EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Vyasanasametham Bandhumithradhikal (2025) | සාවිත්‍රි අම්මාගේ මලගෙදර

කතාව ගැන කිව්වොත් අංජලී කියන්නේ හෙට අනිද්දා කසාද බදින්න ඉන්න ගෑනු ළමයෙක්. අංජලීගේ ගෙදර අම්මයි තාත්තයි අත්තම්මයි තමයි ඉන්නේ. කසාදෙට ඔන්න මෙන්න තියලා අත්තම්මා එහෙම නැත්තන් සාවිත්‍රි අම්මා මැරෙනවා. මගුල් ගෙදරක් වෙන්න තිබුණ ගෙදර එකපාරටම මළගෙදරක් බවට පත් වෙනවා.

එතැනින් එහාට පටන් ගන්නේ ප්‍රශ්න වැලක්. මල ගෙදරට අසල්වාසින්ගෙනුත් කරදර. ඒ අස්සේ අංජලීගේ කොලේජ් එකේ අංජලී පස්සෙන් ආපු කොල්ලත් මළ ගෙදරට රිංගගෙන. ඔය වගේ විවිධාකාර ප්‍රශ්න ගොඩක් මේ මලගෙදර ඇති වෙනවා. අත්තම්මාගේ අවසන් කටයුතු කරන්නේ කොහොමද කියලා ලොකු කාලගොට්ටියක්.

මරණයක් වුණාට පස්සේ නෑදෑයෝ සහ අසල්වැසියෝ අතර ඇතිවෙන හිත් අමනාපකම්, ඉඩම් ආරවුල් සහ බොරු ආටෝපයන් නියමෙටම උපහාසයට ලක් කරනවා.

අවසානයේදී සාවිත්‍රි අම්මාගේ අවසන් කටයුතු කරන්න තැනක් ලැබෙයිද? අංජලීගේ වෙඩින් එකට මොකද වෙන්නේ? කියන කුතුහලය අන්තිම වෙනකම්ම තියෙනවා.

මේක Black Comedy ෆිල්ම් එකක්. ඒ නිසා මේක මලගෙදරක ෆිල්ම් එකක් උනත් හිනා වෙවි බලන්න පුළුවන්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රඟපෑමෙන් දායක වෙන්නේ ජනප්‍රිය මලයාලම් නිළි “අනස්වරා රාජන්”. ඊට අමතරව Siju Sunny, Joemon Jyothir, Baiju Santhosh, Azees Nedumangad වගේ දක්ෂ නළු නිළි පිරිසක් දායක වෙනවා.

කුතුහලය එක්ක අවසන් වෙනකම් හිනාවෙවී බලන්න පුළුවන් මේ චිත්‍රපටය බලන්න හැමෝටම ආරාධනා කරනවා.

Comments