CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4006 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
xXx (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

xXx (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 09, 2002United States124 Min.
Your rating: 0
7.4 7 votes
xXx (2002) | නිදහස වෙනුවෙන්!

2002 වර්ෂයේ නිකුත්වුන Action, Adventure, Thriller කාණ්ඩයන්ට අයත්වන xxx චිත්‍රපටිය තමා මෙවර අරගෙන ආවේ! ගොඩක් අය මේ චිත්‍රපට මාලාව ගැන අහලා ඇති. ගොඩක් අය බලලත් ඇති. කොහොම වුනත්, බැලුව නොබැලුව හැමෝටම දැන් සිංහල උපසිරැසියත් එක්ක කතාව බලන්න පුළුවන්. චිත්‍රපට මාලාවක් කියලා කිව්වේ මේකේ තවත් චිත්‍රපටියක් තියෙන නිසා. ඒකටත් ඉදිරියේදී උපසිරැසි අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේක කලින් බාර අරගෙන තිබිලා, “කමක් නෑ උබම කරහන්” කියලා මේක මටම භාරදුන්න අපේ විමා සහෝටත්, හසන්ත අයියාටත් (හේතුව කියන්න බෑ) ස්තූතිවන්ත වෙනවා. imdb අගය 5.8ක් ලබාගත්ත මේ කතාවට ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නළු Vin Diesel(සැන්ඩර් කේජ්-xxx). ඒ වගේම Samuel L.Jackson”නියෝජිත ඔගස්ටස් ගිබන්ස්” විදියට රංගනයෙන් දායක වෙනවා. එහෙනම් කතාව ගැන කෙටියෙන් විස්තරයක් කරන්නම්.

කතාව මෙහෙමයි, සැන්ඩර් කේජ් නැත්නම් xxx කියන්නේ විනෝදයට එක එක විදියේ ක්‍රියාදාම කරන කෙනෙක්. කතාව පටන්ගද්දිම මෙයා කෙනෙක්ගේ කාර් එකක් හොරකම් කරනවා. හැබැයි හොරකම් කරාට ඒක තියාගන්නේ නෑ. පොලීසියත් පස්සෙන් ගෙන්නගෙන ක්‍රියාදාම ටිකක් පෙන්නලා, හැමෝටම පේන්න ඒක විනාශ කරලා දානවා. ඒක කරන අතර ඒක පටිගත කරනවා. (ඇයි ඒ කෙනාට එහෙම කරන්නේ කියලා කතාව බලද්දී තේරෙයි) ඉතින් මෙන්න මේ වගේ දේවල් කරන කෙනෙක් තමා සැන්ඩර් කේජ් කියන්නේ. එයාට මේවට උදව් කරන්නත් කට්ටියක් ඉන්නවා. ඉතින් ඔහොම දේවල් වන අතරේ දවසක් ජාතික ආරක්ෂක නිලධාරියෙක් වන ඔගස්ටස් ගිබන්ස් සැන්ඩර් කේජ්ව මුනගැහෙනවා. මුනගැහිලා ඔහුට වැදගත් මෙහෙයුමක් බාරදෙනවා. හැබැයි නිකන්ම බාරදෙන්නේ නෑ,ඊට කලින් ඔහුට එක එක පරීක්ෂණ දෙනවා ඔහු මේ වැඩේට ගැලපෙනවද බලන්න. ඉතින් මොනාද මේ පරීක්ෂණ? මොනාද සැන්ඩර්ට බාරදෙන්නේ? ඇයි සැන්ඩර් මේක බාරගන්නේ? කියන ඒවා දැනගන්නත් එක්ක මේ චිත්‍රපටිය නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. හොද ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්.

xXx (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
xXx (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
xXx (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
xXx (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
xXx (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
xXx (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉසුරු දිල්ශාන් (Baiscopelk)
IMDb 5.8 /10 183,481 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Vin Diesel isXander Cage
Xander Cage
Samuel L. Jackson isAgent Augustus Gibbons
Agent Augustus Gibbons
Leila Arcieri isJordan King
Jordan King
Michael Roof isAgent Toby Lee Shavers
Agent Toby Lee Shavers
Richy Müller isMilan Sova
Milan Sova

Similar titles

In the Lost Lands (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rudra Thandavam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Campaign (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malum (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Adventures of Sharkboy and Lavagirl 3-D (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vinaya Vidheya Rama (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Harry Potter and the Sorcerer’s Stone (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Eagle (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fear Street: Part Two – 1978 (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Golda (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Trap (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published