Cast
Go Full Cast Page
සුපුරුදු පාසල් කතා වලින් මිදිලා, මනෝවිද්‍යාත්මක ගැඹුරකට කිමිදෙන, අභිරහස් වලින් පිරුණු අලුත්ම කොරියානු කතා මාලාවක් අරගෙනයි මම අද ආවේ. නමින් “සුහද තරඟකාරීත්වය” වුණාට, මේ කතාවේ ගැබ්වෙලා තියෙන්නේ ඊට වඩා ගොඩක් අඳුරු, සංකීර්ණ බැඳීමක් ගැනයි. රටේ ඉහළම 1%ට විතරක් වෙන්වුණ අධි සුඛෝපභෝගී බාලිකා පාසලක් ඇතුළේ සිදුවෙන දේවල් දැක්කම, ඔයාලටත් හිතේවි මේක ඇත්තටම මිත්‍රත්වයක්ද, එහෙමත් නැත්නම් භයානක උමතුවක ආරම්භයක්ද කියලා.
කතාවේ ප්‍රධාන චරිතය “වූ සෙවුල් ගි”. පළාතක ළමා නිවාසයක හැදී වැඩුණු, කිසිම බලපෑමක් නැති, නමුත් ඉගෙනීමට අති දක්ෂ ඇය, චේහ්වා නම් වූ මේ ප්‍රභූ පාසලට මාරුවීමක් අරගෙන එනවා. හැමෝම බලය සහ මුදල් ගැන හිතන මේ ඉස්කෝලේ, සෙවුල් ගිට තමන් හරිම ආගන්තුකයෙක් වගේ දැනෙන්න පටන් ගන්නවා.
ඒත් එක්කම තමයි, එයාට මේ ඉස්කෝලේ ඔටුන්න හිමි කුමරිය වගේ ඉන්න යූ ජේ යීව මුණගැහෙන්නේ. ජේ යී කියන්නේ හැමදේකින්ම පරිපූර්ණ, ඉගෙනීමට දක්ෂ, පෝසත්, තමන්ගේ බලය ගැන හොඳින්ම දන්න කෙනෙක්. පුදුමයකට වගේ, මේ පාසලේ අංක එකේ ඉන්න ජේ යී, අලුතින් ආපු සෙවුල් ගි ගැන විශේෂ උනන්දුවක් දක්වන්න පටන් ගන්නවා.
මේ දෙන්නා අතර ඇතිවන බැඳීම, ටිකෙන් ටික මිත්‍රත්වයේ සීමාවන් පැනලා, අමුතුම උමතු සම්බන්ධතාවයක් බවට පත්වෙන්නේ කාටත් හොරෙන්. මේ සුහද මුහුණුවර පිටුපස සැඟවුණු රහස් මොනවාද? ජේ යීගේ සැබෑ අරමුණ කුමක්ද? මේ මිත්‍රත්වය අවසානයේදී ඔවුන් දෙදෙනාගේම ජීවිත විනාශ කරන මාරාන්තික තරඟයක් බවට පත්වේවිද? දැනගන්න නම්, මේ කතාව බලන්නම වෙනවා.
සිංහල උපසිරැසි ගැන්වීම Baiscope උපසිරැසි අංශයේ ප්‍රමුඛ සමරවීර විසින්.
- 1
Episode 1 Feb. 10, 2025 - 2
Episode 2 Feb. 11, 2025 - 3
Episode 3 Feb. 12, 2025 - 4
Episode 4 Feb. 13, 2025 - 5
Episode 5 Feb. 17, 2025 - 6
Episode 6 Feb. 18, 2025 - 7
Episode 7 Feb. 19, 2025 - 8
Episode 8 Feb. 20, 2025 - 9
Episode 9 Feb. 24, 2025 - 10
Episode 10 Feb. 25, 2025 - 11
Episode 11 Feb. 26, 2025 - 12
Episode 12 Feb. 27, 2025 - 13
Episode 13 Mar. 03, 2025 - 14
Episode 14 Mar. 04, 2025
Share
You May Also Like
Comments
October 10, 2025
October 11, 2025
October 11, 2025
October 11, 2025
October 11, 2025
October 11, 2025
October 15, 2025
October 23, 2025
October 23, 2025
November 3, 2025
November 4, 2025
November 8, 2025
November 8, 2025
November 8, 2025










