EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Wreck It Ralph (2012) | ගේම් එකක් ඇතුලෙ ජරමරයක්..

අද මම ඔයාලට අරගෙන ආව සුපිරිම ඇනිමේෂන් ෆිල්ම් එකක්. මෙච්චර ෆිල්ම් වලට සබ් දාල තිබුනත් මේ වෙනකන් මම ඔයාලට ඇනිමේෂන් ෆිල්ම් එකක් දීල නෑනෙ. ඔන්න ඒ නිසා මෙදා පාර මම සුපිරිම ඇනිමේෂන් ෆිල්ම් එකක් තෝර ගත්ත සබ් දාන්න. Rich Moore විසින් අධ්‍යක්ෂණය කරල තියන මේ ෆිල්ම් එකට IMDb ලකුණු 8ක් වගේම මේ පාර ඔස්කාර් සම්මානයටත් නිර්දේශ වෙලා තියෙනවා . සාමාන්‍යයෙන් මම ඇනිමේෂන් බලන්නෙම නැති තරම්. ඒත් මේක බැලුවට පස්සෙ නම් හිතා ගත්ත ආයෙත් නම් මේ වගේ ඇනිමේෂන් එකක් මග හරින්නෙ නෑ කියල. හරි අපූරු සිද්ධියක් තමයි මේකෙ කතාවට යොදාගෙන තියෙන්නෙ.

ලිට්වැක් කියල කෙනෙක්ට අයිති වීඩියෝ ගේම් ශොප් එකක් තියනව. මේකට ගේම් ගහන්න හුඟක් කට්ටිය එනව. මේකෙ අපිට පෙන්නල තියෙන්නෙ ඒ වීඩියෝ ගේම් ඇතුලෙ ඉන්න චරිත වටා සිදුවන ලස්සන සිදුවීමක්. “ෆික්ස් ඉට් ෆීලික්ස්” කියන ගේම් එකේ ඉන්නව ප්‍රධාන චරිත 2ක්. ඒ තමයි “ෆික්ස් ඉට් ෆීලික්ස්” සහ “ව්‍රෙක් ඉට් රැල්ෆ්”.. රැල්ෆ්ගෙ රාජකාරිය තමයි හැමදේම කඩල බිඳල දාන එක. ෆීලික්ස් තමයි ඒ හැම එකක්ම ආපහු හදන්නෙ. මේකට එයා ළඟ තියනව මැජික් මිටියක්. හැමදේම විනාශ කරල දාන නිසා රැල්ෆ් තමයි නරක කෙනා. ෆීලික්ස් තමයි හොඳ කෙනා. ඉතින් දැන් රැල්ෆ්ට මේ විදියට නරක කෙනා වෙලා ඉඳල ඇති වෙලා. ඒ නිසා රැල්ෆ් කල්පනා කරනව පදක්කමක් අරන් තමනුත් හොඳ කෙනෙක් වෙන්න. කොටින්ම කියනව නම් මෙයාට ඕනෙ දුෂ්ටයගෙ චරිතෙන් අයින් වෙලා වීරයෙක් වෙන්න. ඉතින් මේ නිසා දවසක් රැල්ෆ් එයාගෙ ගේම් එකෙන් වෙන ගේම් එකකට මාරු වෙනව. ඉතින් ඊට පස්සෙ වෙන වැඩේ හිතා ගන්න පුලුවන්ද? එහෙනම් ඉතින් ඔයාලම බලන්නකො ඊට පස්සෙ වෙන්නෙ මොකද කියල. හොඳ කෙනෙක් වෙන්න හිතාගෙන, පදක්කමක් ගන්න ගියපු රැල්ෆ්ට නියම වැඩ ටිකක් තමයි සිද්ද වෙන්නෙ. ටිකක් කිව්වට ටිකක් නෙමෙයි, වැඩ ගොඩක් සිද්ද වෙනව..

Comments