EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

xXx (2002) | නිදහස වෙනුවෙන්!

2002 වර්ෂයේ නිකුත්වුන Action, Adventure, Thriller කාණ්ඩයන්ට අයත්වන xxx චිත්‍රපටිය තමා මෙවර අරගෙන ආවේ! ගොඩක් අය මේ චිත්‍රපට මාලාව ගැන අහලා ඇති. ගොඩක් අය බලලත් ඇති. කොහොම වුනත්, බැලුව නොබැලුව හැමෝටම දැන් සිංහල උපසිරැසියත් එක්ක කතාව බලන්න පුළුවන්. චිත්‍රපට මාලාවක් කියලා කිව්වේ මේකේ තවත් චිත්‍රපටියක් තියෙන නිසා. ඒකටත් ඉදිරියේදී උපසිරැසි අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේක කලින් බාර අරගෙන තිබිලා, “කමක් නෑ උබම කරහන්” කියලා මේක මටම භාරදුන්න අපේ විමා සහෝටත්, හසන්ත අයියාටත් (හේතුව කියන්න බෑ) ස්තූතිවන්ත වෙනවා. imdb අගය 5.8ක් ලබාගත්ත මේ කතාවට ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නේ සුපිරි නළු Vin Diesel(සැන්ඩර් කේජ්-xxx). ඒ වගේම Samuel L.Jackson”නියෝජිත ඔගස්ටස් ගිබන්ස්” විදියට රංගනයෙන් දායක වෙනවා. එහෙනම් කතාව ගැන කෙටියෙන් විස්තරයක් කරන්නම්.

කතාව මෙහෙමයි, සැන්ඩර් කේජ් නැත්නම් xxx කියන්නේ විනෝදයට එක එක විදියේ ක්‍රියාදාම කරන කෙනෙක්. කතාව පටන්ගද්දිම මෙයා කෙනෙක්ගේ කාර් එකක් හොරකම් කරනවා. හැබැයි හොරකම් කරාට ඒක තියාගන්නේ නෑ. පොලීසියත් පස්සෙන් ගෙන්නගෙන ක්‍රියාදාම ටිකක් පෙන්නලා, හැමෝටම පේන්න ඒක විනාශ කරලා දානවා. ඒක කරන අතර ඒක පටිගත කරනවා. (ඇයි ඒ කෙනාට එහෙම කරන්නේ කියලා කතාව බලද්දී තේරෙයි) ඉතින් මෙන්න මේ වගේ දේවල් කරන කෙනෙක් තමා සැන්ඩර් කේජ් කියන්නේ. එයාට මේවට උදව් කරන්නත් කට්ටියක් ඉන්නවා. ඉතින් ඔහොම දේවල් වන අතරේ දවසක් ජාතික ආරක්ෂක නිලධාරියෙක් වන ඔගස්ටස් ගිබන්ස් සැන්ඩර් කේජ්ව මුනගැහෙනවා. මුනගැහිලා ඔහුට වැදගත් මෙහෙයුමක් බාරදෙනවා. හැබැයි නිකන්ම බාරදෙන්නේ නෑ,ඊට කලින් ඔහුට එක එක පරීක්ෂණ දෙනවා ඔහු මේ වැඩේට ගැලපෙනවද බලන්න. ඉතින් මොනාද මේ පරීක්ෂණ? මොනාද සැන්ඩර්ට බාරදෙන්නේ? ඇයි සැන්ඩර් මේක බාරගන්නේ? කියන ඒවා දැනගන්නත් එක්ක මේ චිත්‍රපටිය නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. හොද ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්.

Comments