EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageVishudha Mejo (2023) | ජීනා මේජෝට කැමති වෙයිද?
මලයාලම් රසිකයෙක් විදියට Mathew thomas ඉන්න ෆිල්ම් එකක් මගහරිනවා කියන්නේ කරන්නේ නැති දෙයක්නේ.ඒ නිසාමයි මමත් මේ සබ් එක කරේ.මෙහි ප්‍රධාන චරිත ලෙස Dinoy Paulose,Lijo Mol Jose සමගින් Mathew thomas රංගනයෙන් දායක වෙනවා.මීට අමතරව Baiju Ezhupunna,Shiney Sarah,Abhiram Radhakrishnan,Siju sunny යන අය රංගනයෙන් දායක වෙනවා.ඒ වගේම හැමෝම දන්න Anaswara Rajan සහ Hakkim sha ආරාධිත රංගනයක් ලෙස රංගනයෙන් දායක වෙනවා.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kiran Antony.ෆිල්ම් එක 5.5/10 IMDb අගයක් වගේම 82% ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.ෆිල්ම් එකේ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Justin Varghese විසින්.ලස්සන සින්දු ටිකක් තියෙනවා.කේරල පරිසර සුන්දරත්වය ඒ සින්දුත් එක්කම විදගන්න මේ ෆිල්ම් එකෙන් පුලුවන්.
කතාව පැත්තට ගියොත්,මේජෝ කියන්නේ introvert personality එකක් තියෙන පුද්ගලයෙක්.ඒ කියන්නේ වැඩිය කතා බහ කරන්නේ නැති,වැඩිය යාලුවෝ නැති,යාලුවෝ හදාගන්න එච්චර කැමති නැති,ලැජ්ජාශීලී, සමාජය එක්ක එච්චර ගැටෙන්නේ නැති කෙනෙක්.පොඩි කාලෙදිම තමන්ගේ අම්මා නැති වීම මේකට ලොකු හේතුවක් වෙනවා.එතකොට Mathew, ඒ කියන්නේ ඇම්බ්‍රෝස් එයාට සහෝදරයෙක් වගේ.එයා අල්ලු අර්ජුන් ෆෑන් කෙනෙක්.කොහොම හරි මේ මේජෝගේ ජීවිතේට ජීනා එනවා.මේජෝ මේ ජීනාගේ හොදම යාලුවෙක් වෙලා අන්තිමට එයාගෙන් කැමැත්ත අහන තැනටම පත් වෙනවා.ජීනා මේජෝට කැමති වෙයිද එයාගේ මේ ඉන්න විදියට ජීනා කැමති වෙයිද කියලා ඔයාලම බලන්නකෝ.

