ලී වූ-ග්යොම් කියන්නේ දරුණු දාම ඝාතකයෙක් වගේම වෛද්‍ය විද්‍යාව ගැන හසල දැනුමක් තියෙන කෙනෙක්. එයා පොලීසියට අහු වුණාට පස්සේ ලෝකෙම හොල්ලන ප්‍රකාශයක් කරනවා. එයා කියනවා එයා මිනිස්සු මැරුවේ විනෝදෙට නෙවෙයි, “පිළිකා ඇතුළු ලෝකේ කාටවත් සුව කරන්න බැරි රෝගවලට බෙහෙතක් හොයාගන්න කරපු පරීක්ෂණ නිසා” කියලා. එයා කියන විදිහට එයා ඒ බෙහෙත හොයාගෙන ඉවරයි! හැබැයි ඒ රහස එළි කරන්න නම් එයාව නිදහස් කරන්න වෙනවා.

මෙතනදී තමයි නීතිඥ පාක් හන්-ජූන් කරළියට එන්නේ. එයාගේ දුව මැරෙන්න ඉන්න ලෙඩකින් පෙළෙනවා. ඉතින් දුවව බේරගන්න ඕන නිසා, මේ මිනීමරුවව ආරක්ෂා කරන්න එයා ඉදිරිපත් වෙනවා. අනිත් පැත්තෙන් චා යි-යොන් කියන නීතිඥවරිය කොහොම හරි ලී වූ-ග්යොම්ට දඬුවම් දෙන්න දඟලනවා.

ඩ්‍රාමා එකේ නම “Bloody Flower” (රුධිර පුෂ්පය) වෙන්න හේතුව දැන් පැහැදිලිනේ? ජීවිතය කියන “මල” පිපෙන්න නම්, “ලේ” වලින් වතුර දාන්න ඕන කියන ක්‍රර තර්කය තමයි මේ මිනීමරුවා ගේන්නේ. මිනීමැරුම් ගොඩක් මැද්දෙන් ජීවිතයක් උපදිනවා කියන අදහසින් තමයි මේ නම දාලා තියෙන්නේ.

“මම මිනිස්සු 17 දෙනෙක් මැරුවා, හැබැයි ඒ වෙනුවට මම ලෝකය බේරගත්තා. ඉතින් අවසානයේදී… මරණ ගණන බිංදුවයි.”

️මිනීමරුවෙක් ළඟ ඇත්තටම ලෝකෙම බේරගන්න බෙහෙත තියෙනවා ඇද්ද?
️නීතිඥවරයා තමන්ගේ දුව වෙනුවෙන් තමන්ගේ හෘද සාක්ෂිය පාවා දෙයිද?
️අවසානයේ දිනන්නේ නීතියද? නැත්නම් අවශ්‍යතාවයද?

ඉතින් මේ ප්‍රශ්න ටික ඉතුරු කරගෙනම අපි කතාව මොනවගේද කියලා බලමු.

 

සිංහල උපසිරැසි ගැන්වීම Cineru.lk උපසිරැසි අංශයේ ​ප්‍රමුඛ විශ්වජිත් විසින්.

Comments

February 19, 2026

pls give taxi driver Kdrama i really want it pls