EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Wrong Turn 5: Bloodlines (2012) | ලේ සුවදැති රාත්‍රිය. | 18+

Film එක ගැන කිව්වොත් imdb දර්ශකයේ 4/10ක් වගේ අගයක් තමා අරගෙන තියෙන්නේ. කොහොමත් කතාවක් දිග් ගැස්සෙන්න ගැස්සෙන්න ඒකට තියෙන කැමැත්තත් අඩු වෙන ඒක ස්වාභාවිකයිනේ. පළවෙනි කතා 3 තරම් ගුණාත්මක නොවුණත් මේකෙත් හොඳ කතාවක් තියෙනවා කියන්න පුළුවන්. හැබැයි බලාගෙන ඉන්න බැරි බිහිසුණු දර්ශන එහෙම ගොඩක් තියෙනවා. ඒ වගේම අනිත් කතා වලට වඩා ලිංගික දර්ශන එහෙමත් වැඩිපුර එකතු කරලා තියෙනවා. Film එක මුලින්ම බලද්දී මගෙත් එච්චර පැහැදීමක් තිබ්බේ නෑ. ඒත් sub එක දාන අතරතුර ඒ හැගීම ටිකක් විතර වෙනස් උණා. 😛

කතාව ගැන කිව්වොත් College එකක යාළුවෝ 5 දෙනෙක් සති අන්තයෙදී හැලෝවීන් රාත්‍රිය සමරන්න Fairlake කියන පොඩි නගරයට යනවා. හැබැයි ඒ යන ගමන් හිතපු නැති අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. එයාලගේ වාහනේට එක වයසක මිනිහෙක් හැප්පෙන්න යනවා. කොහොම කොහොම හරි එතන ලොකු ආරවුලක් යනවා. එතකොට ඒ නගරයේ ෂෙරිෆ් ඇන්ජලා එතනට ඇවිදින් මේ හැමෝවම අත්අඩංගුවට ගන්නවා. ප්‍රශ්නේ ඉවර නෑ. දැනුයි පටන් ගන්නේ. කවුරුවත් නොදන්නා දෙයක් සිද්ධ වෙමින් තිබ්බා. වාහනේට හැප්පුණු නාකි මනුස්සයා, අවුරුදු 30ක් තිස්සේ පැනලා යන මිණිමරුවෙක්. ඒ වගේම මිනිමස් කන විරුපියන්ගේ නායකයා. ඉතින් මේ අතර තමන්ගේ ලොක්කව බේරගන්න අර මිනීමරු විරූපියෝ මහ රෑ නගරෙට එනවා. අවාසනාවටද කොහේදෝ එදා මුළු ටවුන් එකම පාළුයි. හැමෝම හැලෝවීන් සමරන්න ගිහිල්ලා. ටවුන් එකටම හිටියේ ෂෙරිෆ් ඇන්ජලා එක්ක අර යාළුවො 5 දෙනා විතරයි. ඒ වගේම බිහිසුණු මිණිමරුවෙක්.

ඉතින් ඒ හුදකලා රාත්‍රියේදී මේ ඒක එක්කෙනාගේ ඉරණම කොහොම විසදෙයිද? මෙයාලා අර මිණිමරුවන්ගේ ගොදුරු බවට පත් වෙයිද? හෙට ඉර පායනවා දකින්න කවුරු වාසනාවන්ත වෙයිද?? කවුරු අවාසනාවන්ත වෙයිද??? සමහරවිට හැමෝම වාසනාවන්ත වෙයිද ???……. නැත්තම්… හැමෝම අවාසනාවන්ත වෙයිද ?????

එහෙනම් බලන්න කියලා ආරාධනා කරනවා.

Comments