Creature Commandos (2024) TV Series | Season 01 Complete
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-07 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
DC රසිකයින් හැමෝවම සාදරයෙන් පිළිගන්නවා! මේක සුවිශේෂ උපසිරසියක්. මොකද මේ අරගෙන ඇවිත් තියෙන්නේ James Gunn ගේ සග Peter Safran ගේ නායකත්වය යටතේ නිර්මාණය වන අලුත් DC විශ්වයේ පළවෙනිම project එක වන “Creature Commandos” කතා මාලාවේ පළවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි යි. ඉතින් මේක අලුත් DC සිනමා විශ්වයේ පළවෙනිම ප්‍රොජෙක්ට් එක නිසා Creature Commandos ල ගැන කතා කරන්න කලින් අපි අලුතින් හැදෙන DCU එක ගැන කතා කරල ඉඳිමු.
DC Universe (DCU) හි ආරම්භය
සුපිරිවීර රසිකයෙක් නම් අනිවාරෙන්ම DC Extended Universe (DCEU) කියන එක අහලා තියෙන්න ඕනේ. DCEU කියන්නේ MCU එකත් එක්ක තරඟ කරන්න Warner Bros. ලා යටතේ හදාගෙන ගියපු චිත්‍රපටි පෙළටයි. නමුත් MCU එකේ වැදගත්ම දේ වුණු, Kevin Feigeගේ යටතේ සිද්ධවුණු central management එක DCEU එකට තිබුණේ නෑ. ඉතින් ඒ නිසා DCEU විශ්වයේ continuity එක විකාරයක් වෙන්න ගත්තා. ඒවගේම DCEU එක කවදාවත් MCU එක තරම් රසික ආදරයට ලක් වුණේවත්, සාර්ථකත්වයක් අත් කරගත්තේවත් නෑ. ඒ නිසා Warner Bros. ලා තීරණය කළා James Gunn ගේ නායකත්වයෙන් “DCU” නමින් අලුත් විශ්වයක් ආරම්භ කරන්න.
2023 ජනවාරි මාසයේ YouTube ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් James Gunn අලුත් DCU එකේ පළවෙනි කොටස එළිදැක්වුවා. “Chapter 1: Gods and Monsters” ලෙස නම් කරල තියෙන මේ පරිච්ඡේදය යටතේ නිකුත්වෙන ෆිල්ම්ස් සහ ටීවී සිරිස්වලින් කොටසක් මේ වීඩියෝවෙන් අනාවරණය කළා (සම්පූර්ණයෙන්ම පළමු පරිච්ඡේදය ම එළිකළේ නෑ).
- Creature Commandos – TV series / Animated
- Waller – TV Series / Live Action
- Superman – Movie / Live Action
- Lanterns – TV Series / Live Action
- The Authority – Movie / Live Action
- Paradise Lost – TV Series / Live Action
- The Brave and the Bold – Movie / Live Action
- Booster Gold – Movie / Live Action
- Supergirl: Woman of Tomorrow – Movie / Live Action
- Swamp Thing – Movie
ඒවගේම කියන්න ඕනේ මං මෙතන ඉදිරිපත් කළේ James Gunn 2023 ජනවාරිවල එළිකළ චිත්‍රපටි සහ ටීවි සීරිස් කීපය විතරයි. ඊටපස්සේ සැරින් සැරේ තවත් ප්‍රොජෙක්ට්ස් ගැන විස්තර කීපයක් එළියට ආවා. ඒත් ඒවයින් බොහොමයක් ගැන තාම හරියට විස්තරයක් ලැබිල නෑ. DCU එකේ තියෙන තවත් විශේෂ දෙයක් තමයි එකම චරිතය animated හෝ live action project එකක දකින්න ලැබෙනකොට එයාට හඬ කවන්නේ / රඟපාන්නේ එකම නළුවා/නිළිය වීම. ඒ කියන්නේ මේ සීරිස් එකෙන් Creature Commandosලට හඬකවන නළු නිළියන්ම තමයි ඉදිරියට DCU live action චිත්‍රපටිවල හෝ සීරිස්වල එයාලා විදියට රඟපාන්නෙත්.
Creature Commandos: කොමික් පසුබිම
දැන් අපි බලමු මේ Creature Commandos ලගේ කොමික් පසුබිම දිහා. Creature Commandos ලා මුලින්ම හඳුන්වා දෙන්නේ 1980 නොවැම්බරයේ නිකුත් වුණු Weird War Tales #93 කියන කලාපයෙනුයි. Project M කියන ව්‍යාපෘතිය යටතේ දෙවන ලෝක යුධ සමයේ Creature Commandos ලව නිර්මාණය කරන්නේ මහාචාර්ය මසුර්ස්කි යටතේයි. මුල්ම Creature Commandos කණ්ඩායමේ හිටියේ Warran Griffith (වර්වුල්ෆ් කෙනෙක්), J.A.K.E. (මෙයා තමයි මුල්ම G.I. රොබොට්), Dr. Myrra Rhodes (මෙඩූසා), Lieutenant Matthew Shrieve (කණ්ඩායම් නායකයා), Elliot Taylor (ෆ්රැන්කන්ස්ටයින් වගේ එකෙක්), Sgt. Vincent Velcro (වැම්පයර් කෙනෙක්).
New 52 යන නමින් DC කොමික්ස් තමන්ගේ විශ්‍වය reboot කරනකොට Agent of S.H.A.D.E. යටතේ අපට අලුත් Creature Commandos කණ්ඩායමක් හඳුන්වලා දුන්නා. මේ කණ්ඩායමේ ඉන්නේ Father Time (S.H.A.D.E. එකේ නායකයා), Dr. Ray Palmer (ඇටම්), බ්‍රයිඩ්, ෆ්‍රැන්කන්ස්ටයින්, ඩොක්ටර් නීනා මසුර්ස්කි (වතුරේ විතරක් හුස්ම ගන්න පුළුවන් දියකිඳුරියක් වගේ කෙනෙක්), Vincent Velcoro (වැම්පයර්), Warren Griffith (වර්වුල්ෆ් කෙනෙක්), Khalis (මමියක්)ගෙන් සමන්විත වෙනවා.
ඉතින් අපට මේ කතාමාලාවේ දකින්න ලැබෙන්නේ New 52 continuity එකෙන් inspire වෙච්ච Creature Commandos කණ්ඩායමක්. මේ කණ්ඩායමේ නායකයා විදියට ජෙනරල් රිචඩ් ෆ්ලෑග් ත්, සාමාජිකයන් විදියට ඩොක්ටර් පොස්පරස්, වීසල්, නීනා මසුර්ස්කි සහ බ්‍රයිඩ්ව දැකගන්න පුළුවන්. ඒවගේම ෆ්‍රැන්කන්ස්ටයිනුත් මේ කතාවේ ඉන්නවා.
Creature Commandos කතා මාලාවට මේ වෙනකොට IMDb 7.9ක අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 95%ක අගයකුත් ලැබිල තියෙනවා. ඉතින් මේ බලන්න යන්නේ හොඳ කතාවක් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි නේ. මේ කතා මාලාව ෆෑන්ස්ලා හඳුන්වන්නේ “Superman චිත්‍රපටියෙන් ප්‍රධාන භෝජන සංග්‍රහය පටන් ගන්න කලින් දුන්නු කටගැස්මක්” විදියටයි. එහෙනම්, ඔයාලම කතාව බලලා තීරණයකට එන්නකෝ.


















