කිම් සැන් හා එයාගේ තාත්තයි අම්මයි එක්ක Apartment එකේ තුන් වෙනි තට්ටුවෙ ජීවත් වෙනවා. තුන් වෙනි තට්ටුවෙ ඉන්න පවුලේ අයට දුවෙක් ඉඳලා තියෙනවා. මොකක් හරි අනතුරක් නිසා එයාලගෙ දුව නැති වෙලා තියෙනවා. ඒක නිසා ඒ පවුලේ අම්මා හරිම දුකින් ඉනනේ. එයාගෙ දුව මැරෙන වෙලාවේ සන්හාත් එයා එක්ක ඉඳලා තියෙනවා කියලා ඒ අම්මා සන්හාට දොස් පවරනවා එයාගේ නංගි තනියෙම මැරුණ එකට. ඉතින් ඒ අම්මට සන්හා පහළ තට්ටුවේ ඉන්න ජු වොන් එක්ක හිනා වෙලා කාලා බීලා සෙල්ලම් කරන එක දරාගන්න බැරි නිසා ඒ අම්මා ඒ පවුල දාලා යනවා.

ඒ වගේම යොන් ජූ වොන් එයාගේ තාත්තා එක්ක දෙවෙනි තට්ටුවේ ජීවත් වෙනවා. ජු වොන්ගේ අම්මා පොඩි කාලෙදිම මැරෙන නිසා එයාගේ තාත්තා එයාව තනියෙම හදලා තියෙන්නේ. ජු වොන්ට අයියා කෙනෙක්ව ඕන කියලා කරදර නිසා එයාගේ තාත්තා ආයෙත් කසාදයක් කරගන්න ලෑස්ති වෙනවා. ඒ බේ හියොං සොන්ගේ අම්මත් එක්ක. ඒත් ජු වොන්ට ඕන අයියා කෙනෙක් විතරයි වගේම අම්මා කෙනෙක්ව ඕන නෑ කියලා එයාගේ තාත්තා කසාද බඳිනවට කැමති වෙන්නෙ නෑ. ඉතින් කොහොම හරි ඒ දෙන්නගේ blind date එක නැවතුනාට පස්සේ මොකක් හරි සිද්ධියක් නිසා බේ හියොං සොන්ගේ අම්මා එක පාරටම අතුරුදන් වෙනවා. බේ හියොං සොන්ව එයාගේ නැන්දා ගාව දාලා යනවා. ඒ එයා සෝල්වල ඉන්න තැනක් හොයාගත්තට පස්සේ ආයෙත් බේ හියොන් සොංව ආයෙත් අරන් යන බලාපොරොත්තුවෙන්. ඒත් බේ හියොං සොන්ට එයාගේ නැන්දත් එක්ක ඉන්න අමාරු නිසා ජු වොන් ගේ තාත්තා හියොන් සොංව එයාගේ අම්මා එනකම් බලාගන්න ගන්නවා. ඒත් අවුරුදු ගාණක් යනකම් එයාගෙ අම්මා එන්නෙ නෑ.

ඉතින් මේ අය සහෝදරයෝ වගේ එකට ජීවත් වෙනවා. තුන්වෙනි තට්ටුවේ සොන්හායි එයාගේ තාත්තයි දෙවෙනි තට්ටුවේ හියොං සොන්, ජුවොන් වගේම එයාගේ තාත්තා ජීවත් වෙනව. ඉතින් සොන් හාගේ අම්මයි හියොන් සොංගේ අම්මයි ආයෙත් එයිද? ආවම එයාලට මොනවා හිතෙයිද කියලා ඔයාලම මේ කතාව බලලා දැනගන්න.

ඒ වගේම මේ කතාවේ චීන කතාව වෙන “Go ahead” කතාවත් බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මොකද කොරියන් එකට වඩා චීන එක හරිම ලස්සන නිසා. එහෙනම් මම මෙතනින් නවතිනවා.

ඉතින් මේ කොරියානු කතාමාලාවට සිංහල උපසිරැසි අරගෙන ආපු මම,

~ හංසන හෙට්ටිආරච්චි ~

Comments

May 29, 2025

Thank you so much..💝

July 2, 2025

aluth update eken passe TV series wala api balapu kotas Mark wenne nathi eka thamai awlakata thiyenne.