමේ ප්‍රධානියා විදියට සාර්ථක නිලධාරියෙක් වුණ DSP සුනිල් මේනන්ව පත් කරනවා. සුනිල් මේනන් හොඳ නරක දෙක සමබරව පවත්වාගෙන යන සුනිල් මේනන්ගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම වඩාත් දැඩිව සිදු කෙරුණා. සිරභාරයේ තබා ගත් පුද්ගලයින්ගෙන් විමර්ශනය කර පෙරුමාල්ගේ හැඩරුව කටුසටහනක් ලබා ගන්නවා. DSP කාර්යාලයේ තිබුණ මේ කටුසටහන් චිත්‍ර කුමරේසන්ට දකින්න ලැබෙනවා. බලද්දි කුමරේසන් මේ කටුසටහනේ ඉන්න පෙරුමාල්ව දෙසැරයක්ම දැකලා තිබුණා.
සම්මානනීය සිනමා අධ්‍යක්ෂක වෙට්‍රිමාරන් අධ්‍යක්ෂණය කරනු ලැබූ මේ චිත්‍රපටයට ආශ්‍රය කරගෙන තියෙන්නෙ බී. ජෙයාමෝහන් ලියන ලද “තුනෛවන්” නම් කෙටි කතාවක්. මේකේ එන ගුරුතුමාගේ චරිතයට තමිල් දේසියම් කණ්ඩායමේ සාමාජිකයෙක් වුණ කු. කලියපෙරුමාල් වාතියාර්ගේ චරිතය පාදක කරගෙන ඇති බව කියනවා.
මේ චිත්‍රපටියේ නළුවෝ රඟපෑවා කියනවා නම් ඒක අඩුපාඩුවක්. ඇත්තටම රඟපෑවා කියලා පෙනුනෙ නැහැ. එයාලා චරිතවල ජීවත් වුණා. සේදුපතිගෙ ඇස් දෙකෙන් විතරක් නොයෙක් දේ ප්‍රකාශ කෙරෙන එක් අවස්ථාවක් තිබුණා. ඒ අතරින් සූරිගේ කැපවීම වඩාත්ම ඉස්මතු වෙලා තිබුණා. සිනමාකරණය විශිෂ්ඨයි. ඉලෙයරාජා මේ චිත්‍රපටයට සංගීතය ලබා දුන්නා. පසුබිම් සංගීතය තරමක් සාමාන්‍ය මට්ටමේ තිබුණා. චිත්‍රපටයේ එන ගීත චිත්‍රපටයට තවත් මන්දගාමී කලා. පසුතල නිර්මාණ අද්විතීය ආකාරයෙන් නිර්මාණය කර තිබුණා. නළු ධනුෂ් මෙහි “උන්නෝඩු නඩන්දා” ගීතය ගායනයෙන් සම්බන්ධ වෙනවා. එයත් ඉලෙයරාජා යටතේ ගීතයක් කියන්න ප්‍රබල නළුවෙකුට ලැබෙන දුර්ලබ අවස්ථාවක්.
සූරි, විජයි සේදුපති, භවානි, ගෞතම් වාසුදේවන් මේනන්, චේතන්, රාජිව් මේනන්, ඉලවරසු, මුන්නාර් රමේෂ් යන අය මේ Viduthalai Part 1 චිත්‍රපටයේ රඟපානවා.
ආරම්භයේදී ඩොමෑඩෝ, පොඩෑඩෝ වගේ ඉංග්‍රීසි වැරදියට කියන් විකට චරිත කරපු සූරි ප්‍රථම වතාවට ප්‍රධාන චරිතයක් ඉදිරිපත් කරන්නේ මේ චිත්‍රපටයේදීයි. සූරී වෙට්‍රිමාරන්ගේ චිත්‍රපටියක් නිසාවෙන්ම ශරීර යෝග්‍යතාවය ගැන ගොඩක් සැලැකිලිමත් වුණා. වෙනත් චිත්‍රපට රූගත කිරීම් අතරෙදි පවා ව්‍යායාම ආදියේ යෙදී තිබුණා. රජිණිකාන්ත් විඩුදලෛ නරඹා වෙට්‍රිමාරන්, ඉලෛයරාජා, සූරි හා අනෙක් නළු නිළියන්, අනෙත් සැමට සුබ පැතුම් එක් කර තිබුණා. දෙවන කොටස වෙනුවෙන් බලා සිටින බවත් සඳහන් කර තිබුණා.
Original WEB Quality
- Viduthalai: Part I (2023)
- Viduthalai: Part II (2024)











