EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Weekend in Taipei (2024) | ජීවිතය වෙනස්කල පෙරලිකාර සති අන්තය

 

ප්‍රංශ, තායිවාන් සම නිෂ්පාදනයක් වූ නවතම ඉංග්‍රීසි ඇක්ෂන් චිත්‍රපටයකට තමයි අද උපසිරැසියක් ගෙනාවෙ. 2024 සැප්තැම්බර් 25 දින ප්‍රංශයේ සහ තායිවානයේ තිරගත කිරීම ඇරැඹි මේ සිනමා පටය තමයි Weekend in Taipei. විනාඩි 101 ක ධාවන කාලයකින් යුතුවන අතර Action, Crime, Drama, Thriller විදිහට වර්ග කරන්න පුලුවන්. තායිවානයේදී ආරම්භක සති අන්තයේම ඉහලම බොක්ස් ඔෆීස් ආදායමට හිමිකම් කිවූ අතර මේ වනවිට ඇ. ඩො. මිලියන 2.8 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගෙන තියෙනවා. ප්‍රධාන චරිත තුනට දායක වෙන්නේ Luke Evans (ජෝන් ලෝලර්), Gwei Lun-mei (ජෝයි) සහ Sung Kang (ක්වාං).
                වසර ගණනාවකට පෙර, ඇමරිකානු DEA නියෝජිත ජෝන් ලෝලර්, අපරාධ පාතාල ලෝකයේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් වන කිං ක්වාං ගැන විමර්ශනය කිරීමට රහසිගතව තායිවානයට යනවා. එම සංවිධානයේ මත්ද්‍රව්‍ය බෙදාහරින රියදුරෙක් වන සුරූපී ජෝයි සමග ආදරයෙන් බැඳෙන ජෝන්ට, තම රැකියාව නිසා ඇයගෙන් වෙන්වෙන්න සිදුවෙනවා. නමුත් ඒ වනවිට ඇය ඔහු නිසා ප්‍රෙග්නන්ට් බව ජෝන් දැනගන්නේ නෑ. ඉන් වසර 15 කට පසු,, ක්වාං අත් අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන සාක්ෂියක් පිළිබඳව ලැබෙන ඔත්තුවක් නිසා, සති අන්ත නිවාඩුවක මුවාවෙන් ජෝන් නැවතත් තායිවානයේ, තායිපේ වලට එනවා. නමුත් ඒ වනවිට අපරාධකාර ක්වාංගේ බිරිඳ වන්නේ ඔහුගේ අතීත පෙම්වතිය වන “ජෝයි” කියල දැනගැනීමත් සමගම ඔහුගේ නිවාඩුව, ඔහුගේ ජීවිතය වෙනස් කල පෙරලිකාර සති අන්තයක් වන්නේ නොසිතූ විදිහටයි.
            සිපගැනීම් ඇරුණම 18+ සීන් නම් නෑ.

Comments

December 17, 2024

SECRET LEVEL දෙන්නකො ඉක්මනට session 1 episode 8 ම ඇවිල්ල තියෙන්නෙ.