EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

War for the Planet of the Apes (2017) | වානර යුද්ධය

ප්ලෑනට් ඔෆ් ද ඒප්ස් කියන කතාව නොදන්නා අයට සරලවම කතාව තේරුම් ගන්න කියනවා නම්. හිතන්න මේ ලෝකේ අපේ තැන වානරයෝ ඒ කියන්නේ ඔය වදුරෝ, ගොරිල්ලෝ, චිම්පන්සි ගත්තොත් ඒවගේම එයාලගේ තැන අපි ගත්තොත් මොකද වෙන්නේ කියල. ඇත්තටම මේ කතාමාලාවේ සරල අදහස ඒක තමා. මිට පෙර චිත්‍රපට දෙකේ කොහොමද වානරයන්ගේ තැන මිනිස්සුට ලැබෙන්නෙත් මිනිස්සුන්ගේ තැන වානරයන්ට ලැබෙන්නෙත් කියල පෙන්නුම් කරනවා. ඔයාල දන්නවා මිනිසුන් වෙනුවට විද්‍යාත්මක පරීක්ෂණය වලට යොදාගන්නේ වඳුරෝ කියල. ඉතින් මෙහෙම පරීක්ෂණයක් කරනවා විශේෂ වයිරසයක් ගැන වඳුරන් යොදාගෙන. එකෙන් අවසානයේ වෙන්නේ එමගින් වානරයන්ට සුපිරි බුද්ධියක් ලැබීම සහ සිමියන් උන ලෙස ලෝකේ පැතිරීගෙන යන මෙම වයිරස් අසාදනයෙන් මිනිස්සු මිලියන ගණනක් මැරිලා යන එක. ඊටපස්සේ කෝබා කියන වානරයා විසින් එයාට වෙච්ච හිරිහැර වෙනුවෙන් මිනිස්සුන්ට විරුද්දව සටන පටන් ගන්නවා. ඒකට සීසර් කියල වානරයෙක් විරුද්දවෙලා කෝබා මරල දානවා. ඔන්න ඕක තමා මෙතෙක් කතාව ගැන සරලවම කියනවා නම්.

මේ චිත්‍රපටය පටන් ගන්නේ එතනින්. කෝබා මරල දැම්මත් මිනිසුන් වානරයන්ට විරුද්ධව යුද වදිනවා. ඒ හේතුව හින්ද සීසර්ට සිද්ද වෙනවා වානරයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කරන්න. මේ හේතුව හින්ද සීසර් මරාදැමීම අනිවාර්ය වෙනවා මිනිසුන්ට. ඒ අතරේ සිමියන් උණෙන් බේරුන මිනිසුන්ට අලුත් රෝගයක් වැළඳෙනවා.ඒ තමා ගොළු වීම සහ බුද්ධිය නැති වීම. ඒකියන්නේ සරලවම වානරයන්ට කතා කිරීම සහ බුද්ධිය වගේ මිනිස් ගුණ ලැබෙන අතරේ මිනිසුන් ගෙන් එම හැකියාවන් ඉවත් වෙනවා. ඉතින් ඊට විරුද්දව හමුදා කර්නල් කෙනෙක් ගෙනයන සටන සහ සීසර් ඊට මුහුණ දෙන ආකාරය තමා මේ චිත්‍රපටයේ පෙන්වන්නේ. ඉතින් මින්සුන් කවුද සතුන් කවුද කියල හරියටම මේ චිත්‍රපයට බලනකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඉතින් IMDb අගය 7.8 වෙච්ච මෙම සුපිරිම චිත්‍රපටය බලන්න.

Comments