CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
War Dogs (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Oana Ene, Steve Gehrke, Todd Phillips, Tom Davies
Cast
Go Full Cast PageWar Dogs (2016) | යුද්ධය වවාගෙන කෑම
මේක සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වෙච්ච චිත්‍රපටයක්. ෆිල්ම් එකේ කතාව ගෙතෙන්නෙ අවි ආයුධ වෙලඳාමට සෙට් වෙන යාලුවො දෙන්නෙක් වටේ. එයාලගෙ බිස්නස් එක තමයි අවි ආයුධ මිලට අරන් ඒවා යුද්ධය පවතින රටවල් වල ඉන්න ඇමරිකන් හමුදාවට විකුණන එක.ඉතින් මේ බිස්නස් එක නැගල යද්දි මේ දෙන්න මූන දෙන ප්‍රශ්න, ඒ වගේම ඒවට මුන දෙන විදියත් ගැන මේ ෆිල්ම් එකේ නියමෙට පෙන්නනවා. අන්තිමේ මේ ගොල්ලො ව්‍යාපාරයෙ ඉහලට නගින්න නොකරන දෙයක් නෑ. ඒ නිසා වෙන දේවල් මම කියන්න යන්නෙ නෑ. ෆිල්ම් එක බලලම දැන ගන්න.
ෆිල්ම් එකේ රඟපාන්නෙ හොඳට අඳුරන ඩබලක්.Jonah Hill සහ Miles Teller. මෙයාලගෙ ඇක්ටින් ගැන කියන්න දෙයක් නෑනේ. පොඩි පොඩි කොමඩි කෑලි ටිකකුත් තියනවා.ඉතිං තව කියනවනම් IMDB එකේ 7.2 ක අගයක් හම්බවෙලා තියනවා. Comedy, Crime, Drama කියලා තමයි ඒකෙ වර්ග කරලා තියෙන්නෙ. ඒකෙන්ම පේනවනේ. එහෙනම් මිනිත්තු 114 ක් පුරා දුවන මේ ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.












