Don’t Come Home (2024) TV Series | Season 01 | Complete
Year:2024
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-06 ✅
Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast Page
ඔයාලා ළඟදී අභිරහස්, බියජනක, තැතිගන්වන සුළු සහ විද්‍යා ප්‍රබන්ධ ආශ්‍රිත කතාමාලාවක් නැරඹූවෙ නැත්තම් මෙන්න මේක ඒ අඩුව පුරවන බවට මම සහතික වෙනවා.
ඉතිං මේ Don’t Come Home කියන්නේ තායිලන්තයේ නිෂ්පාදනය උන කතාමාලාවක්. එහෙම කිව්වම ඔයාලා අපෝ මේක මහ ලෝ බජට් ජරාවක් වෙන්න ඇති කියලා අහක දාන්න එපා. හොලිවුඩ් හයි බජට් වැඩත් චොර වෙන කාලේ නෙට්ෆ්ලික්ස්ලා අත ගහපු සුපිරි වැඩක් කියලා මේක නිර්දේශ කරන්න පුළුවන්. ඒ නිසා තමයි ඔක්තෝම්බර් මාසේ නිකුත් උන මේ කතාමාලාව 7.3ක IMDbක ඉහල අගයකුත් රොටන් ටොමෑටෝ වල 96%ක් සහ 95%ක දැවැන්ත ගූගල් මනාප හිමිකරගන්නත් සමත් වෙලා තියෙන්නේ. Shutter (2004), Alone (2007), Pee Mak (2014), Game of Death (2006) Home for Rent (2023) Phobia (2008), Phobia 2 (2009) වගේ නිර්මාණ බලපු අයටනම් තායි සිනමාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඉහත කිව්ව නිර්මාණ වලට අමතර තවත් හොඳ නිර්මාණ රාශීයක් තායි සිනමාවේ තියෙන බවත් මතක් කරන්න ඕන. මේ කතාමාලාවෙදි ප්‍රධාන චරිත විදියට Woranuch Bhirombhakdi වාරී ලෙසත්, Cindy Bishop පනිදා ලෙසත්, Pitchapa Phanthumchinda ෆා ලෙසත්, Ploypaphas Fonkaewsiwaporn මිස් ලෙසත්, Teerapat Sajakul යුටාචායි ලෙසත්, Pariit Thimthong ටේ ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා.
කතා ආරම්භය ගැනත් ඔයාලට පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම්. සිය ප්‍රචණ්ඩ සැමියගෙන් වෙන්වුන වාරී කියන තරුණිය තම පස් හැවිදිරි කුඩා දියණියත් එක්ක තමන්ගේ මියගිය මවගේ මහගෙදරට නැවත එන්නේ අළුතින් ජීවිතය පටන්ගන්න බලාපොරොත්තුවෙනුයි. තායිලන්තයේ ගම්බද පෙදෙසක ජනශුන්‍ය පළාතක තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඇත්තටම වාරීගේ කුඩා කාලෙන් පස්සේ අවුරුදු 30කට පස්සේ තමයි එයා ආපහු මේ ගෙදරට එන්නේ. මේ ගෙදරට ආපු පලවෙනි දවසේ ඉඳන් වාරීටයි එයාගේ චූටි දුව මින් හෙවත් මින්ටිරාටයි අද්භූත සිද්ධි කීපයකටම මූණ දෙන්න වෙනවා. ඒ මොනවද කියලා ඔයාලා පළවෙනි කොටස නරඹලම බලාගන්නකෝ. අනිත් එක තමයි සාමාන්‍යයෙන් හොලිවුඩ් ෆිල්ම්වල තියෙන අළුත් ගෙදරකට කට්ටියක් ගිහින් ඒ ගෙදර හොල්මනක් ඉන්නවා වගේ සුලබ කතාවක් ඔළුවේ තියාගෙන මේක් බලන්න එපා කියලා මම ඔයාලගෙන් ඉන්නවා. පේනවට වෙනස්ම, නොහිතන ජාතියේ අභිරහසකට ඔයාලව අරගෙන යන බව මම 100%ක් සහතික වෙනවා.









