CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Yuvarathnaa (2021) | ” තාරුණ්‍යයේ සලකුණ ”

Yuvarathnaa කියන්නෙ කන්නඩ සිනමාවේ තවත් Action , Drama කාණ්ඩයේ චිත්‍රපටයක්.ඉතින් නම ගත්තම පොඩ්ඩක් ලංකාවෙ පුද්ගල නාමයක් වගේ වුනාට Yuvarathnaa කියන නමේ තේරුම තමා ” තාරුණ්‍යයේ සලකුන “ කියන එක.මේක මේ වසරේම අප්‍රේල් 1 වෙනිදා නිකුත් වෙලා අප්‍රේල් 9 වෙනිද වෙනකොටම Amazon Prime හරහා ඔර්ජිනල් වීඩියෝ පිටපත් අන්තර්ජාලයට එක් කෙරුනා.ඉතින් මෙච්චර ඉක්මනට ෆිල්ම් එකක ඔර්ජිනල් පිටපත් එනකොට හැමෝම හිතන්න පුළුවන් ෆිල්ම් එක ප්ලොප් කියලා.නමුත් සතියක් ඇතුලත ඉන්දියානු රුපියල් කෝටි 60 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වුනා.චිත්‍රපටයෙ අධ්‍යක්ශණය සිදු කලේ Santhosh Ananddram විසින්.

රංගනයෙන් එක් වෙන්නේ කන්නඩ සිනමාවේ ජනප්‍රිය නලු සෙට් එකේ ඉන්න තවත් නලුවෙක් වෙන Puneeth Rajkumar එක්ක දමිළ , තෙලිඟු සිනමා හරහා අපි හඳුනාගත් හුරුබුහුටි හැඩකාරිය Sayyesha විසින්.ඊට අමතරව Prakash Raj ත් මෙහි රංගනයෙන් එක් වෙනවා.

අධ්‍යාපන ක්‍රමය මූලික කරගෙන යන කතාවක් වුනත් හැමදේම මේකට අඩංගු කරල තියෙනව.ක්‍රියාදාම , ආදර ජවනිකා , විහිලු ජවනිකා මේ හැමදේම.කතාව ගැන මතක් කලොත් R C කියන්නෙ රජයේ විශ්ව විද්‍යාලයක්.සමීරා කියල ගෑනු ලමෙක් මේ කොලේජෙ එකේ සිය දිවි හානි කරගන්නවා..කොච්චර ඉගෙන ගන්න දක්ෂ ලමයෙක් උනත් එයාව අසමත් කරන නිසා.ඉතින් ජෝසප් ඇන්තනී කියන්නෙ පුද්ගලික විශ්ව විද්‍යාල පවත්වගෙන යන ගමන් රජයේ ඒව වහන තැනට කටයුතු කරන ව්‍යාපාරිකයෙක්.ඉතින් මිනිහගෙ මීලග ඉලක්කය වෙන්නෙ මේ R C කොලේජ් එක.

ඉතින් එතනින් එහාට මොනව වෙයිද කියල දැනගන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා.

Comments