EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Wicked Little Letters (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Director:Jo Tew, Michael King, Simon Hedges, Thea Sharrock
Cast
Go Full Cast PageWicked Little Letters (2024) | “ලියුමක් ලියමුද?” | 18
“Wicked Little Letters” කියන්නේ මේ අවුරුද්දේ පෙබරවාරි 23 වෙනිදා නිකුත් වුණ Comedy/Mystery කාණ්ඩයට අයත් චිත්‍රපටයක්. IMDB 7 ක අගයකුත්, කුණු තක්කාලි 80% අගයකුත් අරගෙන තියෙන මේ චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 26.7 ක්
Plot එක ගැන කතාකරනකොට මුලින්ම කියන්න තියෙන්නේ මේ කතාවේ ප්‍රධාන මාතෘකාව තමයි “කුණුහරප” එංගලන්තයේ ලිට්ල්හැම්ප්ටන් (Littlehampton) නගරයේ ජීවත් වෙන මිනිස්සුන්ට කාලයක ඉඳන් කුණුහරපෙන් බැනලා නිර්ණාමික ලියුම් එනවා තැපෑල් හරහා ගෙවල් වලටම. හේතුවක් නැතිව වුණත් මේ විදිහට ලියුම් එන එක කට්ටියට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. කතාවේ ප්‍රධාන චරිතයක් වෙන “ඊඩිත් ස්වාන්” කියන ගැහැණු කෙනාටත් මේ දේ සිද්ධ වෙන්න ගන්නවා. මේ ගැන මෙයාගේ තාත්තා පොලිසියට පැමිණිලි කළාට පස්සේ ඊඩිත් ගේ අසල්වැසියා වගේම හොඳ යාළුවෙක් වුණ “රෝස් ගුඩින්” කියන ගැහැණු කෙනාට මේ සම්බන්ධයෙන් සැකය එල්ලවෙනවා. ඒකට ප්‍රධාන හේතුවෙන් වෙන්නේ රෝස් ගුඩින් ට තියෙන්නේ සැර කටක්’ ඒ කියන්නේ නිතරම කුණුහරපයක් කියාගත්ත ගමන් ඉන්න කෙනෙක් තමයි ඒ. පොලිසිය දියත් කරන අවිධිමත් පරීක්ෂණය හරහා රෝස් ගුඩින් වැරදිකාරිය වෙයිද නොවෙයිද කියන එක බලාගන්න පුළුවන් මේ අපූරු චිත්‍රපටය අවසානයේදී..
මේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ 1920 හා ඒ ආසන්න කාලයේ එංගලන්තයේ සිද්ධවුණු “Seaside Mystery” කියන සත්‍ය කතාව.
Cast එක ගැන කතාකරනවනම්, Academy Award සහ BAFTA Award සඳහා තේරීපත්වුණු විශිෂ්ට අයර්ලන්ත රංගන ශිල්පිනියක් වෙන “Jessie Buckley” තමයි “රෝස් ගුඩින්” චරිතයට පණ පොවන්නේ. තවත් දක්ෂ රංගන ශිල්පිනියක් වෙන “Olivia Coleman” තමයි ඊඩිත් ස්වාන් චරිතයට රංගනයෙන් දායක වෙන්නේ. මීට අමතරව තවත් ගොඩක් දක්ෂ නළු නිළියන් මේ චිත්‍රපටයේදී අපිට දැකගන්න පුළුවන්.
18 + Alert එක දාන්න සිද්ධවෙනවා මොකද එක තැනක පොඩි Nacked සීන් එකක් තියෙනවා සහ චිත්‍රපටය පුරාවටම “අසභ්‍ය වචන” තියෙන හින්දා.
බාගෙන බලන්න එහෙනම්












