EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageපාට පාට හීන හොයාගෙන යන ගමනක්
අද අරගෙන ආවේ ඒකට හාත්පසින්ම වෙනස්, බලලා ඉවර වුණාම හිතට මාරම සැහැල්ලුවක් දැනෙන ලස්සන “Feel-Good” මූවි එකක්.
මේක අයිති වෙන්නේ Drama සහ Road Movie කියන කාණ්ඩ වලට. කතාව ගලාගෙන යන්නේ “ආතිරේ” (Aathirai) කියන තරුණිය වටා. එයා බැංකු රස්සාවයි, ගෙදර ප්‍රශ්නයි, ඒකාකාරී ජීවිතේයි මැද්දේ හිරවෙලා ඉන්න කෙනෙක්. දවසක් එයා තීරණය කරනවා මේ ඔක්කොම දාලා පොඩි රවුමක් ගිහින් එන්න. ඉතින් එයා යාලුවෙක් එක්ක කේරලාවට යන මේ ගමන එයාගේ මුළු ජීවිතේම වෙනස් කරන විදිහ තමයි මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන්. මේ ගමනෙදි එයාට හම්බවෙන “සායි” ඇතුළු අලුත් යාළුවෝ නිසා එයා ජීවිතේ අලුත් ඇහැකින් දකින්න ගන්නවා.
මේකේ ප්‍රධාන චරිතය වන ආතිරේ විදිහට රඟපාන්නේ අපි කවුරුත් දන්න, සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වුණ වගේම Bigg Boss තුළිනුත් කරළියට ආපු පූර්ණිමා රවී (Poornima Ravi). ඒ වගේම හරි මහදේවන් (Hari Mahadevan) තමයි මේ ලස්සන නිර්මාණය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.
මේ ෆිල්ම් එකේ තියෙන ලස්සනම දේ තමයි මේකේ Visuals සහ Music. නිකම්ම ෆිල්ම් එකක් බලනවට වඩා අපිත් ඒ අය එක්කම ට්‍රිප් එකක් යනවා වගේ හැඟීමක් තමයි මේකෙන් ලැබෙන්නේ. දැනටමත් ප්‍රේක්ෂකයන්ගෙන් ඉහළ ප්‍රතිචාර වගේම BookMyShow වගේ දර්ශක වල 9/10 කට ආසන්න අගයක් ගන්නත් මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.
හරි එහෙනම්, ඔයත් ජීවිතේ ප්‍රශ්න නිසා හිරවෙලා ඉන්නවා වගේ දැනෙනවා නම්, පොඩි නිවාඩුවක් ගන්න හිතිලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක් තමයි මේක.
එහෙනම් මෙතන ඉඳන් ඔයාට බාරයි..


