CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
3148 Views

  • Player 01
  • Player 02
  • Player 04 480p
  • Player 04 720p
Waltair Veerayya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Waltair Veerayya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 13, 2023India160 Min.
Your rating: 0
8 11 votes
Waltair Veerayya (2023) | මගේ දඩයමට සීමා නැහැ.

වෝල්ටර් වීරයියා ජාලර්පේට්ටා වල ධීවරයෙක්. ධීවරයෙක් විතරක් නෙවෙයි මැදිහත්කරණය කරලා ප්‍රශ්න විසඳලා දෙනවා. මේ විදියට දවසක් වීරයියා ලඟට ගනුදෙනු කාරයෙක් වෙනස්ම ගනුදෙනුවක් අරගෙන එනවා. මේ ගනුදෙනුකාරයා පොලිස් නිලාධාරියෙක්. මැලේසියාවේ ඉන්න කුඩු මාෆියා ලොක්කෙක්ව ඉන්දියාවට ගෙන්ව ගන්න එයාට උවමනා වෙලා තිබුණා. වීරයියට මුදල් හදිසියක් තිබුණ නිසා වැඩේ බාරගන්නවා. කොහොම හරි වීරයියා එයාගේ සගයෝ එක්ක මැලේසියාවට යනවා. ඒ වගේම වීරයියට වැඩේ බාරදුන්න ගනුදෙනුකාරයත් එයා එක්කම එනවා. වීරයියා මැලේසියාවේ හිටිය එයාගේ දෙමළ යාළුවා මනීගෙන් එයා පැහැරගන්න ආව සොල්මන් සීසර් ගැන අහනවා. සොල්මන් ගැන අහපු මනී හොඳටම බය වෙනවා. සොල්මන්ව පැහැරගන්න එක ලේසි නැති බවත්, එයාගේ අයියා මයිකල් සීසර් ගැනත් මනී වීරයියට කියලා අවවාද කරනවා. ඒත් වීරයියා මේ වැඩේ කරන්න පොරොන්දු වුණ නිසා පස්ස බලන්න කැමති වුණේ නැහැ. ඉතින් වීරයියා එයාගේ කල්ලිය එක්ක සොල්මන්ව පැහැරගන්න සැලැස්මක් ලැහැස්ති කරනවා. සැලැස්මෙ විදියට හැමෝම තමන්ගෙ කොටස හරියටම කරනවා. ඒත් වීරයියා වැඩේ වරද්ද ගන්නවා. පොඩි ගෑනු ළමයෙක් නිසා. වීරයියා එයාව දන්නවා. ආයෙමත් වීරයියා, සොල්මන්ව පැහැරගන්න සැලසුම් කරද්දී වීරයියට අහම්බෙන් සොල්මන්ව ආශ්‍රය කරන්න ලැබෙනවා. වීරයියා සොල්මන් එක්ක හොඳ හිතවත්කමක් ඇතිකර ගන්නවා. වීරයියගේ සැලැස්ම සාර්ථක වේවිද? පොලිස් නිලධාරියා කුඩු මාෆියා ලොක්කෙක්ව පැහැරගන්න වීරයියගෙන් උදවු ඉල්ලන්නෙ මොකටද? වීරයියා දැකපු ගෑනු ළමයා කවුද?

මේ චිත්‍රපටයේ යම් ජවනිකාවකට ශ්‍රී ලංකාවේ පෙරහැර සංස්කෘතික අංග, ආගමික අංග යොදාගෙන තියෙනවා. අපේ රටේ අය මේ වගේ දෙයක් කරන්න උත්සාහ කරන්න නැතුව ඇති. ඒ වුනත් එයාලා පෙන්නුම් කරන්න උත්සාහ කරන දේට එකඟවෙන්න බැරි අවස්ථා ඇතුලත් වෙලා තියෙනවා. ඒ වගේම යම් යම් දෙබස් වලින් ශ්‍රී ලංකාව අපහාසයට ලක් කරන ආකාරයක්(දේශපාලනිකව නොවේ.) සැලකිල්ලෙන් බැලුවොත් දකින්න පුළුවන්. කොහොම වුණත් ඔයාලට ඒවා නොසලකා හැරලා චිත්‍රපටය බලන්න පුළුවන්.

වෝල්ටර් වීරයියා අධ්‍යක්ෂණය බොබී කොල්ලි විසින්. මීට සංගීතය සැපයුවේ දේවි ශ්‍රී ප්‍රසාද් නැත්නම් DSP. තෙළිඟු සංක්‍රාන්තියට නිකුත් වුණ මේ චිත්‍රපටිය ඉ.රු. කෝටි 235ක් පමණ උපයාගෙන තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ තිරගත කිරීමෙන් ආදායම ඇ.ඩො. 2.2කට වඩා වැඩි ප්‍රමාණයක් උපයාගෙන තියෙනවා. සංක්‍රාන්ති/ පෝංගල් වලට නිකුත් වුණ වෝල්ටර් වීරයියා, වීර සිම්හා රෙඩ්ඩි, තුනිවු, වාරිසු චිත්‍රපට අතරින් ඇමරිකාවේ වැඩිම ආදායමක් වෝල්ටර් වීරයියා හිමිකර ගන්නවා. බොබී මීට කලින් Jai Lava Kusa (2017), Venky Mama (2019) චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබෙනවා. රවි තේජා රැඟපෑ Power (2014) චිත්‍රපටය ද ඔහු විසින් අධ්‍යක්ෂණය කලා.

දේශපාලන දිවියට පිවිසීමෙන් අනතුරුව නවතත් සිනමාවට අවතීර්ණ වුණ චිරන්ජීවිගේ මෑත කාලීන චිත්‍රපටි නම් දිගින් දිගටම ආදායම් වශයෙන් අසාර්ථක වුණා. විශේෂයෙන්ම Acharya (2022) චිත්‍රපටයේ රාම් චරන්ද, Godfather (2022) චිත්‍රපටයේ සල්මාන් ඛාන්ද රංගනයෙන් ඉදිරිපත් වුණත් මේ දෙන්නට පවා චිත්‍රපට රැකගන්න බැරිවුණා. මේ වෝල්ටර් වීරයියා චිත්‍රපටයේත් රවිතේජා දීර්ග කල පෙනීසිටීමක් ඉදිරිපත් කරනවා. රවිතේජා, චිරන්ජීවි එක්ක චිත්‍රපටයක එකට දකින්න ලැබෙන්නේ අවුරුදු 22කට පස්සෙදි. රවිතේජාට නම් 2023 අවුරුදේ මුලම හිට් චිත්‍රපටි දෙකක්ම වදිනවා. මේ චිත්‍රපටයට මුලදී දුෂ්ඨ චරිත වෙනුවෙන් නවාසුදීන්, බිජු මෙනන් දෙදෙනාව සම්බන්ධ කරගන්න හැදුවත් කාල වේලාව පිළිබඳ ගැටලු නිසා මඟහැරිලා තියෙනවා. මෙහි එන “බොස් පාටි” ගීතයට හින්දි නිළි ඌර්වසී රෞතෙලා රංගනයක් ඉදිරිපත් කරනවා. වීරයියාගේ පෙම්වතිය ලෙසින් රඟන ශෘතී හාසන් මේ සංක්‍රාන්තියටම නිකුත් වූ බාලක්‍රිෂ්ණාගේ වීර සිම්හා රෙඩ්ඩි චිත්‍රපටයේ ජයිසිම්හාගේ පෙම්වතිය ලෙසත් රඟපානවා. ඒ වගේම මේ චිත්‍රපට දෙකේම නිෂ්පාදන ආයතනය මයිත්‍රී මූවි මේකර්ස්.

ප්‍රකාෂ් රාජ්, රාජේන්ද්‍ර ප්‍රසාද්, වෙන්නිලා ක්‍රිෂෝර්, ශෘති හාසන්, නසර්, කැතරින් ත්‍රෙසා, සත්‍යරාජ්, සුබ්බුරාජු, ප්‍රදීප් රාවුත්, මනෝබාලා, රගුබාබු, මයිම් ගෝපි, ජෝන් විජයි, සප්තගිරි, මොට්ට රාජේන්ද්‍රන්, බී. එස්. අවිනාශ් වගේ ප්‍රසිද්ධ නළු නිළියන් රැසක්ම මෙහි චරිත මවනවා.

වෝල්ටර් වීරයියා පෙබරවාරි 23 වෙනිදා නෙට්ලිෆ්ලික්ස් හරහා ඩිජිටල් මාධ්‍යයෙන් නිකුත් කෙරුණා. මේ චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර හිමිවුණා. Imdb අගය 7/10ක් ලබාගෙන තියෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිඳු නවින් (Baiscopelk)
IMDb 7 /10 5,488 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Bobby Kolli
Director

Cast

Chiranjeevi isWaltair Veerayya
Waltair Veerayya
Ravi Teja isACP Vikram Sagar
ACP Vikram Sagar
Catherine Tresa isDr.Shalini
Dr.Shalini
Bobby Simha isSolomon Caesar
Solomon Caesar
Prakash Raj isMichael 'Kaala' Ceaser
Michael 'Kaala' Ceaser
Rajendra Prasad isCI Seethapathi
CI Seethapathi

Similar titles

Jab Tak Hai Jaan (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Singa Paarvai (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Orang Kaya Baru (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brahmastra Part One: Shiva (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bajrangi Bhaijaan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rambo III (1988) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Union (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Divine Fury (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Road (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Govinda Naam Mera (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spider-Man 2 (2004)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaam Chalu Hai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • NuwaN July 13, 2023 Reply

    ❤️👌👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published