EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageWolf Warrior (2015) | වෘක රණශූරයන්
මිනිත්තු 90ක් පුරා දිවෙන මෙම සිනමාපටය 2015 අප්‍රේල් 06 වෙනිද චීනයේදී තමයි නිකුත් කරල තියෙන්නෙ. The Mummy: Tomb of the Dragon Emperor (2008), Shaolin (2011) වැනි සිනමාපට අධ්‍යක්ෂණය කල Wu Jing කියන අධ්‍යක්ෂක වරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙත් ඔහුමයි. තවද මෙම සිනමාපටය IMDb දර්ශකයේ 5.7/10 වැනි අගයක් ලබාගැනීමටද සමත්ව තිබෙනවා.
චීන විශේෂ කාර්‍ය බලකා සොල්දාදුවෙක්(ලොංග් ෆොංග්) මෙහෙයුමකදී අණ නොතකා ක්‍රියා කිරීම හේතුවෙන් සිරගත කරනවා. එහිදී ඔහුව චීන හමුදාවේ විශේෂ කාර්‍ය බලකායන්ගේත් විශේෂ කාර්‍ය බලකාය ලෙස හඳුන්වන වෘක රණශූරයන් කියන කණ්ඩායමට බඳවා ගන්නවා. එහි පුහුණුවක් අතර ඔහු කලින් වෙඩි තබා ඝාතනය කල හොර මත්කුඩු ජාවාරම් කරුගේ සහෝදරයා ඔහුව ඝාතනය කිරීමට එවන ලද කුලියට මිනී මරන්නන් කණ්ඩායමකට මැදි වෙනවා. “ලොංග් ෆොංග්” සමඟ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින් හා කුලියට මිනී මරන්නන් අතර ඇතිවන සටනින් ලොංග් ෆොංග් සහ ඔහුගේ කණ්ඩායමට බේරීමට ලැබෙයිද කියල ඔයාලටම බලන්න ආරාධනා කරනව.



