EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageZeher (2005) | “පෙනෙන හැමදේම සත්‍යමද..?”
මේ ෆිල්ම් බලනකොට තේරෙනවා දැන් හින්දි ෆිල්ම් වල ගුණාත්මක භාවය කොච්චර පිරිහිලාද කියලා..අඩුම ගානේ කනට අහන්න පුළුවන් සිංදුවක්වත් නෑ..
ඉතින් මේක පරණයි කියලා නොබලා ඉන්න එපා අපරාදේ..මේකට සබ් එක කරන්න තවත් එක හේතුවක් තමයි මම ආසම හිංදි සිංදුවක් තියෙනවා මේකේ (Agar tum mil jao)..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. මේ ෆිල්ම් එකට රංරංගනයන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න Imran hashmi සමගින් Shamitha shetty..ඊට අමතරව සුරූපී උදිතා ගොස්වාමිත් මේකට රංගනයෙන් දායක වෙනවා..ඉතින් අභිෂේක් මෙහෙරා කියන්නේ සාර්ථක පොලිස් නිලධාරියෙක්..
ඒත් එයාගේ පවුල් ජීවිතේනම් එච්චර සාර්ථක නෑ..ඉතින් මෙයාගේ බිරිදත් පොලිස් නිලධාරියෙක්..මෙයා එයාට ජොබ් එකෙන් අයින් වෙන්න කියලා නීති දාපු හින්දා මෙයාගෙ බිරිඳ මෙයාව දාලා යනවා..ඉතින් ඔහොම ඉන්නකොට ඇනා වර්ගීස් කියලා කෙල්ලෙක් මෙයාගෙ ජීවිතේට එනවා..එතනින් එයාට සිද්ධාර්ත් පැටලෙන්නේ විසද ගන්න බැරි ප්‍රශ්න ගොඩකට..
මම මෙතනින් එහාට කිසිම දෙයක් කියන්න යන්නේ නෑ ඇත්තටම මේ ඇනා කියන්නේ කව්ද ???? සිද්ධාර්ත්ට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද ???? මේ හැමදේම දැන ගන්න පුළුවන් ෆිල්ම් එක බැලුවොත්..මේ ෆිල්ම් එක මග හැර ගන්න එපා එහෙම වුණොත් අපරාදේ..මුල ඉදන් අගට යනකල්ම ගොඩක් කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්..



