” A hundred memories” ඉතින් මේ කතාව 2025 සැප්තැම්බර් 13 වන දින සිට විකාශය වූ ආකර්ෂණීය නව කොරියානු නාට්‍ය මාලාවක්.

1980 ගණන්වල සෝල් නගරය මූලික කර ගෙන අංක 100  බස් සේවයේ කොන්දොස්තරවරු ලෙස සේවය කරන  කරන තරුණියන් දෙදෙනෙකුගේ ජීවිත වටා මේ කතාව කැරකෙයි. කිම් ඩාමි විසින් රඟපාන ගෝ යං-රයි, විශ්ව විද්‍යාලයකට යන්න සිහින දකින තමන්ගේ පවුලට සහයෝගය දක්වන්න වෙහෙස මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. ෂින් යේ-ඉයුන්, යං-රයිගේ සමීප මිතුරිය බවට පත්වන විශ්වාසවන්ත නවකයෙක් ඉතින් හැන්-පිල් නම් තරුණයෙක් එයාලගේ ජීවිතවලට ඇතුළු වෙන නිසා, මේ මිතුරියක් දෙදෙනාගේ මිත්‍රත්වය පරීක්ෂාවට ලක් වෙයි.

මේ කතාවේ අවධානය යොමු කරන්නේ මිත්‍රත්වය, පළමු ආදරය,  මිත්‍රත්වය වගේම කම්කරු පන්ති පසුබිමක ඉන්න තරුණියන්ගේ අරගල කෙරෙහි මිස ආදරය ගැනම නෙවේ,  1980 ගණන්වල අතීතාවර්ජනක් අදාළ චරිත සමග එකතු වී ප්‍රසංශනීය ලෙස නිර්මාණය කර ඇති නිසා කතාව රසවිදින ලෙස මම ඔබට ආරාධනා කරනවා.

ඒවගේම මේ කතාව හාස්‍ය රසයෙන් වගේම ආදරණීය දේවල් වලින්ද,ප්‍රචණ්ඩත්වයෙන්ද දකින්න ලැබෙනවා ඒ නිසා කතාවෙන් ඔයාලා තුළ කුතුහලයක් වගේම රසයක් ඇති කරයි.

ඉතින් අපේ තරුණ ගෑනු ළමයි දෙන්නා එයාලගේ මිත්‍රත්වය රැක ගනීද ?

එයාලා දෙන්නාගේ හීන වෙලට යන්න එයාලට පුලුවන් වෙයිද ?

1980 ගණන් වල කම්කරු පන්තියේ කාන්තාවන්ගේ ජීවිතය කෙබදුද ?

ඒක සැබවින්ම අත්විඳීමට නම් මේ ලස්සන කතාව නරඹන ලෙස මම ආරාධනා කරනවා

සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ ලොශා​නි විසින්.

Comments

November 6, 2025

A time called you dennako