සුපුරුදු පාසල් කතා වලින් මිදිලා, මනෝවිද්‍යාත්මක ගැඹුරකට කිමිදෙන, අභිරහස් වලින් පිරුණු අලුත්ම කොරියානු කතා මාලාවක් අරගෙනයි මම අද ආවේ. නමින් “සුහද තරඟකාරීත්වය” වුණාට, මේ කතාවේ ගැබ්වෙලා තියෙන්නේ ඊට වඩා ගොඩක් අඳුරු, සංකීර්ණ බැඳීමක් ගැනයි. රටේ ඉහළම 1%ට විතරක් වෙන්වුණ අධි සුඛෝපභෝගී බාලිකා පාසලක් ඇතුළේ සිදුවෙන දේවල් දැක්කම, ඔයාලටත් හිතේවි මේක ඇත්තටම මිත්‍රත්වයක්ද, එහෙමත් නැත්නම් භයානක උමතුවක ආරම්භයක්ද කියලා.
කතාවේ ප්‍රධාන චරිතය “වූ සෙවුල් ගි”. පළාතක ළමා නිවාසයක හැදී වැඩුණු, කිසිම බලපෑමක් නැති, නමුත් ඉගෙනීමට අති දක්ෂ ඇය, චේහ්වා නම් වූ මේ ප්‍රභූ පාසලට මාරුවීමක් අරගෙන එනවා. හැමෝම බලය සහ මුදල් ගැන හිතන මේ ඉස්කෝලේ, සෙවුල් ගිට තමන් හරිම ආගන්තුකයෙක් වගේ දැනෙන්න පටන් ගන්නවා.
ඒත් එක්කම තමයි, එයාට මේ ඉස්කෝලේ ඔටුන්න හිමි කුමරිය වගේ ඉන්න යූ ජේ යීව මුණගැහෙන්නේ. ජේ යී කියන්නේ හැමදේකින්ම පරිපූර්ණ, ඉගෙනීමට දක්ෂ, පෝසත්, තමන්ගේ බලය ගැන හොඳින්ම දන්න කෙනෙක්. පුදුමයකට වගේ, මේ පාසලේ අංක එකේ ඉන්න ජේ යී, අලුතින් ආපු සෙවුල් ගි ගැන විශේෂ උනන්දුවක් දක්වන්න පටන් ගන්නවා.
මේ දෙන්නා අතර ඇතිවන බැඳීම, ටිකෙන් ටික මිත්‍රත්වයේ සීමාවන් පැනලා, අමුතුම උමතු සම්බන්ධතාවයක් බවට පත්වෙන්නේ කාටත් හොරෙන්. මේ සුහද මුහුණුවර පිටුපස සැඟවුණු රහස් මොනවාද? ජේ යීගේ සැබෑ අරමුණ කුමක්ද? මේ මිත්‍රත්වය අවසානයේදී ඔවුන් දෙදෙනාගේම ජීවිත විනාශ කරන මාරාන්තික තරඟයක් බවට පත්වේවිද? දැනගන්න නම්, මේ කතාව බලන්නම වෙනවා.

 

 

සිංහල උපසිරැසි ගැන්වීම Baiscope උපසිරැසි අංශයේ ප්‍රමුඛ සමරවීර විසින්.

Comments

Leave a Reply to Pawani Cancel

October 10, 2025

අඩේ Thank you so much Cinesubz🥹❤️ ithuru episodes tikath ikmanata denna❤️

October 11, 2025

Ithuru tika dennako heta dawal wenna kalin😐

October 11, 2025

Mokadda appa ithuru tika dennako

October 11, 2025

Ane thankyou cinesubz adarei 🤍

October 11, 2025

Ithuru tika ane🙏

October 11, 2025

Ithuru tika ane

October 15, 2025

Anith tika dennadda😐

October 23, 2025

anith epi denne naddaa

October 23, 2025

ithuru episodes tika denne ndda

November 3, 2025

@Cinesubz ස් baiscope.lk එකේ episode 9 දාලා තියෙන්නේ

November 4, 2025

@Cinesubz “Revenge of others” kiyala series ekak thiyenawa denna puluwanda

November 8, 2025

ane ithuri episodes tikth dannako

November 8, 2025

ithuru episodes tika dannako

November 8, 2025

Baiscope එකේ episode 10 දීලා තියෙන්නේ